Chitika Smowtion 468x60


Wednesday, May 2, 2012

රට එකට පසෙක තබා, නිල් බලකාය එකට ගනී


'රට එකට' යන තේමාව යටතේ පැවති ආණ්ඩුවේ මැයි දින පෙලපාලියේදී සන්ධනාය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසෙකලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීරයාගේ 'නිල් බලකාය එකට' ගැනීමට මැයි දින සංවිධාන කමිටුවේ ප්‍රධානී ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කර තිබේ. ඒ අනුව ආණ්ඩු පක්ෂ මැයි දින පෙළපාලියෙන් ඉදිරියෙන් ම ගමන් කරනු ලැබුවේ නිල් බලකා සාමාජිකයින්ය.
මෙතෙක් පැවති සම්ප්‍රදායට අනුව ආණ්ඩුවේ මැයිදින පෙළපාලියේ මුලින්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන බැනරය යටතේ සන්ධානයේ නායකයින් ගමන් කිරීමවත්, අනතුරුව සන්ධානයේ ප්‍රධාන පක්ෂයවන ශ්‍රී ලංකා නිදහස් පක්යේ බැනරය යටතේ ශ්‍රීලනිප මහලේකම්වරයා ඇතුලූ ප්‍රධාන නිලධාරීන් ගමන් කිරීමත් සිදු විය. එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත කියමින් යැයි කියමින් පෙළපාලි ගමන් ලැයිස්තුවේ නිල් බලකායට පෙරට ගැනීම පිළිබඳව විරෝධය පළකරමින් එම පක්ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයා පක්ෂ බැනරය යටතේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. පෙළපාලිය ආරම්භයේදී එයට සහභාගි නොවූ ශ්‍රීලනිප මහලේකම්වරයා බොරැල්ල කැම්බල් පිටියේ සිට පෙළපාලිය සංවිධානය කරනු ලැබීය. ශ්‍රීලනිප බැනරය යටතේ පෙළපාලියට එක්වන ලෙස සංවිධායකයින් කිහිපවරක් දැනුම් දෙනු ලැබුවද ඔහු එය මායිම් කොට නැත.
තවද මෙවර සන්ධාන බැනරය යටතේ ද සන්ධානයේ කිසිදු නායකයකු සහභාගි නොවීය. එම තත්ත්වය යටතේ සන්ධාන බැනරය යටතේත් ශ්‍රීලනිප බැනරය යටතේත් පෙළපාලියේ ගමන් කළේ නාමල් රාජපක්ෂ මහතාගේ නිල් බලකායේ ප්‍රධානීන්නය.
ආණ්ඩුවේ මැතිඇමතිවරු තම තමන්ගේ බලය ප්‍රදර්ශන කරමින් ඔවුන්ගේ ආසන සංවිධාන බැනර් යටතේ පෙළපාලියට සහභාගි වීය. වෙනදා පැවැති මැයි දින පෙළපාලි වලදී ජනාධිපතිවරයාගේ දැවැන්ත කටඅවුට් සහ ප්‍රදර්ශන රථ ගෙන ගිය ඇමතිවරු මෙවර තම තමන්ගේ ප්‍රතිරූප ඉස්මතුවන ආකාරයනේ කටයුතු කර තිබීම කැපී පෙනන ලක්ෂණයක් විය.

Source - lankanewsweb.com

Share this article with your friends