එල්ටීටීඊයේ හිටපු සන්නද්ධ නායක, ශ්‍රීලනිප උප සභාපති, ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත්කරුණා අම්මාන් තවමත් නීති විරෝධී අවි ආයුධ සහිත සන්නද්ධ කල්ලියක් මෙහෙයවන්නෙක් බව සාක්කි සහිතව හෙළි වී තිබේ.
මෙය හෙළිවන්නේ ඊයේ පාන්දරට කලවංචිකුඩියේදී ටී-56 නීති විරෝධී අවි සහිතව අල්ලාගත් කරුණා අම්මාන්ගේ පිරිසකගෙනි.
අප වෙබ් අඩවිය වෙත වාර්තා වන අන්දමට සිදුවීම මෙසේය.මෙය හෙළිවන්නේ ඊයේ පාන්දරට කලවංචිකුඩියේදී ටී-56 නීති විරෝධී අවි සහිතව අල්ලාගත් කරුණා අම්මාන්ගේ පිරිසකගෙනි.
ඊයේට එළිවන මධ්‍යම රාත්‍රියේ කලවංචිකුඩියේ පොලිස් විශේෂ බලකාය (එස්.ටී.එෆ්) විසින් කලවංචිකුඩි අම්පාර මාර්ගයේ හදිසි මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීකෂාවක් සිදුකර තිබේ. රාත්‍රී 12.30 ටපමණ කොළඹ බලා යන ජීප් රියක් සහ කැබ් රථයක් නවතා ඇත. කැබ් රථයේ රියැදුරු සහ දෙමළ තරුණයන් දෙදෙනෙක් ද, ජීප් රථයේ රියැදුරු සහ දෙමළ තරුණයන් තිදෙනෙක්ද සිටියෝ ය. ඉන් ප්‍රධානී වු තැනැත්තා පවසා සිටියේ තමන් ඇමැති කරුණාගේ නැගෙනහිර සමූහ සම්බන්ධීකරණ නිලධාරියා බවයි. අනෙක් සියළුම දෙනා ඇමැති කරුණා අම්මාන්ගේ ආධාරකරුවන් බවද පවසා තිබේ.
කෙසේ වෙතත් එස්ටීඑෆ් නිලධාරීන් පිරිස බස්සවා වෙන් කර වාහන දෙක පරීකෂා කිරීමේදී එහි සඟවා තිබූ ටී-56 අවි 4 ක් අල්ලාගෙන තිබේ. මෙම අවි සඳහා නිකුත් කළ බලපත්‍රයක් තිබී නොමැති අතර අවි 4 සමග උන්ඩ පිරැවූ මැගසින් 4 ක්ද හමුවී තිබේ.
මේ අනුව මෙම කණ්ඩායම කලවංචිකුඩි එස්ටීඑෆ් කඳවුර වෙත රැගෙන විත් ඇති අතර දීර්ඝ ලෙස ප්‍රශ්න කර හෙළි වී ඇත්තේ ජීප් රියේ පැමිණි තරුණයන් තිදෙනා එල්ටීටීඊයේ සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයන් බවයි. ඉන් එක් අයෙකුගේ වම් අතේ මැදඟිල්ලේ පුරුක් කිහිපයක් අඩුය.
නීති විරෝධී ගිනි අවි සමග අල්ලා ගත් මෙම පිරිස කුමන අරමුණකට කොළඹ යන්නේද යන්න ගැන පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැත. මොවුන් සිරමැදිරියට දැමීමට යද්දී කොළඹින් කතා කර ඇත්තේ ආරක්ෂක ලේකම් වරයා ය. ඔහු මෙම පිරිස අල්ලාගත් එස්ටීඑෆ් නිලධාරීන්ට බැන වැදී අතර වහාම පිරිස මුදා හරින්නැයි උපදෙස් දී ඇත. පසුව කර කියා ගත දෙයක් නොමැති වූ එස්ටීඑෆ් නිලධාරීන් අත් අඩංගුවේ සිටි කරුණාගේ අතුරු හමුදා කණ්ඩායම නීති විරෝධී ගිනි අවි සහ උණ්ඩත් සමග නිදහස් කර ඇති අතර ඔවුන්ට කරදරයක් නොවීමට අම්පාර නගරය දක්වා ආරක්ෂාවක් ද ලබා දී තිබේ.
මෙම සිදුවීමත් සමග මොවුන් නීති විරෝධී අවි රැගෙන කොළඹ එන්නේ කුමකටද? නිතර මෙලෙස නීති විරෝධී අවි ප්‍රවාහනය කරනවාද? යන්න ගැන ආරක්ෂක අංශ සැක කරයි.
කරුණා අම්මාන් කොළඹ හෝටල් වල සින්දු කියමින් ගිටාර් වාදනය කරමින් නටමින් සිටින අතරේ නීති විරෝධී අවි සහිත සන්නද්ධ කණ්ඩායමක් පවත්වාගෙන යන බව මෙයින් තහවුරු වේ. කරුණා අම්මාන් ශ්‍රීලනිප උප සභාපතිවරයෙකු ද වන බැවින් වත්මන් ශ්‍රීලනිපය නීති විරෝධී අවි වලින් සමන්විත සන්නද්ධ අංශයක් සහිත දේශපාලන පක්ෂයක්ය යන්නද මෙයින් පැහැදිලිය. ඊට මරා රෙජීමයේ සම්පූර්ණ අනුග්‍රහය හිමිවී ඇති බවත් මින් හෙලිවේ.