වාණිජ බැංකුවල ආයෝජන තැන්පත් රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමට තීරණය කර ඇත. වාණිජ බැංකුවක ආයෝජන තැන්පත් යනු එම බැංකුවේ ශක්තිය පෙන්නුම් කරන අංශයකි. ආයෝජන තැන්පති නොමැති වීම යනු එම බැංකුව දුර්වල මූල්‍ය ආයතනයක් වශයෙන් නම් වන අවස්ථාවකි.
කෙසේ වුවද, රජය විසින් ගනු ලැබූ මෙම තීරණය තුළින් වාණිජ බැංකු අර්බූදයකට හා අවදානමකට ලක් කොට ඇත. ආණ්ඩුව විසින් මෙම මුදල් මාර්ග සංවර්ධනයට යෙදවීමට තීරණය කර ඇති අතර, රජයේ සංවර්ධන කාර්යයට මුදල් යෙදවූ පසු එම මුදල් ආපසු ගැනීමේ ගැටලූව හේතුවෙන් මූල්‍ය ආයතන දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවද වාර්තාවේ.
Source - lankanewsweb.com