Chitika Smowtion 468x60


Wednesday, April 4, 2012

වාහන ගොඩබෑම මින් ඉදිරියට හම්බන්තොට වරායයේදී පමණයි


කොලඹ වරායට පැමිණෙන වාහන පටවාගත් සියළුම නෞකා ඉදිරියේදී හම්බන්තොට වරායට හරවා යැවීමට රජය තීරණය කර තිබෙනවා.

හම්බන්තොට වරාය පසුකර යන නැව් 400න් දිනකට නැව් 4 ක් වත් එන බව උපකල්පනය කරමින් ඉදිකළ හම්බන්තොට වරායට නැව් පැමිණීමක් නොමැති නිසා චීනයෙන් ගත් මුදල්වලට අධික පොලී ගෙවීම් කරමිනුයි නඩත්තු කරමින් පවත්වාගන යන්නේ.

මැයි මස 31 වන දින සිට ක‍්‍රියාත්මක වන මෙම තීරණය අනුව මෙතෙක් කල් කොළඹ වරායෙන් ගොඩබෑම් කරනු ලැබූ වාහන හම්බන්තොට වරායෙන් ගොඩබෑ යුතු වනවා. බොහෝ වාහන වෙළඳසැල් පවතින්නේ කොළඹ හා මහනුවර නිසා ඒවා හම්බන්තොට සිට රැගෙන ඒමට ඒ අනුව වාහන වෙලඳසැල් හිමියන්ට අමතර වියදමක්ද සිදුවනවා.


නැව් ගෙන්වාගැනීමේ උත්සාහයක් වශයෙන් පසුගිය මාර්තු 30 වනදා හම්බන්තොට වරාය, ආයෝජන මණ්‌ඩල නීති රිති හා රෙගුලාසිවලින් නිදහස්‌, රේගු බදු වලින් හා විනිමය පාලන කොන්දේසිවලින් තොර නිදහස්‌ වරායක්‌ බවට පත් කිරීම සදහාවූ මුදල් පනතක්‌ පාර්ලිමේන්තුවේදී සම්මත කරගනු ලැබුවා.

මැයි 31වනදා සිට ක්‍රියාත්මක මෙම තීරණය අනුව හම්බන්තොට වරායේ සිදුවන ගොඩබෑම් සඳහා වරාය ගාස්තුවක් අය නොකරීමටද රජය තීරණය කර තිබෙන්නේ වරාය අධිකාරියට ලැබෙන මුදල් අහිමිවී ගියද හම්බන්තොට වරායට නැව් පැමිනෙනු දැකිය හැකි නිසාය

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රි ලංකා වරාය අධිකාරිය පවසන්නේ, කොළඹ වරායේදී වාහන ගොඩබෑමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් සැලකිල්ලට ගනිමින් ‍මෙම පියවර ගත් බවයි.






Source: http://www.gossip9.com/2012/04/blog-post_6901.html#ixzz1r10TFqOF

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends