පසුගිය ඉරිදා එම පුවත්පතේ 'හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඝාතන කුමන්ත්‍රණයක්' යන ප්‍රධාන සිරස් තලය යුතුව පළ කර තිබු හෙළිදරව්ව සම්බන්ධයෙන් එසේ ප්‍රශ්න කර තිබේ.
රන්දිව පුවත්පත ප්‍රකාශයට පත් කරනු ලබන්නේ විමල් වීරවංස අමාත්‍යවරයාගේ ව්‍යාපාරික මිතුරෙකුවන ඉමාෂි ප්‍රකාශන ආයතනයේ හිමිකාර විමල් දිසානායක මහතා විසිනි. තවද එම පුවත්පත මුද්‍රණය කරණු ලබන්නේ වීරවංස අමාත්‍යවරයාගේ සමීපතම හිතවතෙකුවන 'ජපන් සමන්' නැමත්තාට අයිති මත්තේගොඩ පිහිටි මුද්‍රණාලයට තුළය. වීරවංස මහතා ජනතා විමුක්ති පෙරමුණේ සිටි වකවානුවේ, එම පක්ෂයේ ජපන් ශාඛාවේ ක්රියාකාරිකයකුව සිටි ජපන් සමන්, වීරවංස මහතා ආණ්ඩුව එක්වීමත් සමඟ ආණ්ඩුවට එක් විය.
එවැනි තත්ත්වයක් තුළ රන්දිව පුවත්පත් ආයතනයට පොලිසිය කඩාවැදුනේ ඇයිදැයි පොලිස් මූලස්ථානයකින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ, රන්දිව පුවත්පතේ පල වූ ප්රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පොලිසියට කළ පැමිණිල්ල මත, වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවයි.
මේ වනවිට ලැබී ඇති තොරතුරුවලට අනුව, එම ප්‍රවෘත්තිය පළ කොට ඇත්තේ, විමල් වීරවංස අමාත්‍යවරයාගේ උපදෙස් මත බවට සැකකෙරෙන බවත් එය තහවුරු කර ගැනීම සඳහා ඉදිරි පරීක්ෂණ සිදු කෙරෙන බවත් එම පොලිස් නිලධාරියා සඳහන් කළේය. පසුගිය මහමැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ මනාප සම්බන්ධයෙන් විමල් වීරවංස අමාත්‍යවරයා සහ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා අතර අභ්‍යන්තර ගැටුමක් තිබූ බවත්, එම තත්ත්වය යටතේ දුමින්ද මන්ත්‍රීවරයා අපකීර්තියට පත් කිරීම සඳහා මෙවැනි ප්‍රවෘත්තියක් පළ කරන්නට ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වුවද රන්දිව පුවත්පතේ මාධ්‍යවේදීන්ට පොලිසිය මෙසේ බලපෑම් කිරීම මාධ්‍ය නිදහසට එල්ල වූ තවත් බරපතල කාරණයක් බව අප වෙත සඳහන් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයකු, වැඩිදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වීමට තම සංවිධානය කටයුතු කරමින් සිටින බවයි.
Source - lankanewsweb.com