ආණ්ඩුව බලය එක අහුරට අතට අරන් හිතූ මනාපේ කම්කරුවන් යට කරගෙන ක්‍රියා කලා. මේ තැන දී හැදුවේ කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදල් රජයට උවමනා විදියට ආයෝජනය කිරීමට බල තල හදා ගන්නටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුුදලත් දිගින් දිගට ම කියා සිටියේ මේ වගේ පරම්පරා ගණනාවක එකතු වුන මුදල් ගොඩ ගැහිල තියෙන විට ඇයි ඕගොල්ලෝ අපි ගාවට ඇවිත් සල්ලි ඉල්ල්නේ කියල යි. ඔවුන්ට උවමනා වුනේ කොහොම හරි මේ එකතු වුන මහා ප්‍රාග්ධනය තමන්ගේ සංවර්ධන වැඩ පිළිවෙලට උචිත හැටියට යොදැ ගැනීමට යි.
මේක දැනගත්ත ගමන් සර්පයෝ වගේ සේවකයන් නැගී හිටිය. ආණ්ඩුව හිතාගෙන හිටියේ ජාතිවාදී යුදවාදී මානසිකත්වය උඩ ඕනම දෙයක් කරල බේරිලා ඉන්න පුළුවන් කියලයි. දැන් උන්නැහේට තරමකට හෝ තේරිලා ඇති ගමන සුබ නෑ කියල. මේ බව එළිදරව් වුනේ රොෂාන් වගේ එඩිතර කම්කරු සටන්කාමීන් හිටිය නිසයි.
නමුත් රැඩිකල් කථා කියමින්, මාක්ස්වාදය, ලෙනින්වාදය ගැන බණ දේශනා කරන සමිති නායකයොත් මේ විදියට රෑට ලොක්කන්ගේ නියෝජිතයන් සමඟ කා බී සතුටු වීම ගැන තමා අපේ වැඩිම කම්පාව. නමුත් මේ සහභාගීවාදීන්ට විරුද්ධව තරුණ සටන්කාමීන් සටන් බිමේ දී ඉදිරියට ආව නිසයි මහින්දගේ කෙරුවාවල් වලට තිත තිබ්බේ.
එයින් අප අතරින් වෙන්ව ගිය රොෂාන් අද වීරයෙක් ලෙස සළකන තැනට පත් වුනා. ඔහු තමන්ගේ වැඩ කොටසට කෙලින්ම කරගහපු නායකයෙක්.
ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් මෙහෙයවපු වැඩ වර්ජන සහිත උද්ඝෝෂණය කටුනායක දී ඉතාම බලවත්ව නැගල ආව. ඒක එක්තරා ස්වාධීන නැගිටීමක්. ඒකට බය වුන ආණ්ඩුව එක පාරටම ඛෙරිහන් දුන්න අර්ථ සාධක අරමුදල් පනත අපහු ගන්නව. අකුලනව කියල.
ඒත් ඒක කියල දවස් දෙකක් යන්න ඉස්සෙල්ලා ඇමතිවරයෙක් තව ලොකු නිලධාරීන් සමඟ කොල ඛෙදල රැස්වීම් තියල කිව්ව පනත ආණ්ඩුව ගේනව ඒකට සහයෝගය දීම අවශ්‍යයි කියල. එතැන දී ඇති වුන ගැටුම තුල ලොකු ආරවුල් තත්ත්වයක් ඇති වුනා.
මේ විදියට අමු අමුවේ ආණ්ඩුව තමන් කියන වචනයට වත් සැලකිල්ලක් නැතිව කම්කරුවන්ට මූණට දමල ගැහැව්ව වගේ කටයුතු කරන කොට එඩිතර කම්කරුවන්ට ඒක බලා ඉන්න බැරුව ගියා. ඒ අනුව පසුදා ඉඳලම විශාල වැඩ වර්ජන සමග උද්ඝෝෂණ රැල්ලක් කටුනායක ඇති වුනා.
එය දේශපාලන විරෝධයක් ලෙසට පෙරලෙන එක නවත්වන්න බැරි වුනා. ඇමතිවරයා හා ලොක්කෝ කළ දේ මහින්දගේ පාලනයේ වැඩක් හැටියට කම්කරුවෝ නිවැරඳිව දැක්කා. මහින්ද සමඟ රෑට එකට කාල දවල්ට රඟපෑම් කරන සමිති නායකයින් නොතකා සටන ඇවිලූනේ ඒ විදියට යි.
ආණ්ඩුව පිලිතුරු දුන්නේ සන්නද්ධ හමුදා එවීමෙන්. හමුදා වෙඩි පහරින් රොෂාන් මිය ගිය අතර තව හය දෙනෙක් ලොකු තුවාල ලැබුවා. සුළු තුවාල ලබපු අයගේ ගණන පනහකට වැඩි බවයි දන්නෝ කියන්නේ. මෙයින් මුළු පලාතම ගිනි ගත්තා. වැඩපලවල් අතර මෙය පැතිරෙන්නට කලින් හමුදා ඇඳිරි නීතිය සමඟ ලොකු මෙහෙයුමක් කරලයි ආණ්ඩුව රැල්ලට මුහුණ දුන්නේ.
විශේෂයෙන් රොෂාන්ගේ මරණ කටයුතු ආණ්ඩුව බලහත්කාරයෙන් පවරා ගත්තා. සමිති නායකයෝ පස්සට ගියා.
හමුදා බලය යොදලා, අනෙක් අතට පල්ලියටත් බලපෑම් කරලා, රොෂාන්ගේ මරණය රාජ්‍ය අනුහසට යටත් කර ගත්තා.
එදා මරණ දිනේ දී මන් උදේ පල්ලියට යනකොට මිනිය පල්ලියට අරන් ඉවරයි. පල්ලියේ මිදුලට වෙලා මන් ඉන්නකොට විවිද පිරිස් මා එක්ක කථාවට වැටුනා. පොලිසිය මට තර්ජනය කලේ නෑ. රූපවාහිනියේ මාධ්‍යකරුවෝ කිහිප දෙනෙක්ම මගෙන් විස්තර ඇහැව්වාම මන් උස් හඬින් හැමෝටම ඇහෙන්න රජයේ ත්‍රස්ත ක්‍රියා වලියට විරුද්ධව කරුණු ඉදිරිපත් කලා.
මේ පරිසරය තුල පවුලේ උදවියට බලපෑම් කලා මරණය හවස දක්වා කල් දමන්න. ගමට මිණිය පෙන්වල මිසක් මරණයේ කටයුතු ඉවර කරන්න බැහැ කියල පවුලේ අය කියන තැනට පත් වුනා. ඇත්තට ම සමිති නායකයෝ උදෙන් ම පල්ලියට ආව නම් ලොකු වෙනසක් ඇති කරන්න තිබුණා කියලයි මන් නම් හිතන්නේ. කොහොම වුනත් ආණ්ඩුව මුළු බලය යොදලා උන්ට ගැලපෙන ලෙසට අවසන් කටයුතු කලා.
ඒත් ඒක අවසාන කටයුත්තක් කියල හිතන්න එපා. රොෂාන් එඩිතරව සටනට පැන්න නායකයෙක් හැටියට, සරත් ෆොන්සේකාට ඇති ගෞරවනීය පරිසරයට ඇදිල යන්න ඉඩ ඇති සමිති නායකයින්ට, මහින්දට යටවුන සමිති නායකයින්ට ලොකු වෙනසක් පෙන්වල දුන්න.
අද පඩි සටන් කියල වෘත්තීය අරගල වෙන් කරන්න බෑ. දේශපාලන බලයෙන් කම්කරුවන් මර්ධනය කරල ජාතිවාදී මථවාදයෙන් රාජ්‍ය ත්‍රස්තවාදය තහවුරු කරන පරිසරයක් තුල දේශපාලනයට බය වෙන සමිති කාරයින්ට කරන්න පුළුන් කෙන් ගෙඩියක් නෑ. ඒක රොෂාන්ගේ ක්‍රියා පටිපාටියෙන් ඔප්පු උනා.
ඇත්තටම රොෂාන් මොනම සමිති නාකයෙක් වෙනුවෙන් හෝ නැත්නම් ඔවුන්ගේ බනට අවනත වෙලා හෝ සටනට ආවා නෙවෙයි. පංතියට වන අසාධාරණය තුන් කල් බැල්මෙන් බලල ඒ අසාධාරණයට මුහුණ දෙන්න ඔහු තීන්දු කලා.
ඒ ගෞරවනීය තීන්දුව දැන් වැඩ කරන ජනතාවට ගලා යමින් තිඛෙන්නේ. ආණ්ඩුව බැලූවෙ පවුලට සල්ලි දීල මේ අවදිවීම යට කරන්න. ඒත් ඒක දිගට කරන්න බෑනේ. දැන් මේ ගැන අළුතින් සියළු දෙනා එකතු වී ආණ්ඩුවට බල කරන්න වෙනවා. මොකද? අර්ථ සාධක කොල්ලය ඉවර වෙලා නෑ. හොරාට ඒ වැඩේ ගෙනියන්න දැන් ආණ්ඩුව කටයුතු කරනව. මේකට ඉඩ දෙන්න බෑ.
Source - lankanewsweb.com