Chitika Smowtion 468x60


Tuesday, October 30, 2012

නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා


Updated 29/10/12

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග ආන්දෝලනාත්මක දෙබස ඇතිවුයේ අප පෙර ලබා දුන් ඉඟියකින් කියවුණු සභාපතිවරයා සමග නොවනව බවත් ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතා සමග වනබව මේවනවිට අප වෙත තහවුරු වී තිබෙනවා.

_______________________________________________ 
එජාප දේශපාලනඥයකුට සම්බන්ධ ඇලෝෂියස්‌ පවුලේ මුණුපුරකුගේ විවාහ උත්සවයක් පසුගිය අඟහරුවාදා හිල්ටන් හෝටලයේ පැවැත්වුණා.

මේ නිසා මඟුල් ගෙදරට රනිල්, ජයලත්, නාමල්, ජොන්ස්‌ටන්, යෝෂිත, ජෝන් වැනි විශාල දේශපාලඥයින් පිරිසක්‌ සිටි අතර එම තරුණයා විදේශයන්හිදී ඉගෙනගෙන ඇත්තේ නාමල් රාජපක්‍ෂ සමඟ එකටය.

මඟුල් ගෙදර ටික වේලාවක්‌ සිටි නාමල් රාජපක්ෂ ද ආපසු යන්නට එලියට පැමිනෙනවිටදී හෝටලයට එක්‌තරා ප්‍රකට රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්‌ පැමිණ සිටියේය.

ඔහු වෙත ගිය නාමල් පැවසුවේ "මම මේ ඔබතුමා හමුවෙන්නයි බලා හිටියේ. ඔබතුමා ගැන ලොකු දෝෂාරෝපණයක්‌ තියෙනවා අපේ පක්‍ෂයෙන්. ඔබතුමා ශ්‍රී ලංකා එකට සම්බන්ධ තරුණ පිරිසක්‌ රැකියාවලට නොගෙන ඉවත් කරලා එජාපයේ තරුණ සංවිධානවලට සම්බන්ධ පිරිසක්‌ සේවය ස්‌ථීර කරලා තියෙනවා. ඇයි එහෙම වැඩ කරන්නේ."

"මම බැංකුවට මේ සේවය කරන්නේ ආණ්‌ඩුවටයි, පක්‍ෂයටයි සේවය කර කර නොවෙයි. මට කවුරුත් එකයි". සභාපතිවරයා නාමල් ගණන් නොගෙනම කීවේය.

ඔව්. ඒ බව පේනවා. නමුත් මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ නොතකා එජාපයේ අය බඳවා ගත්තේ ඇයි එහෙනම්.

මම මන්ත්‍රීවරුන්ගේ නියෝග භාරගන්න බැඳිලා නැහැ.

හරි... ඒ වුණාට ඔබතුමා මතක තියාගන්න ඔබ ඔය සභාපතිකමක සැප විඳින්නේ ගමේ ගොඩේ අහිංසක ශ්‍රී ලංකාකාරයන් ඡන්දය දීල හදපු ආණ්‌ඩුවකින්ය කියන එක.

මම මේ තනතුරට ආවේ දේශපාලනයෙන් නෙවෙයි. මගේ සුදුසුකම් වලින්.එක නිසා මම වැඩවලට දේශපාලනය ගාවාගන්නේ නැහැ.

සභාපතිවරයාගේ එම පිළිතුරට නාමල්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇත.

එහෙම කතා කරන්න එපා.ඔබතුමා කොහෙන් කොහම ආවද කියල මට වැඩක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න ..ඉස්සෙල්ලම මිනිස්සුන්ට සලකන්න ඉගෙන ගන්න.නැත්නම් අප්‍රසාදයට පත්වෙන්නේ ආණ්ඩුවයි. මම ඊළඟට ජන්දේ දිනයි. ඊළඟ එකත් දිනයි. එහෙම නැත්නම් මට ප්‍රක්ටිස් කරන්න හරි පුළුවන්. හැබැයි මෙහෙම ගියොත් ආණ්ඩුව තියෙන එකක් නැහැ. UNP එකටත් උනේ ඒකයි.  

සභාපතිවරයා නාමල්ගේ කතාව පිළිගත්තේ ද නැත. නාමල් ඇරියේ ද නැත. ටික වේලාවක්‌ මේ වාදය ඇදී ගියේය. ජොන්ස්‌ටන්ලා නාමල්ව කැඳවාගෙන ගියේ මේ හබය දුරදිග යන ලකුණු පෙන්නූ නිසාය.







Source: http://www.gossip9.com/2012/10/blog-post_28.html#ixzz2An9m3mCh

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends