Chitika Smowtion 468x60


Saturday, May 26, 2012

වෙල්ගම ලොක්කා..! දිනෙක ගුටිකන්නේ සේවකයාද? ඇමතියාද? කියා බලමු..!!

පසුගිය දිනක ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා දුම්රිය සංචාරයකට එක් වෙමින් "මෙහෙම දුම්රිය ප්‍රමාද උනොත් දුම්රිය මගීන්ගෙන් දුම්රිය සේවකයින්ට ගුටි කන්නට සිදුවෙනවා" යනුවෙන් ප්‍රකාශ කළ බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබිණි. මෙම ප්‍රකාශය සමස්ත දුම්රිය සේවකයින් වෙනුවෙන් දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර දුම්රිය ප්‍රමාදයේ සැබෑ තත්වය ජනතාවගෙන් වසන් කොට එහි ව`ග උත්තරකරුවා දුම්රිය සේවකයා බවට පත් කිරීමට අමාත්‍යවරයා මෙමගින් උත්සාහ දරා ඇත.

දුම්රිය මාර්ග කිලෝ මිටර් 1450 ක් ආවරණය වන පරිදි දිනකට දුම්රියයන් 333 ක් පමණ ධාවනය විය යුතු වුවත් අවශ්‍ය එන්ජින් නොමැති කම නිසා සෑම දිනකම ධාවනය වන්නේ දුම්රිය 285 ක් පමණ සංඛ්‍යාවකි. දුම්රිය එන්ජින් වල දෝෂ සහිත තත්වයන් සහ අවශ්‍ය කාර්්‍යය මණ්ඩල නොමැති කමින් මෙම දුම්රිය 285 න් ද දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවන අතර දුම්රිය මාර්ගයේ දෝෂ සහිත තත්වයන් සහ සංඥා පද්ධතියේ අඩුපාඩුකම්, දුම්රිය නඩත්තු කටයුතු ස`දහා අවශ්‍ය අමතර කොටස් නොමැති කමින් සහ නියමිත ප්‍රමිතියකින් තොරව මිලදී ගනු ලැබු බලවේග කට්ටලවල දෝෂ සහිත තත්වයන් හේතුවෙන් ධාවනය වන බොහෝ දුම්රියන් ධාවනයේදී ප්‍රමාදයන්ට ලක්වේ. මෙවැනි අඩුපාඩුකම් රාශියක් මධ්‍යයේ දුම්රිය ධාවනය සිදු කරනු ලබන්නේ දුම්රිය නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ කැප කිරීම හේතුවෙන් මිස අමාත්‍යවරයාගේ විශේෂ හැකියාවක් නිසා නොවන බවද පෙන්වා දෙන්නෙමු.

මෙකී අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත්තේ පටු දේශපාලන අරමුණු සහ පුද්ගලික අරමුණු වෙනුවෙන් දුම්රියට වෙන්කරන මහජන මුදල් සහ දුම්රිය දේපළ ඉවක් බවක් නැතිව ප්‍රයෝජනයට ගැනීම නිසා බව පෙන්වා දෙන්නෙමු. ඉහත සඳහන් අවශ්‍යතා වෙනුවෙන් මහජන ධනය විනාශ කොට මහජනතාවගෙන් එල්ල වන විරෝධතාවයන් දුම්රිය සේවකයා පිට පැටවීමට අමාත්‍යවරයා උත්සාහ කරන්නේ සැබෑ වග උත්තරකරුවා වසන් කර ගැනීමටය. අපි අමාත්‍යවරයාගෙන් මෙසේ විමසා සිටිමු.

01. සුනාමියෙන් විනාශ වූ මුහුදු බඩ දුම්රිය මාර්ගය දුම්රිය සේවකයින් විසින් දින 57 න් නැවත යථා තත්වයට පත් කොට මුළු ලොවම මවිත කොට තිබු මොහොතක, සමස්ත ජනතාවම ඇමරිකන් ඩොලර් මිලියන 165ක ණයකාරයින් කර රුපියල් කෝටි 1500 ක් වැය කර අසාර්ථක මුහුදු බඩ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉන්දියාවට දුන්නේ දුම්රිය සේවකයින්ද යන්නත්,

02. එක් බලවේග කට්ටලයක් ස`දහා රුපියල් කෝටි 30 පමණ වැය කර අතරමග නතර වෙන, දුම්රිය සේවක සහ මගී ජීවිත බිල්ලට දෙන එස්-11 බලවේග කට්ටල 14 ක් ගෙන්වනු ලැබුවේ දුම්රිය සේවකයින්ද යන්නත්,

03. දුම්රිය මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වැය කළ යුතු රුපියල් කෝටි 10 ක් පමණ දැයට කිරුළට වියදම් කරන ලෙස උපදෙස් දුන්නේ දුම්රිය සේවකයින්ද යන්නත්,
04. දුම්රිය දෙපාර්තමේන්තුවට වාර්ෂිකව ලක‍ෂ 480 ක පමණ අමතර වාර්ෂික අදායමක් ලබාදුන් හුණුගල් ප්‍රවාහනය වසරකට ලක‍ෂ 50 කට බදු දෙමින් ලක‍ෂ 370 අහිමි කරගත්තේ දුම්රිය සේවකයින්ද යන්නත්,

05. දුම්රිය දුර ගමන් සේවා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් 100% ක අදායම දුම්රිය දෙපාර්තමේන්තුව ලබමින් සිටියදී 40% ක අදායමක් පමණක් ලැඛෙන පරිදි පුද්ගලික සමාගමකට ලබාදුන්නේ දුම්රිය සේවකයින්ද යන්නත්,

06. කිසිදු විධිමත් ක්‍රමයකින් තොරව දුර ගමන් සේවා දුම්රියන් ස`දහා අමතර මැදිරි එක් කිරීමට පුද්ගලික අංශයට ලබාදෙමින්, කිසිදු අයකිරිමකින් තොරව රුපියල් ලක‍ෂ 250 ක් පමණ වටිනා මැදිරි 18 ක් පුද්ගලික සමාගම් දෙකකට ලබා දෙනු ලැබුවේ දුම්රිය සේවකයින්ද යන්නත්,

07. බාල දුම්රිය එන්ජින්ද, එකක් ලක‍ෂ 250 ක් පමණ වූ ප්‍රයෝජනයට ගත නොහැකි ට්‍රක්ෂන් මෝටර් සහ ආම්චර් මිළදී ගැනීම් සම්බන්ධයෙන් හෙළිදරව් කොට තිබියදී නිත්‍යානූකුල ක්‍රියා මාර්ග නොගෙන සිටින්නේ දුම්රිය සේවකයින්ගේ බලපෑම නිසාද යන්නත් අප විමසා සිටිමු.

ඉහත දැක්වෙනුයේ දුම්රිය සේවය මේ තත්වයට ඇද දැමීමට මුලික වු සිද්ධින් විශාල ප්‍රමාණයකින් කිහිපයක් පමණි. මෙවැනි තත්වයක් තුල ඉතා අමාරුවෙන් දුම්රිය සේවය පවත්වා ගෙන යන දුම්රිය සේවකයා මුහුණ දෙන ප්‍රශ්ණ වලට විස`දුම් දෙනවා වෙනුවට මගීන් උසී ගන්නවා දුම්රිය සේවකයින්ට පහරදීමට උත්සාහ කිරීම වගකිව යුතු ඇමතිවරයෙකුට තරම් නොවන්නේය.

වැටුප් විෂමතාවලට විස`දුම් නොමැතිව, වසර ගණන් සිය උසස්වීම් නොමැතිව, අනුමත වී ඇති ආපදා ණය මුදල පවා නොමැතිව, රැකියා ස්ථීරත්වය නොමැතිව, පැය අටේ වැඩ දිනය පවා නොමැතිව, දුම්රිය සේවකයින් ඉටුකරන දැවැන්ත මෙහෙවර පිළිබ`දව අමාත්‍යවරයා නොදැන සිටීම පිළිබ`දව අප කණගාටු නොවන්නේ වැඩකරන ජනතාව සම්බන්ධයෙන් පාලක පංතියේ හැ`ගීම් කුමක්ද යන්න අප තුල හොද අවබෝධයක් ඇති නිසාය.නඩුත් හාමුදුරුවන්ගේ සහ තීන්දුත් හාමුදරුවන්ගේ වුවාට විනාශ කරන දේපළ සහ මුදල් ජනතාවගේය. එනිසා පිඩාවට පත් වන්නේද ජනතාවය. ජනතාවගේ බඩු සඳහා ජනතාවගේ තීන්දුව ලැඛෙන තෙක් අප සතු තොරතුර සුරක‍ෂිතව තබා ඇත්තෙමු.

විවිධ වරදාන, වරප්‍රසාද, විදේශ සංචාර හමුවේ කවුරුන් නිහ`ඩව සිටියද, දුම්රිය සේවකයාත්, දුම්රිය සේවයත් වෙනුවෙන් අප සතු වගකීම අප ඉටු කරන්නෙමු. එබැවින් දුම්රිය ප්‍රමාදයේ සැබෑ වග උත්තරකරුවා දුම්රිය සේවකයින් නොව, මහජන මුදල් කෝටි ගණනින් විනාශ කරන දේශපාලකයින් බව ජනතාවට පෙන්වා දෙන්නෙමු.

- සුමතිපාල මානවඩු









Source - http://www.facebook.com/lankaenews

Share this article with your friends