Chitika Smowtion 468x60


Wednesday, April 4, 2012

අවුරුදු නිමාවත් සමඟ කැබිනට් සංශෝධනයක්


අලූත් අවුරුදු නිමාවත් සමඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති ජෝතිෂ්‍ය හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ක‍්‍රියාකාරී අධ්‍යක්ෂක සුමනදාස මහතා පවසයි. ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ ඔහු එම කාරණය හෙළිදරව් කර තිබේ.
ජනාධිපතිවරයා මෙම වසර මුලදීම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට අදහස් කර සිටියද එය පමා කළේ තමා විසින් දුන් උපදෙස් මත බව පවසා ඇති සුමනදාස මහතා, ඉදිරියේදී එවැනි කාර්යයකට සුභදායි බව තමා පසුගියදා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද එම නිලධාරීන් හමුවේ පවසා තිබේ. ජනාධිපතිවරයා තමාගේ රෝගී තත්ත්වයට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ නැවතී ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනාධිපති අරමුදලින් මුදල් වෙන් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර මේවනවිට ජනාධිපතිවරයාගේ විශ්වාසදායීම නිලධාරීන් දෙදෙනාවන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරුන්ද කැබිනට් සංශෝධනයක අවශ්‍යතාවය ජනාධිපතිවරයා වෙත අවධාරණය කර තිබේ. විදේශ අමාත්‍යාංශයේ පැහැදිලි වෙනසක් සිදු කළ යුතු බව අවධාරණය කර ඇති ඔහුන් දෙදෙනා, විදේශ අමාත්‍යවරයා ලෙස බැහැරින් හෝ පුද්ගලයකු පත් කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කර දී තිබේ. ඒ සඳහා සුදුසු අයකු ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට ගෙන විදේශ අමාත්‍යවරයා ලෙස පත් කිරීම වැදගත් බව ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends