Chitika Smowtion 468x60


Saturday, June 2, 2012

වරද පිළිගන්නැයි ජෙනරාල්ගේ ලේකම්ට බලපෑම්


පසුගිය ජනාධිපතිවරණ සමයේදී පැනගිය යුද හමුදා සෙබළුන් 10 දෙනෙකු රඳවා තබාගෙන ඔවුන් රාජපාක්‍ෂික භාවයෙන් තොර කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට අධාර අනුබල දුන්නේ යැයි මහාධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින විශ‍්‍රාමික කපිතාන් සේනක ද සිල්වා මහතාට එම චෝදනාවන් පිළිගන්නැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු බලපෑම් කර ඇතැයි වාර්තාවේ.
චෝදනා 41 ක් යටතේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇත. එම නඩුව මේ වන විටත් මහාධිකරණයේ විභාග වෙමින් පවතින අතර, ලබන 07 වන බ‍්‍රහස්පතින්දා යළි එය විභාගයට ගැනීමට නියමිතය. එම අවස්ථාවේදී වරද පිළිගන්නේ නම් සේනක ද සිල්වා මහතාගේ ව්‍යාපාරික කටයුතු සඳහා ආධාර උපකාර කිරීමටත්, විදේශ ගමන් බලපත‍්‍රය වහාම යළි ලබාදීමටත් ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරියා ඔහුට පොරොන්දු වී තිබේ.
හිටපු යුද හමුදාපතිවරයා දේශපාලනයට පිවිසීමේදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සේනක ද සිල්වා මහතා, ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් මොහොතේම ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඉහත චෝදනා යටතේ වසර එකහමාරකටත් වැඩි කාලයක් රැඳවුම් නියෝග යටතේත්, අධිකරණ නියෝග යටතේත් රඳවාගෙන සිටියේය. අධිකරණයෙන් ඔහුට ඇප ලැබුනේ මීට වසරකට පමණ පෙරය.
එම චෝදනා යටතේ නඩු පවරා ඇති ප‍්‍රධාන විත්තිකාර සරත් ෆොන්සේකා මහතාටද පසුගිය 18 වනදා ඇප ලැබිණ.
ෆොන්සේකා මහතාට එරෙහි සියලූ නඩු ඉල්ලා අස් කර ගන්නා බවට ජනාධිපතිවරයා, ටිරාන් අලස් මන්තී‍්‍රවරයාට පොරොන්දු වී තිබුණද, එය මෙතෙක් ඉටු කර නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කි‍්‍රයාකාරිකයෙකු අප වෙත පැවසීය. ඒ අනුව යුද සෙබළුන් 10 දෙනෙකු බලහත්කාරයෙන් රඳවා ගැනීමේ නඩුවත්, ෆොන්සේකා මහතාගේ බෑණා වන ධනුක තිලකරත්න මහතාගේ මෑණියන්ට එරෙහිව පවරා ඇති නඩුවත් මෙතෙක් ඉල්ලා අස් කරගෙන නොමැත.


Source - lankanewsweb.com

Share this article with your friends