හිටපු යුධ හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සරත් ෆොන්සේකා ජෙනරාල්වරයාට මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක් එල්ලවී වසර 6 ක් සම්පුර්ණවිම මෙම අප්‍රේල් මස 26 වෙනිදට සිදුවනවා.
මීට වසර 6 කට පෙර එම බෝම්බ ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ ඔබට දැනුන දේ ඔහුට දැනුම් දෙන්නට ඔබට පුළුවන් බව අප්සරා ෆොන්සේකා, ජෙනරාල්වරයාගේ දියණිය පවසනවා.
ඒ අනුව ඔබගේ එම අදහස් feelsf@dzone.lk වෙත දන්වා යැවිය හැකියි . එසේ නැතිනම් https://www.facebook.com/sarathfonseka නමැති ෆේස්බුක් පිටුවේ සටහන් කල හැකියි. මෙම සියලු අදහස් ජෙනරාල් ෆොන්සේකා වෙත යවන අතර මෙයින් වඩාත්ම හදවතට දැනෙන අදහස් 10ක් ඔහු විසින්ම තෝරන බවයි ඇය පවසන්නේ.
මෙසේ තෝරා ගන්න ලද අදහස් 10 යැවු අයට ඔහුව හමුවීමේ අවස්ථාවක් උදාකර ගත හැකි බවයි ඇය වැඩි දුරටත් පවසන්නේ.