Chitika Smowtion 468x60


Saturday, June 2, 2012

ජනාධිපතිවරයා සචින් වාස් ගුණවර්ධන කොමිස්කාරයකු බව පිළිගනී


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (31) ප‍්‍රථමවරට සිය රහස්‍ය මූල්‍ය උපදේශකයා වන ගාලූ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ඉහළ පෙළේ කොමිස්කරයකු බව පළමු වතාවට පිළිගෙන තිබේ.


මෙයට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයා ළඟදීම සංචාරය කිරීමට නියමිත ලතින් ඇමරිකානු රටවල් කිහිපයක් සඳහා ගමන් කිරීමට සචින් වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා නවතම ගුවන් යානයක් කුලී පදනම මත ලබා ගැනීමට දැරූ උත්සාහයේදීය. මේ සඳහාවන රුපියල් මිලියන ගණනක ගුවන් යානා ගාස්තුව ජනාධිපතිවරයාගේ නොසතුටට හේතු වී තිබේ.
මෙම ගුවන් යානා ගාස්තු ඇස්තුමේන්තුව දුටු ජනාධිපතිවරයා වහාම ශ‍්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ බලධාරීන් අමතා මෙම ගුවන් ගමන් පහසුකම් සැපයීම ඔවුන්ට කළ නොහැක්කේ මන්දැයි විමසා තිබේ. ඊට පිළිතුරු දී ඇති ශ‍්‍රී ලංකන් එයාර්ලයින් සමාගමේ බලධාරීන් පවසා ඇත්තේ සචින් වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා තමන් ගෙන් කිසිවිටක මිල ගණන් නොකැඳවූ බවයි.
මින් බලවත් ලෙස කෝපයට පත් වී ඇති ජනාධිපතිවරයා ‘‘ඔව් ඉතිං ශ‍්‍රී ලංකන් එයාර් ලයින් එකෙන් කොමිස් ගත්තොත් මාට්ටුවෙනවනේ’’ යනුවෙන් සියලූ දෙනා ඉදිරියේ පවසා ඇත. නමුත් මේ දක්වා සචින් වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුව අවලංගු කිරීමට කටයුතු කර නොමැත.
මේ මස 03වනදා එංගලන්තයේ මහරැජිනගේ දියමන්ති ජුබිලිය සැමරීම සඳහා ලන්ඩන් බලා යන ජනාධිපතිවරයා 7වන දා ශ‍්‍රී ලංකාවට පෙරළා පැමිණීමට නියමිත අතර එසේ පැමිණි විගස මෙම ලතින් ඇමරිකානු සංචාරය ආරම්භ කිරීමට නියමිතය. ජනාධිපතිවරයා මේ දිනවල බරපතල අපල කාලයක් ගත කරන හෙයින් ජෝතිෂඥයන්ගේ උපදෙස් මත හැකිතරම්දුරට ශ‍්‍රී ලංකාවෙන් බැහැරව සිටීමට සැලසුම් කර තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends