මරාකරණයට සියල්ල සූදානම්: යන්ග් යකා යවන්න යන්නේ කොරහත් බිඳලා
දැනට විනාස මුඛයට යමින් තිඛෙන ශ්‍රී ලංකා ටෙලිකොම් නම් ශ්‍රී ලංකාවේ ජාතික වස්තුව තවදුරටත් විනාස මුඛයට යවමින් එහි ප්‍රධාන විධායක ධූරය මරා රෙජීමයට අත්පත් කර ගැනීමේ හදිසි චේතනාවෙන් කෝටි 5 කට ආසන්න අනවශ්‍ය වියදමක් දැරීමට යන පුවතක්
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ.දැනට විනාස මුඛයට යමින් තිඛෙන ශ්‍රී ලංකා ටෙලිකොම් නම් ශ්‍රී ලංකාවේ ජාතික වස්තුව තවදුරටත් විනාස මුඛයට යවමින් එහි ප්‍රධාන විධායක ධූරය මරා රෙජීමයට අත්පත් කර ගැනීමේ හදිසි චේතනාවෙන් කෝටි 5 කට ආසන්න අනවශ්‍ය වියදමක් දැරීමට යන පුවතක්
මොවුන් සිදුකරන්නට යන්නේ දැනට ශ්‍රී ලංකා ටෙලිකොම්හි ප්‍රධාන විධායක ධූරය දරණ ග්‍රෙග් යන්ග් නමැති ඕස්ටේ්‍රලියානුවාගේ සේවා කාලය අවසන් වීමට මාස 6 කට පෙර ඔහුට රුපියල් ලක්ෂ 480 ක් ගෙවා ඉවත් කර එම ධූරයට චමල් රාජපක්ෂගේ දෙවන පුත්‍ර ෂමින්ද්‍ර රාජපක්ෂ ගෙන ඒමයි. ෂමින්ද්‍ර රාජපක්ෂ දැනට ශ්‍රී ලංකා ටෙලිකොම්හි අධ්‍යක්ෂ ධූරයක් දරන්නෙකි.
මරා රෙජීමය මෙම හදිසි තීරණයට පැමිණ ඇත්තේ ප්‍රධාන විධායක ග්‍රෙග් යන්ග් සහ ෂමීන්ද්‍ර රාජපක්ෂ මෙතෙක් එකට එක්වී කරන ලද ඩීල් අප්සෙට් යාම නිසාවෙනි. එනම් ග්‍රේග් යන්ග් තනියම ඩීල් දැමීමට යාම නිසාවෙනි.
ඉන් ප්‍රධාන වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් යළි 'ඩයිමේ කොම්පැනිය' සමග ගනුදෙනු කිරීමට ගන්නා ලද තීරණයයි. ඩයිමේ සමාගම යනු කලකට පෙර ශ්‍රී ලංකා ටෙලිකොම් සමගම ව්‍යාපෘති වල නියැලූනු නමුත් පසුව කරන ලද වංචා නිසා ලංකාවේ බ්ලැක් ලිස්ට් කරන ලද සමාගමකි. පුදුමය නම් යලි ඩයිමේට ශ්‍රී ලංකා ටෙලිකොම් ව්‍යාපෘතියක් බාර දී තිබේ. මෙහි දී ඇති වූ ගනුදෙනු හුටපටයක් නිසා මරා රෙජීමයේ ෂමීන්ද්‍ර රාජපක්ෂ සහ ප්‍රධාන විධායක ග්‍රෙග් යන්ග් අතර මතබේදයක් ගොඩ නැගී තිබේ.
එම හේතු මත ග්‍රේග් යන්ග් ගේ සේවාකාලය අවසන් වීමට මාස 6 කට පෙර එය අවසන් කර එම තනතුරට ෂමීන්ද්‍ර පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. මෙහිදී ග්‍රෙග් යන්ග් සමග ඇති ගිවිසුම අනුව ඔහු කලින් යැවුවද ඔහුගේ ඉතිරි කාලයට ගෙවිය යුතු වැටුප්, දීමනා සියල්ල ශ්‍රී ලංකාවේ මුදලින් ගෙවිය යුතු වේ. එම මුදල රුපියල් කෝටි 4 යි ලක්ෂ 80 ක් පමණ වේ.
මෙම ග්‍රෙග් යන්ග් නමැත්තාද සුදු චරිතයක් නොවේ. ඔහුගේ පත්වීමේ සිටම ලංකා ඊ නිව්ස් එය හෙළිකර ඇත. එය යළි මතකයට නගන්නේ නම්, ටෙලිකොම් සමාගම පුද්ගලීකරණය කිරීමේදී එහි අයිතියෙන් සියයට 51 ක් ලංකාවේ භාණ්ඩාගාරයට අයිති වන අතර ඉතිරි සියයට 49 න් සියයට 40 ක් මැලේසියාවේ මැක්සීස් සමාගම මිලදී ගනී. ඉතිරිය කොටස් වෙළඳ පොලේ වෙන්දේසියේ දමයි.
ප්‍රධාන විධායක ධූරය ඇතුළු සියළු ප්‍රධාන තීන්දු ගැනීමේ අයිතිය ලංකාවට තිබියදී මැක්සීස් සමාගම ලංකාවේ එවකට සිටි ටෙලිකොම් සභාපති ලේෂා ද සිල්වා චන්ද්‍රසේන ගොනාට අන්දා තමන්ට හිතවත් ග්‍රේග් යන්ග් ටෙලිකොම්හි ප්‍රධාන විධායක ධූරයට ගෙන්වා ගනී. මෙම කූඨ කුමන්ත්‍රණය
ඊට අමතරව ඔහු අද ගෙවන්නේ ආසියාවේ වඩාත්ම සුපිරි නිලධාරියා ලෙස ය. අංක 51 බ්‍රේ බෘෘක් හි පිහිටි එම්පයර් රෙසිඩන්ස්හි 35 වෙනි මහලේ පෙන්තහවුස් ගෘහ සංකීර්ණයක ග්‍රේග් යන්ග් සහ බාබරා යන්ග් යන දෙන්න දෙමාල්ලෝ වෙසෙති. ඇත්තටම එම පෙන්තහවුස් ගෘහය ගෘහයක් නොව ගෙවල් තුනක සංකීර්නයක් සහිත එකම තට්ටුවකි. එහි මාසයක කුලිය රුපියල් ලක්ෂ 13 කි.
මෙය කියවන ඔබට විශ්වාස කළ හැකිද? අප ඔබ ගෙවන දුරකථන බිල් වලින් ප්‍රධාන විධායකයාගේ නිවසට පමණක් රුපියල් ලක්ෂ 13 ක් ගෙවිය යුතුය. මෙය තුන්වැනි ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාවේ තබා ඇමරිකාව බි්‍රතාන්‍යය වැනි සුපිරි රටකවත් නොසිදුවන්නකි.
මේ සියල්ල සිදුවෙද්දී ටෙලිකොම් සභාපති වන නිමල් වෙල්ගම නපුංසක චරිතයකට පණ පොවමින් ඔහේ සිටී.
කෙසේ වෙතත් දැන් සිදුවන දේ ඊටත් වඩා භයානක වී තිබේ. මන්ද යත් මොහු ඉවත් කරන බව ඔහුට දැනීම නිසා මොහු රුපියල් කෝටි 200 ක් පමණ වන ව්‍යාපෘති ගිවිසුම් 10 ක් පමණ දැනටමත් අත්සන් කර තිබේ. මන්ද යත් ඔහු ඇත්ත වශයෙන්ම සේවය කරන්නේ මැලේසියානු මැක්සීස් සමාගමට බැවින් ඉදිරි වසර 5 ක් පමණ තිස්සේ ගතමනාව සොයා ගැනීමට ය. මෙම අත්සන් කරන ලද ගිවිසුම් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත අවශ්‍ය සිස්ටම් ඩිවෙලොප්මන්ට් සඳහා වන මෘදුකාංග ආදී ගිවිසුම් ය. මේවා අඩු දියුණු නුසුදුසු ඒවා බව ටෙලිකොම් හි ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරු පවසති.
ග්‍රේග් යන්ග් ඉවත් කළ යුතුම වුවත් දැන් මරා රෙජීමය විසින් කරන්නට යන්නේ ඊටත් වඩා විනාශ කාරී සිදුවීමක් බව ටෙලිකොම් සේවකයන්ගේ මතයයි. යන යකා යන්න යන්නේ තවත් කෝටි 5 ක් පමණ ඩැහැගෙන අනාගත ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමත් විනාශ කරගෙනය. ඒ ගැන කිසිදු අවබෝධයක් නැති මරා රෙජීමයට අවශ්‍ය වී ඇත්තේ එම තනතුරට නුසුදුසු රාජපක්ෂ කෙනෙක් පත් කරගෙන විනාශය ඩබල් කරගන්නටය.
මේවා හේතුවෙන් අනාගතයේදී ජාතික වස්තුවක් වැනි ටෙලිකොම් ආයතනය බරපතල කඩා වැටීමකට ලක්විය හැකි බවට සේවකයෝ අනතුරු අඟවති. එවැන්නක් සිදුවුවහොත් 7000 ක් පමණ සේවක සංඛ්‍යාවකගේ පවුල් අනාථ වනවාට වඩා සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාණ නාලිය වැනි ජාතික සන්නිවේදකයා විනාශ වීමය.
මෙවැනිම ආකාරයෙන් පිටරටින් පැමිණි විනාසකාරී පුද්ගලයෙකුගේ සටකපට විනාසකාරී වැඩ පිලිවෙලවල් නිසා සන්ටෙල් නමින් තිබූ සන්නිවේදන සමාගම කඩා වැටුනු අයුරු සිහිතබා ගත යුතුය.
.
ටෙලි කොමියුනිකේෂන් චක්‍රවර්තී - අමල් ජිනප්‍රිය විසිනි