Chitika Smowtion 468x60


Saturday, May 26, 2012

සර්වෝදයේ මූල්‍ය සමාගමක තැන්පත්කරුවෝ අනාථයි ?


ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතනයක් වන ‘දේශෝධය සංවර්ධන මූල්‍ය සමාගමේ’ තැන්පත් කර ඇති රුපියල් මිලියන 2,785 මුදල සම්බන්ධයෙන් පහළොස් ලක්‍ෂයක් පමණ වන ගිණුම් හිමියන් දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි සර්වෝදය ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම මූල්‍ය සමාගම සර්වෝදය ශ‍්‍රමදාන අංශය විසින් පවත්වාගෙන යනු ලබයි. ග‍්‍රාමීය ශ‍්‍රමදාස සමිති විසින් සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවා (ගැරන්ට්) ලිමිටඞ් ආයතනයේ (සීඞ්ස්) අයෝජනය කර ඇති මුදල් සහ එම සමිති විසින් ‘සීඞ්ස්’ ආයතනයෙන් ලබාගත් ණය මුදල් ඇතුළුව මෙම සමාගම සතු මුළු වත්කම් සියල්ල ඇත්තේ මෙම මූල්‍ය සමාගමේය.
‘දේශෝධය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් කම්පැනි ලිමිටඞ්’ මූල්‍ය සමාගමක් ලෙස ස්ථාපිත කර ඇති බවත්, එහි මූල්‍ය කටයුතු සඳහා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති බවත් දක්වමින් සර්වෝදයේ නායක ඒ.ටී. ආරියරත්න මහතා 2011 අපේ‍්‍රල් 26 වනදා සර්වෝදයේ සාමාජිකයන්ට ලිඛිතව දන්වා තිබේ.
එහෙත් මහ බැංකුව සඳහන් කරන්නේ, දේශෝධය නමින් මූල්‍ය සමාගමක් මෙතෙක් ලියාපදිංචි කර නොමැති බවයි. සර්වෝදය විසින් පවත්වාගෙන යන මූල්‍ය සමාගම ඉතිරි කිරීමේ ගිණුම් 08 ක් හඳුන්වා දී තිබේ. අනිවාර්ය ඉතිරි කිරීමේ ගිණුම, සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම, ළමා ඉතිරි කිරීමේ ගිණුම, ජයෙන් ජය, සහස‍්‍ර වාසනා, අවුරුදු වාසනා, සිඟිති රැුකවරණ, කෙටි කාලීන, මධ්‍ය කාලීන ස්ථාවර තැන්පතු ඊට අයත්ය.
තත්ත්වය මෙසේ වුවද, මහජනතාවගේ දැන ගැනීම පිණිස මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ බලපත‍්‍රලාභී වාණිජ බැංකු 24 අතරත්, බලපත‍්‍රලාභී විශේෂිත බැංකු 09 අතරත්, බලපත‍්‍රලාභී මුදල් සමාගම් 43 අතරත් සර්වෝදය හෝ දේශෝධය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් කම්පැනි ලිමිටඞ් නම් ආයතනයක් සඳහන්ව නැත.
සර්වෝදය ආයතනය මෙම නීත්‍යානුකූල නොවන මූල්‍ය සමාගම පවත්වාගෙන ගියේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මස්සිනා වන දොස්තර ලලිත් චන්ද්‍රදාස මහතාගේ බලය යොදා ගනිමිනි. එහෙත් ලලිත් චන්ද්‍රදාස මහතා මීට මාස 03 කට පෙර සර්වෝදය ආයතනයෙන් ඉල්ලා අස්වී ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස වැඩ භාර ගනු ලැබීය.
ලියාපදිංචි නොමැති මූල්‍ය සමාගම් සමග ගනුදෙනු නොකරන ලෙස ශී‍්‍ර ලංකා මහ බැංකුව මීට ඉහතදී ද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණ.

Source - lankanewsweb.com

Share this article with your friends