Chitika Smowtion 468x60


Saturday, May 26, 2012

දිණමිනේ කර්තෘ සහ ලංකාදීපයේ කර්තෘ එක් අයෙක්ද?


ලංකාදීප කර්තෘගේ ජඩමාධ්‍යකරණයට එරෙහි රනිල්ගේ සටන දිගටම


සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ කාරණයේ දී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සියලූ ඉල්ලීම්වලට එක`ගවුවා යැයි කියනවා නම් ඔහු වෙනුවෙන් ඉල්ලා සිටියේ ඉදිරි සිර ද`ඩුවම් කාලය අහෝසි කිරීම පමණක් ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ටිරාන් අලස් පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවට තමා කළ ප්‍රකාශය 'ලංකාදීප' පුවත්පත පළ නොකිරීම සම්බන්ධයෙන් කර්තෘ සංසදයට සහ සභාපති සිරි රණසිංහ මහතාට ලිඛිතව පැමිණිලි කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී 
ඊයේ (25) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන මේ මොහොතේ කර්තෘවරුන්ගෙන් ද ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීමට සිදුව ඇතැයි පෙන්වා දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා සරත් ෆොන්සේකා මහතාගේ නිදහස සම්බන්ධයෙන් තමා මතු කළ කරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් ද සනාථ වන්නේ යැයි සඳහන් කළේය.

කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත විපක්ෂ නායක නිල නිවසේ පැවැති මේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා 'ජනරාල්' කියන නිල නාමය පාවිච්චි කිරීමට නොහැකි බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා කැබිනට් තීන්දු තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කියා තිඛෙනවා.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා කළ ඒ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ සරත් ෆොන්සේකා මැතිතුමාට තවම පූර්ණ නිදහස ලැබී නොමැති බවයි. 'ජනරාල්" නිල නාමය පාවිච්චි කිරීමට සරත් ෆොන්සේකාට නොහැකි නම් ඒ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ ඔහුට ලබා දී තිඛෙන්නේ සීමා සහිත නිදහසක් බවයි. කෙසේ නමුත් ඔහුගේ සිර ද`ඩුවම් කාලය හෝ අහෝසි කිරීම සහනයක් ලෙස අපට සැලකිය හැකියි.

කෙසේ නමුත් ගෙවුණු සතියේ දී මම පෙන්වා දුන් පරිදි ආණ්ඩුවෙන් සහ ජනමාධ්‍යයෙන් රටට - ජනතාවට ඇගවූයේ සරත් ෆොන්සේකාට සම්පූර්ණ නිදහස ලබා දී තිඛෙන බවයි. ආණ්ඩුවම කියන පරිදි 'ජනරාල්' තනතුර පාවිච්චි කිරීමට සරත් ෆොන්සේකාට නොහැකි නම් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් කියා ඇති පරිදි සිදුව තිඛෙන්නේ ඔහුගේ සිර ද`ඩුවම් කාලය අත්හිටුවීම පමණයි.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මම ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළා. මම අද මේ ප්‍රකාශය කරන්නේ සිරිකොත දී මම කළ කතාව ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාගේ කතාවෙන් සනාථ වී තිඛෙන තත්ත්වය යටතේයි.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව සමග සාකච්ඡුා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා වන අතර ඉල්ලා සිටි සියල්ලම ආණ්ඩුවෙන් ලැබුණු බව 'සිරස' ට ඔහු ප්‍රකාශයක් කරමින් කියා තිබුණා. ඒ ඉල්ලීම් සියල්ල ලබා දීම ගැන ඔහු ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ස්තුතිය ද පළ කළා.

එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා සරත් ෆොන්සේකා වෙනුවෙන් ඉල්ලා සිටියේ නිදහස පමණ ද කියා අප ප්‍රශ්න කළා. මම මතු කළ කරුණු කාරණා සියල්ල සඳහන් කිරීම ගැන විද්‍යුත් මාධ්‍යයට සහ මුද්‍රිත මාධ්‍ය ගණනාවකට මම මගේ ස්තුතිය පුද කරනවා.

කෙසේ නමුත් ඒ ප්‍රකාශයේ දී මම මතු කළ මේ අතිශය වැදගත් කරුණු කාරණා පුවත්පත් දෙකක් පළ කළේ නැහැ. ඒ එක පුවත්පතක් වන්නේ 'දිනමිණ' පුවත්පතයි. ඇත්තටම ඒ පුවත්පතට මේ කරුණු කාරණා පළ කිරීමට හැකියාවක් නැහැ. අනෙක් පුවත්පත වන්නේ 'ලංකාදීප' පුවත්පතයි. මේ කාරණය 'දිවයින' පුවත්පතේ පළ කළාට 'ලංකාදීප' පුවත්පතේ පළ කර නැහැ.

එම නිසා මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කර්තෘ සංසදයටත්, එම සංසදයේ සභාපති සිරි රණසිංහ මහතාටත් පැමිණිලි කිරීමට මම තීරණය කර තිඛෙනවා.

යමෙකු කළ චෝදනාවක් හෝ ප්‍රකාශයක් ජනමාධ්‍ය ආචාර්ය ධර්ම පද්ධතියට අනුව පළ කළ යුතුව තිඛෙනවා. ඒ චෝදනාව හෝ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරක් ලබා ගැනීමට ඊට පසුව හැකියාව තිඛෙනවා.

ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ සභාපති සිරි රණසිංහ මහතාට මම දැනුම්දීමට යන්නේ මම කළ කතාව දිනමිණ පත්‍රයත්, ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාත් පළ කර නොමැති බවයි.

දිනමිණ පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා සහ ලංකාදීප පත්‍රයේ කර්තෘවරයා දෙදෙනෙකු ද, එක් අයෙකු ද කියා මම දන්නේ නැහැ.

සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධ කාරණයේ දී කිසිදු කොන්දේසියකින් තොරව ඉල්ලූ සියල්ලට ආණ්ඩුව සහ ජනාධිපතිවරයා එක`ග වුණා යැයි කියනවා නම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සරත් ෆොන්සේකාගේ ඉදිරි සිර ද`ඩුවම් කාලය අහෝසි කරන ලෙස පමණක් ද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවටත්, රටටත් - ජනතාවටත් කිව යුතු යැයි මම කළ ප්‍රකාශය මේ පුවත්පත් දෙකේම පළ කර තිබුණේ නැහැ.

එමෙන්ම ඉල්ලීම් සියල්ලටමඑ එක`ග වුණා නම් පූර්ණ නිදහස ඉල්ලා නොසිටියේ මැන්දැයි ප්‍රශ්න කළ මම පූර්ණ නිදහස ඉල්ලූවා නම් ඊට එක`ග වී පසුව පොරොන්දු වූ පරිදි එම නිදහස නොදී සිටියා නම් ඒ ගැන ද රටට - ජනතාවට කිව යුතු යැයි මම එම ප්‍රකාශයේ දී සඳහන් කළා.

විරුද්ධ පක්ෂයේ නායකයා ලෙසත්, සරත් ෆොන්සේකාට උදව් කළ දේශපාලන පක්ෂයේ නායකයා ලෙසත් මගේ කතාවේ දී මම කළ ඒ ප්‍රකාශය මේ අය අතහැරීම නිසා ඒ කතාවේ වැදගත්කමක් නොමැති වී තිඛෙනවා.

සරත් ෆොන්සේකාට නිදහස ලබා දෙන ලෙසට ඉල්ලමින් සටන් කළ අපට මේ කරුණු කාරණා සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍යයි. එසේ නම් මගේ කතාවේදී මම මතු කළ ඒ කාරණය ලංකාදීප පුවත්පතට පළ කිරීමට නොහැකි වූයේ ඇයි? මේ ගැන ශ්‍රී ලංකා කර්තෘ සංසදයෙන් මම ලිඛිතව කරුණු විමසීමට කටයුතු යොදා තිඛෙනවා.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 
ඊයේ සවස නවසීලන්තය බලා පිටත්ව ගියේය.

Share this article with your friends