මේ වන විට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය සංගමය විසින් සිදුකරගෙන යන අකුරට වැඩ කිරීමේ විරෝධතාව පිලිබඳ එහි සභාපති නිමල් වෙල්ගම මහතා නරුම ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඉංජිනේරුවරු පවසති.
සංගමයේ ප්‍රධාන විරෝධතාව වී ඇත්තේ බඳවා ගැනීමේ පටිපාටි උල්ලංඝණය කරමින් කොන්ත්‍රාත් පදනම මත සේවය කළ පුද්ගලයන් ස්ථීර සේවයට ඇතුල් කිරීමටත් නුසුදුස්සන් සමාගමේ වගකිව යුතු තනතුරු වලට පත් කිරීමටත් ය.
මේ කාරණා සම්බන්ධයෙන් සභාපති වරයා සංගමය සමග මෙතෙක් කිසිදු සාකච්ඡාවකට හෝ එකඟ වී නැත.
නිමල් වෙල්ගම මහතාගේම සභාපතිත්වයෙන් පවත්වාගෙන යන දිවයින මාධ්‍ය ආයතනයේ පුවත්පත් වලින් රටේ නොයෙකුත් දූෂන අක්‍රමිකතා ගැන පෙන්වා දෙන නමුත් ඔහුගේම සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙලිකොම්හි සිදුවන අක්‍රමිකතා ගැන කතා කළ විට ඊට ඇහුම්කන් නොදෙන ප්‍රතිපත්තියක කටයුතු කිරීම නිසා නිමල් වෙල්ගම මහතා දෙබිඩ්ඩෙක් බව තහුවරු වී ඇතැයි ටෙලිකොම් ඉංජිනේරුවෝ පවසති.
අනෙක් අතින් ටෙලිකොම් සභාපතිවරයා ටෙලිකොම් වෘත්තීය සමිති වල ප්‍රශ්න ගැන අනෙකුත් මාධ්‍යයන්ගෙන් ප්‍රචාර වීමද වළක්වයි. ඔහුගේ ප්‍රධාන තර්ජනය නම් ටෙලිකොම් වෘත්තීය අරගල ගැන වාර්තා ප්‍රචාරය කළහොත් එම ආයතනයන්ට ටෙලිකොම් දැන්වීම් ලබා නොදෙන බවයි. මේ හේතුව නිසා ටෙලිකොම් දැන්වීම් වලින් ඉතා විශාල මුදලක් උපයන මාධ්‍ය ආයතන ටෙලිකොම් සේවකයන්ගේ සාධාරණ ප්‍රශ්න යටපත් කරමින් කුහක මාධ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරති. මෙය ලෝකයේ කොහේවත් දකින්නට නොලැඛෙන නින්දිත ජඩමාධ්‍ය කලාවකි.