Chitika Smowtion 468x60


Wednesday, May 2, 2012

එක්සත් වමේ මැයි රැලිය


වමේ මැයි රැලිය ගුණසිංහපුර පර. තයිස් පිටියේදී පැවැත් විණි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය, ලංකාවේ කොමියුනිට් පක්ෂය (මා ඕවාදී), සමාජවාදී පක්ෂය, සම සමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම, පීපල්ස් මාර්ච්, පරැට ක්සිස් සාමූහිකය, එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු දේශපාලන පක්ෂ, සංවිධාන හා වෘත්තිය සමති ඊට එක් වූහ. දෙමළ බසින් දේශනය පවත්වන ලද්දේ ජන අරගල ව්යා්පාරයේ ජාතික කමිටු සාමාජික කේ. තිරුබාහරන් මහතා විසිනි.

චමීර කොස්වත්ත මහතා - පෙරටුගාමී සමාජවාදී පක්ෂය


අද මෙතන පුළුල් වේදිකාවක් නිර්මාණය වෙලා තිබෙන්නේ වැඩ කරන ජනතාවගෙන් වමේ ව්යාුපාරයට එල්්ල වෙලා තිබෙන තෙරපුම නිසා. අපි අතරේ පරේ වතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. ඒවා නිරාකරණය වෙලා නැහැ. ඒ ගැන සාකච්ඡා කළ යුතුව තිබෙනවා. අපි වැඩ කරන ජනතාවගේ බලපෑමට හිස නමනවා. මේක පළමු පියවරක් විතරයි. තව බොහෝ දුර යා යුතුව තිබෙනවා.
අද නගර සභා පිටියේ සන්ධානයේ මැයි දිනය තිබෙනවා. රැකියා දෙන පොරොන්දුව පිට, රැකියා ස්ථිර කරන පොරොන්දුව පිට, තවත් විවිධ පොරොන්දු පිට ගෙනාපු පිරිස් එතන හිටවලා තිබෙනවා. නමුත් එතන කම්කරු අයිතීන් නැහැ. රැවටීම විතරයි තියෙන්නේ. අද රාජපක්ෂ රෙජීමය වඩා හොඳින් නව ලිබරල් ධනවාදයේ ඒජන්තයාගේ කාර්ය කරනවා. ඒකේ තවත් ධනපති කල්ලියකට ඉඩක් තියලා නැහැ. ඒ නිසා තමයි අද එක්සත් ජාතික පක්ෂයට යාපනයට පල්ලම් බහින්න වෙලා තිබෙන්නේ. එහෙම නැතිව ජාතික සමගිය නිසා නොවෙයි.
පරති තිසංස්කරණවාදී, සුභසාධනවාදි වුවමනාවන් එක්ක තවත් අය විවිධ තැන්වලට ගාල් වෙලා සිටිනවා. ඒවා කම්කරු පන්ති දේශපාලනය නොවෙයි.
කම්කරු පන්තියක් තියෙනවාද, ලංකාවේ කම්කරු පන්තිය මූලිකද, කම්කරු පන්තිය මූලික කර ගත් ගමනක් යන්න පුළුවන්ද වගේ විචිකිච්ඡාවක් අද සමාජයේ තියෙනවා. එවැනි සංවාදයක් නැහැ, නමුත් විචිකිච්ඡාවක් තිබෙනවා. අද වෙන කොට නව ලිබරල් ධනවාදය තුළ කෘෂිකාර්මික කම්කරුවා නිර්මාණය වීම ආරම්භ කරලා තිබෙන්නේ. මීට පෙර සිටි පූර්ණකාලීන ගොවියා අහෝසි වෙලා අර්ධකාලීන ගොවියෙක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතිරි කාලය ජිවත් වීම සඳහා වෙනත් තැනක ශර්ධ මය විකුණන්න වෙලා. දැන් සමාජයේ ස්වරූපය වෙනස් වෙලා. පන්ති ස්වරූපය මොකක්ද කියලා හඳුනා ගත යුතුව තිබෙනවා.
වැඩ කරන ජනතාවගේ පන්තියේ බහුතරය දන්නේ නැහැ තමන් අයිතිය මොන පන්තියටද කියලා. නිශ්පාදනයේ පරගේ තිලාභ බෙදී යාම අනුව වෙනුවට විවිධ නිෂ්පාදන අත්පත් කර ගැනීමේ හැකියාව අනුව පන්ති තීරණය කරන මනෝභාවයකට පැමිණ තිබෙනවා. ඒ නිසා කාර් කට්ටක් තියෙනවා නම් හිතනවා වැඩ කරන පන්තියේ නොවෙයි කියලා. ඔවුන්ට ඔවුන් අයත් වන පන්තිය ගැන අවබෝධය දිය යුතුව තිබෙනවා. තවත් විශාල පිරිසක් තමන් කම්කරුවෙක් කියලා දන්නවා. නමුත් සංවිධානය විය යුතුයි කියන අවබෝධය ඔවුන්ට නැහැ. ඔවුන්ට ඒ අවබෝධය දෙන්න ඕන. සංවිධානය විය යුතුයි කියලා හිතන බොහෝ දෙනෙක් ඉන්නේ වෘත්තිය සමිතිවාදය තුළ. නව සමාජ කරා මයක් හදන්න ඕන කියන අවබෝධය ඔවුන්ට නැහැ. ඒ අභියෝග අප හමුවේ තිබෙනවා.
ඊළඟට අද වෙන කොට කම්කරුවන්ට සමාජ ජීවිතය, විවේකය අහිමි වෙලා. ජීවිතය අහිමි වෙලා. අද හරියට නම් කම්කරුවා සටන් කරන්න ඕන පැය හයේ වැඩ දිනයක් ඉල්ලලා. මොකද දැන් පැය අටක් වැඩ කරන්න ඕන නැහැ, විනාඩි දහයක් වැඩ කරන කොට ධනපතියා අතිරික්ත වටිනාම සොයා ගෙන ඉවරයි. ඉතිරි පැය හතේම කරන්නේ සූරාකෑම. නමුත් අද කම්කරුවාට වෙලා තියෙන්නේ වැඩියෙන් වැඩ කරන්න. රැකියා කිහිපයක් කරන්න. එහෙම නැතිව ජීවත් වෙන්න බැහැ. ධනවාදය සංවර්ධනය ගැන පුරසාරම් කියනවා. ඒත් ඒ සංවර්ධනය නිර්ධන පන්තියට උරුමය නැහැ.
ඒ වගේම වැඩ කරන ජනතාව ජාති, ආගම්, කුල භේදවලින් භේද භින්න කරලා. අදත් ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් ඉන්නවා. ඒ විතරක් නොවෙයි පරදව ජාතන්තරබැහවාදය අහිමි කරලා.
මේ අර්බුද මෙහෙම තියෙද්දී තවත් අර්බුදයක් තිබෙනවා. ඒ තමයි, මේ අර්බුදයට උත්තරයක් සෙවිය නොහැකිවීමේ අර්බුදයට වම ගිහින් තිබෙනවා. ඒ නිසා දැන් අලූත් දේශපාලන භාවිතයක් කම්කරු ව්යාකපාරය තුළ පැන නැගිය යුත්තේ මේ අර්බුදයට උත්තරය මොකක්ද කියලා සොයා ගන්න. අද ඒ වෙනුවෙන් සාධනීය ඉදිරි පියවරක් තැබුවා කියා අපි විශ්වාස කරනවා.
විකරවෙනමබාහු කරුණාරත්න මහතා - නව සම සමාජ පක්ෂය
අද උසාවියට ගෙන ගිහින් බොරු නඩු පවරලා හිර කරන, නැත්නම් පැහැර ගෙන යන, අතුරුදහන් කරන භයානක තත්වයක් උදා වෙලා තිබෙන්නේ. දෙමළ ජනතාව එක් ලක්ෂ පනස් දාහක් විතර මරලා ජන ඝාතනයක් ඇති කළා. ගම් නියම් ගම් විනාශ කළා. සෞභාග්යහ ගැන කතා කර කර අභාග්යභ ගෙන ගියේ.
ජාත්යකන්තර මූල්යත අරමුදල ඇතුළු ණය දෙන ආයතනවලින් විශාල වශයෙන් ණය ගත්තා. සදාදරණීය මාතෘභූමිය ඇමරිකාවට, ඉන්දියාවට, ඊශරාතනවයලයට ගිවිසුම් ගහලා පාවා දීලා, බහු ජාතික සමාගම්වලට පාවා දුන්නා.
මේ සල්ලි අරන් කළ එක ව්යා.පෘතියකින්වත් මේ රටේ ජනතාවට පර ්ියෝජනයක් තියෙනවාද? කෝටි ගණනින් සාක්කු පුරවා ගත්තා. දැන් ඒ බර ජනතාව මට පටවනවා. රුපියල බාල්දු කළා. බැංකු පොලිය වැඩි කළා. සුභසාධන කැපුවා. අධ්යාටපනය ඉවරයි. අද සරසවි ආචාර්යවරුන්ට පාරට බහින්න වෙලා තිබෙනවා. රෝහල් නෑ. කම්කරු උසාවි, කම්කරු දෙපාර්තමේන්තු වැඩක් නැති ආයතන බවට පත් කරලා.
මීට විරුද්ධව අපි නැගී සිටින්න ඕන. මේ ආණ්ඩුව කරන්නේ අපේ රීරි මාංසය අරගෙන අධිරාජ්යදවාදීන්ට දෙන එකයි. රාජපක්ෂගේ සෙල්ලම ඒක. මේකට ධනේෂ්වර කරන‍තමය තුළ විකල්ප නැහැ. ඇත්තටම විකල්පය තිබෙන්නේ සමාජවාදය තුළ.
සිරිතුංග ජයසූරිය මහතා - එක්සත් සමාජවාදී පක්ෂය
2011 ටියුනීසියාවේ ඒකාධිපති පාලකයා පෙරළා දමන්න දහස් ගණන් ජනයා පාරට බැහැලා ඇරඹූ අරගලය අරාබිය, ලතින් ඇමරිකාව හරහා ආසියාව හරහා හමා යමින් තිබෙනවා. අවුරුදු 30-40 ඒකාධිපති පාලන ගෙන යන්න සූදානම් වුණු රාජපක්ෂ පන්නයේ පාලකයින් කෙසෙල් ගස් වගේ ඇද වැටෙන අවස්ථාවකයි අපි මේ මැයි දිනය පවත්වන්නේ. මහින්ද රාජපක්ෂ ඒක තේරුම් ගෙන තිබෙනවා. ඒ නිසා පවුල මූලික කර ගත් පාදඩ, පාතාල පාලනය ආරක්ෂා කර ගන්න හමුදාවේ පොලිසියේ බලයෙන් පුළුවන් කියා හිතාගෙන ඉන්නවා.
සන්ධානයේ මැයි දිනයේ තේමාව අංක එක රට. ඔව්, අපි කියනවා, ජනතාවට අංක එක රට තමයි. නමුත් අධිරාජ්යයවාදීන්ට රට විකුණපු තොපිට රට අයිති නැහැ. ඒ වගේම කණගාටුයි කියන්න ජනතා විමුක්ති පෙරමුණත් අධිරාජ්ය් විරෝධී පෙරමුණක් ගැන කතා කරනවා. අපි කියනවා, බීආර්සී ඉඳලා නගර සභා පිටියට වැඩි දුරක් නැහැ. පරණ වම අද රෙද්ද බේර ගන්න කිරුලපනට ගිහිල්ලා.
අද තිබෙන්නේ ධනපති කරඩි මයේ අවුරුදු හතකට, අටකට සැරයක් එන ජාතියේ අර්බුදයක් නොවෙයි. අද ධනවාදයේ මහා පරාත ඥයින් කියනවා, නව ලිබරල් ධනවාදය ඉවරයි, විකල්පයක් සොයන්න ඕන කියලා. මේ අර්බුදයට විකල්ප, උත්තර ධනවාදයට නැහැ. ඒකට උත්තර තියෙන්නේ කම්කරු පන්තිය අතේ. ඒ නිසා 21 වැනි සිය වස අයිතිය කම්කරු පන්තියටයි. සමාජවාදයටයි.
මහින්ද දේවගේ මහතා - සමාජවාදී පක්ෂය
පන්ති සටන වෙනුවට පන්ති සහයෝගිය ආදේශ කළ සියල්ලන් වැඩ කරන ජනතාවගේ විශ්වාසය බිඳ දැම්මා. ඒ වැටුණු විශ්වාසය යළි ඇති කරන්න, කම්කරු පන්තිය නැගී සිටුවන්න පක්ෂයක් ඕන. බෙදිලා ඉන්න දුක් විඳින ජනයා එකතු කරන්න ඕන. ඒ නිසා මේ සියලූ වාමාංශික කරින්තයාධරයින් එකතු වෙලා වමේ පක්ෂයක් ගොඩනැගිය යුතුයි කියන යෝජනාව මම මේ මැයි දින වේදිකාවේදී කරනවා. ධනපති පන්තිය පරාජය කරන්න පුළුවන් කම්කරු පන්තියට බව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා. අද වැඩ කරන ජනතාවට විරුද්ධව ධනපති කරන් මය ගෝලීය වශයෙන් ඒකාබද්ධ වී සිටිනවා. ඒ නිසා ඊට එරෙහිව වැඩ කරන ජනතාව සංවිධානය කළ යුතුයි.
සුරේන්ද්ර අජිත් මහතා - ශරී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය (මා ඕවාදී)
අධිරාජ්යරවාදය කොතනද තියෙන්නේ, එතන ජනතාවගේ අරගලය තිබෙනවා. ඒක සහතිකයි. ධනවාදය ජනතාව පීඩාවටපත් කරලා, ඒ හැම තැනම ජනතාවගේ විප්ලවීය ගිනිසිළුව දැල්වෙනවා. අපට තිබෙන්නේ රාජපක්ෂ රෙජීමය එළවීම විතරක් නොවෙයි, ඒකත් කළ යුතුයි, අපට ධනවාදයට එරෙහි සටනක් තිබෙනවා. ඒ සඳහා සියලූ බලවේග ඒකරාශී විය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම්, කඳුකරයේ සියලූම ජනතාව, විප්ලවවාදී බලවේග ඒකරාශී කිරීම අරමුණු කර ගෙනයි අපි මේ මැයි දිනය කරන්නේ.
සුමිත් චාමින්ද මහතා - පරැබ ක්සිස් සාමූහිකය
මීට දශක කිහිපයකට පෙර මිනිස් වර්ගයාගේ පැවැත්ම සම්බන්ධ මූලධාර්මික පරනය ශ්න සාකච්ඡා වුණා. මිනිසාගේ අනාගත ආර්ථික කරවර්මය, දේශපාලන කරඅප මය, ලිංගික සංස්කෘතිය ගැන සාකච්ඡා වුණා. නමුත් අද ඒ සාකච්ඡා නැහැ. ඉතිහාසය අවසන් කියලා ඇතැමුන් කියන්න පටන් ගෙන තිබෙනවා. අපි අද මේ මැයි දිනය පවත්වන්නේ ඒ අධිපතිවාදී දෘෂ්ටිවාදයට අභියෝගයක් ලෙස, පීඩිත පන්තියේ දේශපාලන අරගලය අවසන් නැහැ කියන පණිවිඩය දෙන්නයි.
චානක්යඅ සිල්වා - සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම
පන්ති සහයෝගීතා දේශපාලනය නිසා වමේ බලවේග සභාග ගොඩනගලා කම්කරු පන්තිය ධනපති පන්තියට ළං කරලා කම්කරු ව්යාාපාරය අඩපන කළා. අද කම්කරු පන්තිය වමේ දේශපාලනය සමග සංවිධානය කළ යුතුයි.
වසන්ත දිසානායක මහතා - පීපල්ස් මාර්ච්
මැයි දිනයෙන් කම්කරු පන්තියේ දේශපාලනය සංකේතවත් කෙරෙනවා. අද වන විට කම්කරු පන්තියේ දිනය කම්කරුවන්ට එරෙහිව යොදා ගැනෙමින් තිබෙන බව පේනවා. ස්වාභාවිකව පැන නගින කම්කරුවන්ගේ පරට තිසංස්කරණවාදී අරගලවලට කම්කරු සටන් සීමා කරන්න ඇතැමුන් පියවර ගෙන තිබෙනවා. මේ තත්වය වෙනස් කරන්න නම් කම්කරු පන්තියට විප්ලවීය දේශපාලනය ගෙන ආ යුතුයි.
දිමුතු ආටිගල මෙනවිය - නිදහස උදෙසා කාන්තා ව්යාතපාරයේ සභාපති, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකා
දියුණු ධනපති රටවල් පවා ආර්ථික වශයෙන් අර්බුදයට පත් වෙලා ඉන්න වෙලාවකයි අපි 2012 මැයි දිනය පවත්වන්නේ. ඒ වගේම අලූත් බලාපොරොත්තුවක් ඇතිවයි. ධනපති කර201මය විසින් කාන්තාවන් පීඩාවට පත් කර තිබෙනවා. ඒ පීඩාවට පත් වුණු කාන්තාවන් සංවිධානය කිරීමේ වගකීම වමේ ව්යාවපාරයට පැවරී තිබෙනවා.
ලීනස් ජයතිලක මහතා - එක්සත් කම්කරු සම්මේලනය
කම්කරුවන් තනිවම සංවිධානය වුණත් ධනපති පන්තියේ පරම්මහාරයට මුහුණ දෙන්න ශක්තිමත් පදනමක් ඕන. දේශපාලන ශක්තියෙන් ගොඩනැගූ මධ්යරස්ථානයක් ඕන. අපි අද සිට අනෙකුත් ජන කොටස් සමග එකතු වී තීරණ ගත යුතුයි. ධනේෂ්වර කරේල මය මර ඇඳේ ඉද්දී අපි එකතු වී පරජන හාර එල්ල කරන්නේ නැත්නම් අපි පරාජය වනවා විතරක් නොවෙයි, අනාගත පරම්පරාවන්ද විනාශයට ඇද දැමීමක් වෙනවා.






Source - lankanewsweb.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends