Chitika Smowtion 468x60


Wednesday, May 2, 2012

යාපන යෝජනා මගින් මූලික අයිතිවාසිකම් අවධාරණය කෙරේ


වර්තමාන ආණ්ඩුව තමන්ට විරුද්ධ අදහස් පාගා දමමින්, විරුද්ධ මතවාදීන් තර්ජන හා අතුරුදහන් කරවීම් මගින් නිහඬ කරවමින්, තමන්ට හීලෑ නොවන මාධ්‍යවේදීන් බිය ගන්වමින්, සුදුවෑන් මගින් ජනතාව පැහැර ගනිමින්, වෘත්තීය අරගල මර්දනය කර, අහිංසක කම්කරුවන් ඝාතනය කරමින්, කිසිදු නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලීනව රඳවා ගැනීම් සිදු කරමින්, සමාජයක ආරක්‍ෂා කළ යුතු සකල විධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් රජයන සමාජයක් නිර්මාණය කරන මෙන් රජයට බල කරමින් යාපනයේ පවතී ඒකාබද්ධ විපක්ෂ මැයි රැලියේදී යෝජනාවක් සම්මතවිය.

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් පැවති මෙම මැයි දින රැලියට දෙමළ ජාතික සන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, නව සම සමාජ පක්ෂය හා නව සිහල උරුමය ඇතුලූ පක්ෂ කිහිපයක් සහභාගී විය.
එහිදී මැයි දින යෝජනා 5 ක් සම්මත වූ අතර ඒවා පහත සදහන්වේ .
යෝජනා අංක 1
ජිවන වියදම අවම කිරීම සඳහා වූ යෝජනාව
ලංකා ඉතිහාසයේ කිසිදු දිනක සිදු නොවූ අන්දමට ජීවන වියදම අද අහස උසට ඉහළ ගොස්, බඩු මිල පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වී, රුපියලේ අගය බාල්දු වෙමින්, මුළු ආර්ථිකයම අද කඩා වැටෙන තත්ත්වයකට පත්ව ඇති බැවින්ද,
ගොවියන්, ධීවරයින්, රජයේ හා පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් ආදී සියළු වැඩකරන ජනතාව පීඩාවෙන් පීඩාවට පත්වී ඇති බැවින්ද,
පාලකයින් ජනතා දුක නිවීම වෙනුවට තම තමන්ගේ සැප සම්පත් හා වරප‍්‍රසාද වෙනුවෙන් නිමක් නැති ¥ෂණයේ යෙදෙමින්, කෙළවරක් නැති විදේශීය ණය ලබා ගෙන රට උගසට තබමින්” ජනතාව සූරා කෑමේ ව්‍යාපාරයක නිරත වෙමින්, තුන්දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් හත්දහස් පන්සියයකින් ජීවත් විය හැකි බවට පාරම්බාන බැවින්ද,
වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට කඩිනම් වැඩපිළිවෙළක් දියත් කරන ලෙසද,
ගොවියන් හා ධීවරයින්ට සහන සපයන ලෙසද,
වැඩ කරන ජනතාව ජීවන බරින් මුදවාලීම උදෙසා වැඩි වන ජීවන බරට හා එදිනෙදා අවශ්‍යතාවන්ට සරිලන පරිදි රුපියල් 7500කින් වැටුප් ලබාදීමට පියවර ගන්නා ලෙසද,
දූෂණය හා නාස්තිය වහාම නවතා, යහපත් හා දුරදර්ශී ආර්ථික කළමනාකාරීත්වයක් ඔස්සේ, ජනතාවට සහන සැලසිය හැකි ආර්ථික පසුබිමක් නිර්මාණය කරන ලෙසද, යෝජනා කර සිටිමු.
යෝජනා අංක 2
දේශපාලන විසඳුම සඳහා වූ යෝජනාව
ජනවර්ගයන් අතර යළිත් සැකය, අවිශ්වාසය හා නොසන්සුන්තාවය ගොඩනැංවීමට ඇති ඉඩ කඩ අහුරාලමින්, ආණ්ඩුව අවස්ථා ගණනාවකදී පොරොන්දු වූ පරිදි සියලූ ජන කොටස්වලට පිළිගත හැකි, තිරසාර දේශපාලන විසඳුමක් ලබා දෙන ලෙස යෝජනා කර සිටිමු.
යෝජනා අංක 3
දේශපාලන පිළිගැනීම වැළැක්වීම සඳහා වූ යෝජනාව
වර්තමාන ආණ්ඩුව තමන්ට විරුද්ධ අදහස් පාගා දමමින්, විරුද්ධ මතවාදීන් තර්ජන හා අතුරුදහන් කරවීම් මගින් නිහඬ කරවමින්, තමන්ට හීලෑ නොවන මාධ්‍යවේදීන් බිය ගන්වමින්, සුදුවෑන් මගින් ජනතාව පැහැර ගනිමින්, වෘත්තීය අරගල මර්දනය කර, අහිංසක කම්කරුවන් ඝාතනය කරමින්, කිසිදු නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලීනව රඳවා ගැනීම් සිදු කරමින්, සමාජයක ආරක්‍ෂා කළ යුතු සකල විධ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිසිකම් හා මූලික අයිතිවාසිකම් රජයන සමාජයක් නිර්මාණය කරන මෙන් රජයට බල කර සිටිමු.
යෝජනා අංක 04
සංක‍්‍රමණික සේවකයින් සඳහා වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 189 දරණ සම්මුතිය අපරානුමත කිරීම සඳහා යෝජනාව
ලක්‍ෂ 20කට වඩා වැඩි ශ‍්‍රී ලාංකිකයෝ විදේශ රටවල සේවය කරමින්, වර්ෂයකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ට වඩා වැඩි ආදායමක් රටේ ජාතික ආදායමට එක්කර දෙන අතර, එයින් 80%ක් පමණ වූ කාන්තාවන් හාම්පුතුන්ගේ දැඩි තාඩන පීඩනවලට පමණක් නොව සමහර අවස්ථාවන්හි ලිංගික අතවරයන්ට පවා ලක්වෙමින්, නිසියාකාර වැටුපක් ද කුසට ආහාරයක් ද නොලැබ තම සේවය සිදු කරන බව රහසක් නොවන බැවින්ද, විදේශ ශ‍්‍රමිකයන්ට හිමිවිය යුතු කම්කරු අයිතිවාසිකම් සහ සුබ සාධන වරප‍්‍රසාද පවා නීති්‍යානුකූල අන්දමින් නොලැබෙන බැවින්ද,
ශ‍්‍රමය අපනයනය කරන රටවල් අතර එක් පොදු සේවා කොන්දේසි මාලාවක් සකස් කරන ලෙසත්,
විදේශ සේවයේ යෙදෙන ශ‍්‍රමිකයන්ගේ අයිතීන් හා වරප‍්‍රසාද සහතික කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අංක 189 දරණ සම්මුතිය අපරානුමත කරන ලෙසත්, යෝජනා කරමු.
යෝජනා අංක 05
යළි පදිංචි කරවීම සඳහා වූ යෝජනාව
දශක තුනකට අධික කාලයක් පුරා පැවති යුද්ධයේ අවාසනාවන්ත ප‍්‍රතිඵලයක් ලෙෂ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පීඩාවට පත් වී උන්හිටි තැන් අහිමි වී අවතැන් වී ඇති බැවින්ද, යුද්ධය අවසන්ව වසර තුනකට ආසන්න කාලයක් ගත වී ඇතද, අවතැන් වූ උතුරේ ජනතාවට සහන සැලසීමට හා ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය යළි පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය හා පසුබිම නිර්මාණය කරන්නට මේ ආණ්ඩුව අපොහොසත් වී ඇති බැවින්ද, අවතැන් වූ ජනතාව වගාම ක‍්‍රියාත්මක වන පරිදි, මුල් ගම්බිම්වල යළි පදිංචි කොට, ඉඩම් අහිමි වූ නීත්‍යානුකූල අයිතිකරුවන්ට ඔවුන්ගේ ඉඩකඩම්වල භුක්තිය යළි ලබාදී, සිවිල් පරිපාලනය තහවුරු කොට, ඔවුන්ගේ ජීවිත ගොඩනැංවීමට අවශ්‍ය සියළු පහසුකම් හා සහන සපයන ලෙසද ආණ්ඩුවට බල කර සිටිමු.
Source - lankanewsweb.com


Share this article with your friends