Chitika Smowtion 468x60


Wednesday, May 2, 2012

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය


මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අද නන්නත්තාර වෙලා. එයාගේ ආණ්ඩුවේ ඉන්න පරණ වමේ උදවිය. වෙනම මැයි රැලි පවත්වනවා. තවත් කණ්ඩායම් වෙන වෙනම රැස්වී ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේත් මැයි රැලි දෙකක් තියෙනවා.
සෝමවංශ අමරසිංහ සහෝදරයා


අපි අද සමරන්නේ ඓතිහාසික මැයි දිනයක්. ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අභ්‍යන්තර සහ භාහිර සතුරන් එක්වී දියත් කළ කුමන්ත්‍රණය අප සියලූ දෙනාගේම එක්වීමෙන් පරාජය කර තිඛෙනවා. පසුගිය අවුරුද්දේ මැයි දිනය සමරන අවස්ථාවේදී අපේ බොහෝ සහෝදර සහෝදරියන් පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණයක් තිඛෙන බව දැනගෙන හිටියේ නැහැ. නමුත් කුමන්ත්‍රණය හෙළිවී කෙටි කාලයක් තුළ එය සම්පූර්ණයෙන් පරාජය කිරීමෙන් පසුවයි අපි මේ ජයග්‍රාහී මැයි දිනය සමරන්නේ. අධිරාජ්‍යවාදය මේ වනවිට අවසන් හුස්ම හෙලමින් තිඛෙනවා. දැන් මරලතෝනියෙන් කටයුතු කරනවා. මේ පසුබිම තුළ අපිට විරුද්ධ කුමන්ත්‍රණ අවසාන නැහැ. සමාජවාදය ඉදිරියට යන්නේ ප්‍රතිවිප්ලවයත් අරගෙනමයි.

ගිය අවුරුද්දේ අපේ මැයි දින වේදිකාවේ අප්‍රිකානු නියෝජිතයින් හිටියා. මේ අවුරුද්දේ ඉන්දියාවෙන් ඇවිත් ඉන්නවා. ලබන අවුරුද්දේ මැයි දිනයේදී ලතින් ඇමරිකාවෙන් හා යුරෝපයෙන් අධිරාජ්‍ය විරෝධී කඳවුර ශක්තිමත් කරන ජාත්‍යන්තර සහෝදරත්වය අපත් සමග අත්වැල් බැඳගනු ඇත. අධිරාජ්‍යවාදය පරද්දන්න ක්‍රියාකරන කොට මුළු ලොකයම අත්වැල් බැඳගන්නවා. අද අධිරාජ්‍යවාදයට නායකත්වය දෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය බව අපි කවුරුත් දන්නවා. හැබැයි එක දෙයක් තේරුම් ගන්න ඕනෑ. එක්සත් ජනතපද ජනතාව සහ අධිරාජ්‍යවාදී ආණ්ඩුව එකක් නොවේ දෙකක් බව පැහැදිලිව තේරුම්ගෙන සිටීම වැදගත්. අධිරාජ්‍යවාදී කඳවුර ශක්තිමත් කිරීමට ඇමරිකාවත් සමග මහා බි්‍රතාන්‍ය ප්‍රංශය වගේ රවල් අත්වැල් බැඳගෙන සිටිනවා. ඒ වගේම අමතක නොකළ යුතු තවත් රටක් තියෙනවා. එයා ඉන්නේ යටින් හංගිලා. ඒ ඕස්ටේ්‍රලියාව. අපේ රටේ සමාජවාදය ගොඩනැගීමට එරෙහිව ඇමරිකාව එන්ගලන්තය හරහා ඕස්ටේ්‍රලියාවත් එන්න පුළුවන්. අපි ඒ සියලූ අධිරාජ්‍යවාදී බලවේගවලට මුහුණදීමට සූදානම්. ඒ බලවේග පරාජය කිරීමට ජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි. පසුගිය මාස කිහිපය පුරා පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ පරාජය කිරීමට දිවා රෑ නොබලා කටයුතු කළ දුක් කම්කටොලූ විඳි ජනතාව අද මෙතනට එකතුවී සිටිනවා. අපේ පක්ෂයට කිසිම අඩුවක් නැහැ. පීඩිත පන්තියේ ශක්තිය හැම අතින්ම අපට ලැබී තිඛෙනවා. රෝහණ විෙජ්වීර සහෝදරයා හදා දුන් පක්ෂය ආරක්ෂා කරන්නේ මේ රටේ පීඩිත ජනතාව. ජනතා විමුක්ති පෙරමුණ විසින් පෙරලා ආරක්ෂා කරන්නේ ඒ පීඩිත ජනතාවගේ අභිමානවත් බලාපොරොත්තුව වූ සමාජවාදයයි. අපි සමාජවාදය කරා ජයග්‍රහණයෙන් පියනගනවා.
අපට හෙට දිනයේදී ලොකු ප්‍රශ්න විදසන්න තිඛෙනවා. ඔබ සියලූ දෙනා සමග එක්ව කටයුතු කරමින් ඒ සියලූ අභියෝග ජයගත හැකියි. අධිරාජ්‍යවාදයේත් ධනවාදයේත් අභියෝග පරාජයට පත්කළ හැකි ශක්තිය හා ධෛර්යෙන් යුත් ඔබ සියලූ දෙනාවම මම මේ අවස්ථාවේදීම වැලඳගන්නවා. මේ රටේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කිරීමට තව ඉතිරිව ඇත්තේ ජීවිත පරිත්‍යාග කිරීමට නම් ඒ සඳහා අප සූදානම්. ජීවිත පරිත්‍යාගයෙන් පීඩිත පංතියේ අපේක්ෂාවන් ඉටුකරන බවට සහතික වෙනවා. ජාතික හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරාජය කර අවසානය දක්වා සටන් කිරීමට මේ පක්ෂයට හැකියාව තිඛෙනවා. අපේ පක්ෂය යටකරන්න සමත් බලවේගයක්. හැදිලත් නැහැ. හෙට දවසේදී හැදෙන්නෙත් නැහැ.
පොලීසියේ මහත්වරුන්ටත් එක දෙයක් මතක් කළ යුතුයි. ඒ මහත්වරුන් අපට බැටන් ප්‍රහාර එල්ල කරන බව ඇත්ත. කඳුළු ගෑස් ගහන එකත් ජල ප්‍රහාර එල්ල කරන එකත් ඇත්ත. ඉහළ නියෝග පිළිපදින ඒ මහත්වරු අපේ පන්තියේ මිනිස්සු. ඒ අයට වෘත්තීය සමිති පිහිටුවන්න අයිති නැහැ. ඒත් ඇට ලේ මස් තියෙන මිනිස්සු. ඒ අයගේ ප්‍රශ්න විසඳන්නත් මේ ධනවාදයට බැහැ. ඒ බව පැහැදිලිව තේරුම් ගන්න ඒ අයගේ වැඩක්. හෙට දවසේදී පැන නගින මහජන අරගලයට ඒ අයත් එකතු කර ගැනීම අවශ්‍යයි.
අද වෙනකොට ලෝකයේ නගර 950කට වැඩි ගණනක විරෝධතා ව්‍යාපාර පැවැත්වෙනවා. ඒකට ලංකාවත් අයිතියි. අධිරාජ්‍ය විරෝධී සටන අද තනිවම කළ හැකි දෙයක් නොවෙයි. ඒකාබද්ධ සටනක් තියෙන්නේ. ඒ සටන ඉදිරියේ අධිරාජ්‍යවාදය වියරු වැටී ඉන්නවා. ඒ වියරුවට සටන් නවත්වන්න බැහැ. යුරෝපය පුරාම දැන් සටන් පටන් අරන් ඉවරයි. දැන් සටන්වැදී සිටින සියලූම දෙනාට අපි අපගේ සහයෝගය පළ කරනවා. ලෝකය පුරාම ආර්ථීකය කඩා වැටිලා. තියෙන්නේ සෘණ ආර්ථීකයන්. මිනිස්සු දුක් විඳින අධිරාජ්‍යවාදය තවදුරටත් තියාගෙන ඉන්නේ මොකටද? අනිවාර්යෙන්ම එය පරාජය කළ යුතුයි.
අපේ රටේ ජනතාව තේරුම්ගත යුතු තවත් දෙයක් තියෙනවා. මහින්ද රාජපක්ෂට වඩා වැඩි දෙයක් රනිල් වික්‍රමසිංහට කරන්න බැහැ. මේ දෙගොල්ලටම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අධිරාජ්‍යවාදය ඉදිරියේ දණගැසීම විතරයි. ජාතික ආර්ථීකයක් ගැන මහින්ද රාජපක්ෂ මහතා කීවාට එහෙම එකක් මේ රටේ නැහැ. රුපියලේ අගය කඩා වැටෙනවා. බේරාගන්න ඩොලර් පොම්ප කරනවා. ඒ නිසා ඩොලර් හිගයක් ඇතිවී තිඛෙනවා. විදේශ විනිමය හිදෙනවා. ආර්ථීක අර්බුදය ලෝකයේම පවතින්නේ මේ ආකාරයට. ඔබාමාට එයාගේ රටේ ආර්ථීකය ගොඩගන්න බැරි වුණා. එහෙ තියෙද්දී ඔබාමාට බැරිවූ සේ මේ ධනවාදය යටතේ මහින්ද රාජපක්ෂ කරන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ කරන්නේ කොහොමද? ඒක කරන්න බැරි දෙයක්.
වැඩකරන ජනතාවගේ බරපතල ප්‍රශ්න මතුවී තිඛෙනවා. එදා ඇමරිකාවේ අරගල කළේ පැය අටක වැඩ දිනයක් ඉල්ලලා. අද අධිරාජ්‍යවාදය නැවත වතාවක් පැය 16ක වැඩ දිනයක් කි්‍රයාත්මක කරමින් සිටිනවා. ලංකාවටත් මේ තත්වය ගේන්න පුළුවන්. එයට එරෙහිව අවසන් අරගලයට අප සූදානම් විය යුතුයි. මේ සටනේදී වැඩකරන ජනතාවට වගේම සාහිත්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු නිර්මාණකරුවන්ට විශාල වගකීමක් පැවරී තිඛෙනවා. ඒ වගේම මානව හිතවාදීන් පරිසරවේදීන් වගේ සියලූ දෙනාත් මේ සටනට ඒකාබද්ධ විය යුතුයි. වෙන වෙනම සටන් නැහැ. අධිරාජ්‍ය විරෝධී පළල් පෙරමුණ ගොඩනගන්න සියලූ දෙනා. එක්වන්න. වෙන කිසිම විසඳුමක් ඉතිරිවී නැහැ. අධිරාජ්‍යවාදයට විනාශය. ජනතාවට විමුක්තිය. සමාජවාදයට විජයග්‍රහණය.
ටිල්වින් සිල්වා සහෝදරයා


හෙට දවසේ ජය ගැනීමට අභියෝග රාශියක් අප හමුවේ තිඛෙනවා. මේ මැයි දිනය වැදගත් වන්නේ ඒ අභියෝග ජයගත හැකි ශක්තියක් ජනතාව තුළ ගොඩනගා ගැනීමටයි. අප හමුවේ තිඛෙන ප්‍රධාන අභියෝගය ධනවාදය සහ අධිරාජ්‍යවාදය යන දෙකම එකට ගෙන පරාජයට පත්කිරීමයි. අධිරාජ්‍යවාදය පරාජය කිරීමෙන් සමාජවාදී පාලනයක් ඇතිකරගත යුතු වෙනවා. මේ කටයුත්ත සරල නැහැ. අපි හමුවේ තිඛෙන්නේ බලගතු අධිරාජ්‍යවාදී අභියෝගයක්. මේ අභියෝගය ජයගැනීමට අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය ගොඩනැගීම අවශ්‍යයි. ඒ අලූත් ගමනට අපි සූදානම්. අධිරාජ්‍ය විරෝධී අලූත් දේශපාලන මධ්‍යස්ථානය ගොඩ නගන්න අපි සූදානම්. නව සමාජයක අරුණාලෝකය දකින්න යායුතු ගමනට අප සූදානම්. මේ පණිවිඩය රටපුරා ගෙන යා යුතුයි. අභියෝගය දිනන්න ශක්තිය හා ධෛර්ය එක්තැන් වන්නේ ජනතාව සංවිධානය කිරීමෙන් විතරයි. එය කළ නොහැකි දෙයක් නොවන බව අප සහතික කර අවසන්. ජනතා විමුක්ති පෙරමුණ ඛෙදා වෙන්කිරීමට දියත් කර තිබූ කුමන්ත්‍රණය පරාජය කිරීම නිසාම අපට කළ හැකි බොහෝ දේ ගැන අලූතින් විශ්වාසයක් ගොඩනැගී තිඛෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීමට අධිරාජ්‍යවාදීන් සමග අත්වැල් බැඳගෙන කළ කුමන්ත්‍රණය සුළුපටු එකක් නොවෙයි. ඒක බරපතල බිහිසුණු කුමන්ත්‍රණයක්. එවැනි මහා කුමන්ත්‍රණයක් පරාජය කළ හැකි වූයේ වැඩකරන ජනතාවගේ ආශිර්වාදය සහයෝගය සහ අධිෂ්ඨානශීලී කැපවීම නිසයි. මේ අප්‍රමාණ කැපකිරීම් කළ සියලූ දෙනාට අපේ ආචාරය පුද කරනවා.
අද කොළඹ නගරයේ මැයි දින ගණනාවක් පැවැත්වෙනවා. ඒ අතරින් සැබෑ රතු මැයි රැලියක් පැවැත්වෙන්නේ ජනතාව විමුක්ති පෙරමුණේ විතරයි. දෙහිවල සරණංකර ක්‍රීඩාපිටියෙන් ආරම්භ කළ පෙළපාළිය බී.ආර්.සී. පිට්ටනියට එනකොටත් පෙළපාලියේ අවසානය සරණංකර ක්‍රීඩාපිටියේම තිබීම විශේෂයක්. එහෙම දෙයක් කළ හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව මේ රතු මැයි රැලියෙන් සහ පෙළපාළියෙන් ඔප්පු කර තිඛෙනවා. අධිරාජ්‍යවාදය පැරුද්ද විය හැක්කේ ජතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන්ම පමණක් බව නැවත නැවතත් සනාථ කර තිඛෙනවා. මේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් සමාජවාදී සමාජයක් නිර්මාණය කළ හැක්කේත් ජනතා විමුක්ති පෙරමුණට පමණක් බව ඔප්පු කර අවසන්.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අද නන්නත්තාර වෙලා. එයාගේ ආණ්ඩුවේ ඉන්න පරණ වමේ උදවිය. වෙනම මැයි රැලි පවත්වනවා. තවත් කණ්ඩායම් වෙන වෙනම රැස්වී ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේත් මැයි රැලි දෙකක් තියෙනවා. ධනපති පන්තිය ඛෙදී ඇති බව දැන් හොදටම පැහැදිලියි. ඒ වගේම දේශපාලන කුණු බක්කියේ ඉන්න සරණාගතයෝ ටිකක් පුංචි මැයි රැලියක් පවත්වා තිඛෙනවා. මේ සියලූ තත්වයන් එක්ක ජනතා විමුක්ති පෙරමුණ බී.ආර්.සී පිටියේ පවත්වන මේ රතු මැයි රැලියට සියලූ බලවේග ඒකරාශී කරගෙන තිඛෙනවා. කම්කරු, ගොවි, ශිෂ්‍ය, තරුණ, කාන්තා ධීවර මේ බලවේග සියල්ලම ඒකරාශී කරගත් දැවැන්තම මැයි රැලිය පවත්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි.
1965දී මැයි 14 වනදා ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන අවස්ථාවේ රෝහණ විෙජ්වීර සහෝදරයා දැක්ක හීනයක් තියෙනවා. අපි ඒ හීනය කරපින්නාගෙන ආවා. පක්ෂයේ නිර්මාතෘ සදාදරණීය රෝහණ විෙජ්වීර සහෝදරයා දැක්ක ඒ හීනය හැබෑ කිරීමේ වගකීම අප මත පැටවී තිඛෙනවා. අද මේ වෙනකොට ඒ සමාජවාදී හීනය හැබෑ කරගැනීමේ දවස දිනෙන් දින ළගා වෙමින් තිඛෙනවා. ලෝකය පුරාම තියෙන තත්වය මීට සමානයි. ඊයේ ස්පාඤ්ඤයේ දැවැන්ත කඩාවැටීමක් සිදුවෙලා. ආණ්ඩුවක් තියෙනවද කියලාවත් හොයාගන්න බැහැ. පෘතුගාලය කඩා වැටිලා. ග්‍රීසියෙත් එහෙමයි. අධිරාජ්‍යවාදී ලෝකය දෙදරනවා. අධිරාජ්‍යවාදී රටවල් හරහා සුනාමියක් හමාගෙන යනවා. කාල් මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ සදහන් කළ ආකාරයට ධනවාදය විනාශය කරා යමින් තිඛෙනවා. 21 වෙනි සියවස සමාජවාදියේ සියවස බව දැන් හොදින්ම ඔප්පුවී තිඛෙනවා. අධිරාජ්‍යවාදය බිදවැටෙනකොට මහින්ද රාජපක්ෂ පාලනය ගැන කතා කතාකරලා වැඩක් නැහැ. මේ ආර්ථීකයට ලි්‍යුකේමියාව හැදිලා. ආර්ථීකය කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. ප්‍රාග්ධනය ලාභ උපද වන්නේ නැහැ. වත්කම් නිර්මාණය කරන්නේ නැහැ. මිනිසෙකුට ලි්‍යුකේමියා රෝගය හැදුනා හා සමානයි. සෑම ව්‍යාපෘතියක්ම අසාර්ථකයි. ඒ අසාර්ථක කම නිසා ආණ්ඩුවේ පණ ගැටගසා ගැනීමේ එකම මාර්ගය ජනතාව මත බදු බර පැටවීම විතරක් කරගෙන. වෙන විකල්ප නැහැ. අද වෙනකොට පාන් පිටි මිල රුපියල් 100ට ආසන්නයි. අඩුවකට තියෙන්නේ රුපියල් 1.50ක් විතරයි. මේකෙන් පැහැදිලි වන්නේ ජනතාව මත බදු බර පටවා ඇති ප්‍රමාණය.
අනෙක් අතට මේ ආර්ථීකය ජනතාවට කිසිම සහනයක් ලබාදී නැහැ. සංවර්ධනය මිත්‍යාවක් බවට පත්වෙලා. රැකියා කිසිවක් නිර්මාණය කරන්නෙ නැහැ. බිඳවැටීම් හැම පැත්තෙන්ම තියෙන බව මහජනතාවට දැනෙන්න පටන්ගෙන. දැන් මේ ප්‍රශ්නයට තියෙන්නේ එකම උත්තරයයි. ධනවාදයත් එක්ක මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආණ්ඩුවට ආයුබෝවන් කියන එක විතරයි. ඒ වගේම අධිරාජ්‍යවාදයත් එක්ක ධනවාදයට ආයුබෝවන් කියන එක විතරයි. අධිරාජ්‍යවාදය තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රට භයානක තැනකට ගෙනවිත් තිඛෙනවා. වෙනම පරිච්ඡේදයක් පටන් ගෙන තියෙනවා.
ශී්‍ර ලංකාවට විරුද්ධව ඉතිහාසයේ පළවෙනි වතාවට අධිරාජ්‍යවාදී ආයතන ඇතුලේ යෝජනා සම්මත කරගෙන තියෙනවා. අඩුම ගානේ ඇමරිකානු යෝජනාවවත් පරද්දන්න බැරි ආණ්ඩුව අධිරාජ්‍යවාදය පරද්දන්නේ කොහොමද. මහින්ද රාජපක්ෂ මහත්තයා අධිරාජ්‍ය විරෝධී සටන් පාඨ කියන්නේ ඇත්තටම නොවෙයි. ජතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරිව අවධානය වෙනතක යොමු කරන්න බොරු අධිරාජ්‍ය විරෝධයක් මවා පානවා.
2007දී ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ආත්සන් කළා. අධිරාජ්‍යවාදීන් මහින්ද රාජපක්ෂ පාලනය දිගටම පවත්වාගෙන යමින් තමන්ගේ අරමුණු සියල්ල ඉටුකර ගනිමින් ඉන්නවා. ඒ නිසා වැඩකරන ජනතාව මේ බව තේරුම්ගත යුතුයි. අධිරාජ්‍යවාදීන් මානව හිමිකම් යෝජනා රටට විරුද්ධව සම්මත කරගෙන කරන්නේ මොකක්ද කියන එක හරියටම තේරුම් ගන්න ඕනෑ. ඒ දේ කරන්නේ මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ නිසා නොවේ. හරියටම කරත්තයට බැඳ ඉන්න ගොනා ඒක අදින වේගය බාල වුණාම කෙවිටි පාරවල් ගහනවා වගේ වැඩක් මේක කෙවිටි පාරවල් වදින විට වේගයෙන් කරත්තය අදිනවා. ලංකාවට විරුද්ධව මානවහිමිකම් චෝදනා ඉදිරිපත් කරන්න පාර කැපුවේත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවම බව අපි තේරුම්ගෙන ඉදිම වැදගත් කටුගෙයවත් රැකගන්න බැරි රාජපක්ෂ ආණ්ඩුව රට රැකගනීවී යැයි මුලාවේ වැටිය යුතු නැහැ.
මේ තත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණ අධිරාජ්‍ය විරෝධී පළල්ම සංවිධානය ගොඩනැගීමේ කටයුතු ආරම්භ කරනවා. බොහොම දෙනෙක් ඒකට බය වෙලා. අපේ රටේ ජාතික ප්‍රශ්නය දඩමීමා කරගෙන අලූතින් විවිධ ප්‍රශ්න මතුකරමින් ඉන්නවා. ඉන්දියාව මැදිහත් වෙන්වෙන්නෙත් ලොකු අයියගේ භූමිකාව රඟපාමින්. ජාතික ප්‍රශ්නය මුල්කරගෙනයි. අපි ආණ්ඩුවට බල කරන්නේ දෙමළ ජනතාවට අයිතිවාසිකම් දෙන්න කියලයි. ඉන්දියානු නියෝජිත පිරිසට උතුරේ දෙමළ ජනතාව කියා තිබුණේ 13 ව්‍යවස්ථාවේ බලතල දෙන්න කියලා නොවෙයි. තමන් අහිමි වූ ඉඩම් නැවත ඉඩම් නැවත ලබාදෙන්න කියලයි. සිවිල් පාලනය පිහිටුවන්න කියලයි. තමන්ගේ සාධාරණ අයිතීන් ඉල්ලු උතුරේ ජනතාවට ජනතා විමුක්ති පෙරමුණේ ආචාරය පුද කරනවා. ඒ අය පැහැදිලිවම ඉල්ලූවේ 13, 13ප්ලස් නෙවෙයි. තමන්ගේ මූලික අයිතිවාසිකම් ලබාදෙන්න කියලයි.
උතුරේ ජනතාව මේ විදියට කතා කරනකොට මහින්ද රාජපක්ෂ මහත්තයත් රනිල් වික්‍රම සිංහ මහත්තයත්, සජිත් ප්‍රේමදාස මහත්තයත් වෙන වෙනම කටින් කතා කර කියන එකම දෙයක් තියෙනවා. ඒ තමයි අධිරාජ්‍යවාදයට දොළපිදේණි දෙන එක. අධිරාජ්‍යවාදීන්ගේ උවමනාව අනුව මේ හැමදෙනාම කටයුතු කරමින් ඉන්නවා. අධිරාජ්‍යවාදයත් එක්ක ගණුදෙනු කරන මේ සියලූ දෙනා එකට එකතු කොට අනිච්ඡාවත සංඛාරා කීම මේ රටේ ජනතාවට බාරයි. ඒකට නායකත්වය දීමේ වගකීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ කැපවී සිටිනවා. මහජනතාවගේ මනස මේ ඇත්ත ප්‍රශ්නයෙන් වෙන් කරන්න ඇමතිවරු විහළු කතා කියමින් ඉන්නවා. ඒ විහිළු කතාවලට අපි රැවටිය යුතු නැහැ. මේ ක්‍රමයට ආයුබෝවන් කීම අපි සූදානම් විය යුතුයි.
අධිරාජ්‍ය විරෝධී සැබෑ සටනට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ විනාශ කිරීමට විවිධ බලවේග කටයුතු කරන බව අපි කවුරුත් දන්නවා. ඒත් කවරාකාරයේ කුමන්ත්‍රණ දියත් කළත් කුමන බාධා ඇති කළත් ඒ සියල්ල පරාජය කිරීමේ හැකියාව ජනතා විමුක්ති පෙරමුණට තියෙනවා. පක්ෂයට තියෙන්නේ අවුරුදු 47ක අත්දැකීම්. 1994න් පස්සේ ලබාගත්ත අත්දැකීම් ප්‍රමාණය අතිවිශාලයි. මෑතදී අපේ පක්ෂයට විරුද්ධව එය කඩා විනාශ කර දමන්න කුමන්ත්‍රණ දෙකක් දියත් කළා. අපි ඒ දෙකම පරාජය කළා. මෑතදීම සිදුකළ කුමන්ත්‍රණය පුංචි නැහැ. බරපතලයි. ඒ ගැන අපට පැහැදිලි වන්නේ පැසිෆික් කලාපයේ කි්‍රයාත්මක වන අධිරාජ්‍යවාදී නියෝජිතයා සිටි බවයි. ඒ කියන්නේ ඕස්ටේ්‍රලියාව සිටි බවයි. ලංකාවේ ඛෙදුම්වාදී ව්‍යාපාරයට න්‍යායාත්මක පදනම සකස් කළ ඇන්ටන් බාලසිංහම් විවාහ වුණේ ඕස්ටේ්‍රලියානු කාන්තාවක් එක්ක. ඛෙදුම්වාදයට පක්ෂපාතීත්වය ඕස්ටේ්‍රලියාව දිගටම නියෝජනය කළා. ඇන්ටන් බාලසිංහම් පිටුපසු සිටි ඕස්ටේ්‍රලියාව විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ වගේම ටිමෝරයත් උදාහරණයත්. ටිමෝර රාජ්‍ය දෙකට ඛෙදා නැගෙනහිර ටිමෝරය බිහිකිරීමට මුල් වූ ගුස්මාවෝ විවාහ කර ගත්තේ ඕස්ටේ්‍රලියානු ජාතික කාන්තාවක්. ක්‍රිස්ටි ෆෝඩ් කියන කාන්තාව ගුස්මාවෝගේ දේශපාලන ජීවිතය මෙහෙය වූවා. ගුස්මාවෝ නායකත්වය දුන් ඛෙදුම්වාදී සටන ජයග්‍රහණය කර නැගෙනහිර ටිමෝරය බිහිකළේ ඒ අනුවයි. අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන් ඉටුකර දීමට ඕස්ටේ්‍රලිවේ පුරවැසියන් සහ කාන්තාවන් යොදාගනිමින් ක්‍රියාකරන බව ලෝකය විවිධ තැන්වලදී ඔප්පු කර අවසන්. ඕස්ටේ්‍රලියාව දැන් ලංකාවේ සුපිරි විප්ලවවාදීන් බිහිකරන්න උත්සාහ කර තිඛෙනවා. ඒ වෙනුවෙන් සුපිරි පුරවැසියෙක් ලංකාවට එව්වා. මේ තත්වය සමහරුන්ට තේරුම් ගන්න බැරිවුණා. මේ බිහිසුණු කුමන්ත්‍රණය පිටුපස ඕසුටේ්‍රලියාව ඉන්න බව දැන් පැහැදිලියි. ජනතා විමුක්ති පෙරමුණ කඩන්න ඕස්ටේ්‍රලියාව නෙවෙයි ඇමරිකාවෙන් ආවත් ඉඩ දෙන්නේ නැහැ. අධිරාජ්‍ය විරෝධී පළල්ම පෙරමුණ අපි ගොඩ නගනවා.
කුමන්ත්‍රණ කළ අය පක්ෂය තුළ සිටියදී නිවැරදි කරගන්න උත්සාහ කළා. නමුත් කුමන්ත්‍රණයේ බරපතල කම නිසා ඒක කරගන්න බැරිවුණා. මේ කුමන්ත්‍රණ කල්ලිය සමහර පත්තර මහත්වරුත් රැවට්ටුවා. ජනතා විමුක්ති පෙරමුණේ බලය තමන් අත්පත් කරගන්නා බව විවිධ සංඛ්‍යා ලේඛන හරහා ඔවුන් කියා තිබුණා. මාධ්‍යවේදීන් ඒ සියල්ල වාර්තා කරා. දැන් ඔවුන් සියලූ දෙනා ඓතිහාසික දේශපාලන කුණු බක්කියට වැටිලා. අනාථයෝ බවට පත්වෙලා. පක්ෂයට විරුද්ධව තිබුණු කුමන්ත්‍රණ පරිච්ඡේදය ඉවරයි. රෝහණ විෙජ්වීර සහෝදරයා ඇතුළු මේ පක්ෂයට ජීවය දුන් සියලූම සහෝදර සහෝදරියන් අපි මේ අභියෝගාත්මක අවස්ථාවේ සිහිපත් කරනවා. කුමන්ත්‍රණ පරදා ජයගැනීමට අපට ශක්තිය ලැබුණේ ඒ සහෝදර සහෝදරියන් නිසා. මේ රටේ විනය ගරුකම මැයි පෙළපාලිය. සංවිධානාත්මකම මැයි පෙළපාළිය, අලංකාරම මැයි පෙළපාලිය පවත්වන්න ලැබුණේ ඔවුන් අපට ලබාදුන් ශක්තිය නිසයි.
ඔබාමාට විරුද්ධව සිංහලෙන් කුණුහරුප ලියලා අධිරාජ්‍යවාදය පරද්දන්න බැහැ. අධිරාජ්‍යවාදය පැරදවීමට ඉවසීම අවශ්‍යයි. හොදින් සංවිධානයවීම අවශ්‍යයි. ප්‍රකෝප නොවීම අවශ්‍යයි. මේ ගුණාංග තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට මිස වෙන කිසි කෙනෙකුට නොවෙයි. වැඩ කරන ජනතාව ගොවි ජනතාව එක්රැස් කරන මහා බලය ගොඩනැගිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. ගොවි කම්කරු ජනතාව සතියක් වැඩ නැවැත්වුව හොත් ධවාදයේ දැති රෝද සියල්ල නර වෙනවා. අඩුගානේ වැසිකිළියක්වත් සුද්ද කර ගන්න බැහැ. මේ ශක්තිය අවබෝද කරගෙන අධිරාජ්‍යවාදයත් ධනවාදයත් පරාජය කිරීමේ සටනේ නායකත්වය ගන්න වැඩකරන ජනතාව සූදානම් විය යුතුයි. ජයග්‍රහණ ලැබීමට අවශ්‍ය සටන්කාමීත්වය හා ජවය එක්රැස්කර ගත යුතුයි. ඒ වගේම නිවැරදි දැක්ම අපි ලබාගත යුතුයි. අපි මේ හැමදේටම සූදානම්. මේ සටනට ඇත්ත දේශප්‍රේමී කළාකරුවන්, මාධ්‍යවේදීන් බුද්ධිමතුන් හා වෘත්තිකයන් ඒකරාශී විය යුතුයි. අලූත් අධිරාජ්‍ය විරෝධී පෙරමුණට පක්ෂ නැහැ. මේ සියලූ ජනතාවන් ඒකරාශී කරගෙන අධිරාජ්‍ය විරෝධී ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගන්න සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ටම ආරාධනා කරනවා. ඒ පළල් මධ්‍යස්ථානයේ විශාල වැඩකොටසක් සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට පැවරී තිඛෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන සියල්ල ඒ වෙනුවෙන් අද සිට කි්‍රයාත්මක වෙනවා. ජනතා ආර්ථීකයක් නිර්මාණය කර සියලූ දෙනාට සාධාරණ ආර්ථීක ප්‍රතිලාභ ලබාදෙන සමාජ ආර්ථීක ක්‍රමයත් අපි ගොඩනගනවා. දිවි පුදා හෝ ඒ අරමුණ ජයග්‍රහණය කරනවා. උතුරේ ජනතාව සමග අත්වැල් බැඳගත් ඒ ගමනට අපි සූදානම්. සමාජවාදී නව යුගයක් නිර්මාණය කරන බව අපි සහතික කොට කියා සිටිනවා. ඒ ගමනට ඔබේ ශක්තිය ධෛර්ය ඒකරාශී කර ගන්න. ජනතාව දිනවන සමාජවාදය ගොඩනැගීමට අපි ඇපකැප වෙමු.
මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ

Share this article with your friends