‘රාවය’ පුවත්පත වාර්තා කර ඇති පරිදි ‘සුදු කොඩි’ නඩුවෙන් නියම කර තිබූ රුපියල් 5,000 ක දඩ මුදල ෆොන්සේකා මහතා විසින් ගෙවා ඇත්තේ එම මුදල ගෙවන ලෙස අධිකරණ අමාත්‍යංශයේ දන්වා සිටීම නිසාය. ඒ අනුව ෆොන්සේකා මහතා විසින් එම දඩ මුදල පසුගිය 28 වනදා ගෙවා ඇත.
එහෙත් දඩ මුදල් සම්බන්ධයෙන් එම ලිපියේ කිසිවක් සඳහන් නොවේ. අදාළ නඩු තීන්දුවට අනුව වසර තුනක සිර දඩුවමක් සහ රුපියල් 5,000 ක දඩ මුදලක්ද නියම කර, අදාළ දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 06 ක සිර දඩුවමක් හිමි වන බවට මහාධිකරණය නියෝග කර තිබිණ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් දඩුවම් අහෝසි කිරීමේදී දඩුවමේම කොටසක් වූ අදාළ දඩ මුදලද අහෝසි වී ඇතැයි නීති ක්‍ෂෙත‍්‍රයේ කතාබහට ලක් විය. එහෙත් ෆොන්සේකා මහතා නිදහස්වීමෙන් අනතුරුව අදාළ දඩ මුදල ගෙවීම නීති ක්‍ෂෙත‍්‍රයේ අර්බූදයක් ඇති කර තිබේ.
ජනාධිපතිවරයා දඩ මුදලට අදාළ සමාවක් ලබාදී නොමැති බව ඉන් පැහැදිලි වේ. එවැනි තත්ත්වයක් තුළ දඩ මුදල් නොගෙවා ෆොන්සේකා මහතා බන්ධනාගාරයෙන් නිදහස් වූයේ කෙසේදැයි බරපතළ ගැටලූවක් මතුව ඇත. දඩ මුදල් නොගෙවීම නිසා මේ වන විටත් සිරකරුවන් දහස් ගණනක් බන්ධනාගාරය තුළ ගාල් කර සිටී. එවැනි තත්ත්වයක් තුළ දඩ මුදල් නොගෙවා ෆොන්සේකා මහතා නිදහස් කිරීම අධිකරණ අමාත්‍යංශයේ නොසැලිකිලමත් මත සිදුවූවක්ද යන්න බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කතාබහට ලක් වී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු කියා සිටියේ, ෆොන්සේකා මහතා නිදහස් කිරීම ඇමරිකානු බලපෑම් මත සිදු වූවක් බවත්, විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය හමුවීමට පෙර ෆොන්සේකා නිදහස් කිරීමට ඇමරිකාවට එකඟව සිටි බැවින්, ඊට අදාළ කටයුතු කඩිමුඩියේ සිදු කිරීම හේතුවෙන් නීතියේ ගැටලූ ගණනාවක්ම මතු වී ඇති බවයි.
මෙම තත්ත්වය තුළ අධිකරණ අමාත්‍යංශය සහ බන්ධනාගාර අමාත්‍යංශ නිලධාරීන් අතර අභ්‍යන්තර ගැටුම් මතු වී ඇතැයිද එම ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Source - lankanewsweb.com