Chitika Smowtion 468x60


Saturday, June 2, 2012

සෝමරතන චීවරධාරියා සාසනයෙන් නෙරපන්න - ලන්ඩන් බෞද්ධයෝ ඉල්ලති


දැරියක් දූෂණය කිරීමේ වරදට ලන්ඩනයේදී වසර 7 ක් සිරගෙට නියම වූ ලන්ඩන් තේම්ස් විහාරයේ ප්‍රධාන සංඝනායක සෝමරතන චීවරධාරියා වහාම ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනයෙන් නෙරපා හැරීමට කටයුතු කොට බුද්ධාගමේත් රටේ කීර්ති නාමයත් ආරක්ෂා කරන්නැයි ලන්ඩන් බෞද්ධයෝ ලංකාවේ මහ නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.

විදෙස්ගත බෞද්ධයන්ට ඉමහත් අපකීර්තියක් ගෙන දුන් මෙම සිදුවීමට මුහුණ දුන් කුල කාන්තාවද ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ කාන්තාවක් බැවින් මෙම චීවරධාරියා සසුනෙන් ඉවත් කිරීමට මහනායක හිමිවරුන්ට කිසිදු බාධාවත් තිබිය නොහැකි බව ලන්ඩන් බෞද්ධ ජනතාවගේ මතය වී තිබේ.

මේ සම්බන්ධයෙන් 
අප වෙබ් අඩවිය වෙත අදහස් පළ කළ ලන්ඩන්හි ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් පැවසුවේ මෙය ඉමහත් නින්දාවක් බවයි. තමන් ලන්ඩනයට පැමිණ වසර 30 ක් පමණ වන කාලය තුල මෙවැනි අපකීර්තිමත් සිද්ධියක් වී නැතැයි ඔහු පැවසීය.

මෙවැනිම බාල දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට ශ්‍රී ලංකාවේ ලක්ව සිටින මිහින්තල රජමහා විහාරයේ ප්‍රධානියාව සිටි නාමල්වැව රතනසාර නම් චීවරධාරියාගේ නඩුව අහවර වනතුරු විහාරාමාධිපති ධුරය මෙන්ම සංඝනායක ධූරයද මලවත්තේ පාර්ශවයේ සංඝ සභාව විසින් ඉවත් කළා සේ මේ වන විට වරදකරු වී සිර ද
ඬුවම් ද නියම කර සිටින මෙම පහලගම සෝමරතන චීවරධාරියා වහාම ශාසනයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයි ලන්ඩන් බෞද්ධයෝ වැඩිදුරටත් පවසති.

Share this article with your friends