එජාප පාර්ලිමේන්තු මන්ත්රී කරු ජයසුරිය මහතා සහ බිරිඳ ගමන් ගත් රථය සහ ඔවුන්ගේම ආරක්ෂක රියක් සමග එකිනෙක ගැටී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ. මෙම රිය අනතුර සිදුව ඇත්තේ මිරිජ්ජවිල ප්රදේශයේ දීය. මේ වන විට දෙදෙනාම හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ට ඇත්තේ සුළු තුවාල පමණක් බව පැවසේ. කෙසේ වෙතත් කරු ජයසූරිය මහතා සහ බිරිඳ එක්ස් කිරණ පරීකෂාවකට ලක් කිරීමට නියමිත ය. මෙම අනතුර සිදුවූයේ අද සවස 4.30 පමණය. සේයාරුවේ දැක්වෙන්නේ අනතුර සිදුවූ ස්ථානයයි.
කරු ජයසූරිය මහතාට පසුගිය කාලය මෙන්ම ඉදිරිකාලයද බරපතල අපල කාලයක් බව ඔහුගේ දෛවඥයෝ අනතුරු අඟවා තිබිණ.
කරු ජයසූරිය මහතාට පසුගිය කාලය මෙන්ම ඉදිරිකාලයද බරපතල අපල කාලයක් බව ඔහුගේ දෛවඥයෝ අනතුරු අඟවා තිබිණ.