Chitika Smowtion 468x60


Saturday, May 26, 2012

ලංකා බැංකුවේ VISA කාඞ්පත් හිමියන් අනතුරේ ?


ලංකා බැංකුවේ පරිඝණක අංශයේ මෘදුකාංග පද්ධතිය භාවිතා කරමින් සිදු කර ඇති දැවැන්ත වංචාවක් හේතුවෙන්, VISA ආයතනය විසින් ලංකා බැංකුව VISA කාඞ් පත් ගනුදෙනු සඳහා නුසුදුසු ආයතනයක් ලෙස නම් කිරීමේ බරපතල අනතුරක් මතු වී තිබෙන අතර, එය ලංකා බැංකුවේ වීසා කාඞ් පත් කෙරෙහි තීරණාත්මක ලෙස බලපා ඇත.
මේ වන විට මෙම වංචනික කි‍්‍රයාවලිය ඔස්සේ රුපියල් මිලියන 275 ක වංචාවක් සිදු වී ඇති අතර, ඒ හේතුවෙන් බැංකුවේ කීර්ති නාමයට හා ලාභ ඉපයීමේ තත්ත්වයට බලවත් තර්ජනයක් එල්ල වී ඇතැයි එම බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
අන්තර්ජාල ගනුදෙනු සඳහා (IPG) මෘදුකාංග පද්ධතිය මිලදී ගැනීමේදීද වංචා සිදු වී ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. අභ්‍යන්තර විගණන අංශයේ තහවුරුවකින් ලබා ගත් මෘදුකාංග වෙනුවට වෙනත් මෘදුකාංග පද්ධතියක් කි‍්‍රයාත්මක කිරීමත්, අදාළ මෘදුකාංගය දැඩි තත්ත්ව පරීක්‍ෂණයකට ලක් නොකිරීමත්, ලංකා බැංකුවේ කෙඩිට් කාඞ් ගනුදෙනු සඳහා නොගැලපෙන්නක් බවත් හෙළිදරව් වී තිබියදී, මෙම මෘදුකාංග පද්ධතිය යොදා ගැනීම බලවත් වරදක් බව එම වාර්තාව පෙන්වා දෙයි.
ඉතා සූක්‍ෂම හා සැලසුම් සහගතව බැංකුව ඇතුළතින් හා මෘදුකාංග සැපයුම් ආයතනයේ ද සහාය ලබා ගනිමින් සිදු කරන ලද මෙම වංචනික ගනුදෙනු කිනම් තැනකින් ආරම්භ වූයේ දැයි හඳුනා ගත හැකි අන්තර්ජාල ලිපිනයන් (IP Address) මෙම පද්ධතියේ සඳහන් නොවේ. මේ නිසා එම පද්ධතිය මගින් සිදු කර ඇති කෙඩිට් කාඞ් ගනුදෙනුව තුළින් බැංකුවට සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 300 - 400 ත් අතර විය හැකි බවද හෙළිදරව් වී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends