Chitika Smowtion 468x60


Saturday, May 26, 2012

දිමුගේ රෙද්දට ලක්‍ෂ එකහමාරක්


අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න මහතාගේ වව්නියා සංචාරයට අවශ්‍ය ඇඳුම් මැසීම සඳහා රෙදි මිලදී ගැනීමට රුපියල් එක්ලක්‍ෂ හතලිස් හතරදාහක මුදලක් වැය කර තිබේ. මේ සඳහා මුදල් ගෙවා ඇත්තේ මහාභාරකාර දෙපාර්තමේන්තුව විසිනි.
ඉකුත් මැයි 08 දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව පිළිබඳ විවාදයට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා මේ පිළිබඳව හෙළිදරව් කර තිබේ. මහාභාරකාර දෙපාර්තමේන්තුව මෙම මුදල ගෙවා ඇත්තේ ‘සීතා ස්ටෝර්ස්’ නම් ව්‍යාපාරික ආයතනයක් වෙතය.
මීට අමතරව, අටපිරිකර, සිල් රෙදි සඳහා මෙම දෙපාර්තමේන්තුව රුපියල් පනස්ලක්‍ෂ හැට නවදහස් පන්සිය විස්සක මුදලක් වැය කර ඇතැයිද මන්තී‍්‍රවරයා එහිදී හෙළිදරව් කළේය.

Source - lankanewsweb.com

Share this article with your friends