විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට අද පස්වරු හතෙන් පසුව මිලිමීටර් 10 කට අඩු වර්ෂාපතනයක්.
තාරකා වල හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමයක් පාසැල් සිසුවෙකු විසින් සොයාගන තිබෙනවා.
කුරුණෑගල මලියදේව විද්‍යාලයේ 11 වසරේ සිසුවෙකු වන ඔහු මාලින් ජයනාත් විජේරත්නයි.
තාරකා වල පිහිටීම නිරීක්ෂණය කල ඔහු ඒ ඇසුරින් වර්ෂාපතනය හා කාලගුණ අනාවැකි කිව හැකි ක්‍රමවේදයක් නිර්මාණය කල අතර ඒ සඳහා ජාතික විද්‍යා පදනම විසින් මෙම වසරේ පවත්වන ලද තරඟාවලියේදී ඔහු පලමු ස්ථානය දිනාගන තිබෙනවා.
ඉන් පසුව ඇමරිකාවේ පීටර්ස්බර්ග් නගරයේ පැවති අන්තර්ජාතික ඉන්ජිනේරු හා විද්‍යා තරඟාවලියට සහභාගීවීමේ අවස්ථාව ඔහුට හිමිවූ අතර ඔහු විසින් ඉදිරිපත් කළ තාරකා හා ග්‍රහලෝක වල පිහිටීම ඇසුරින් කාලගුන අනාවැකි කීමේ ක්‍රමවේදයට එම තරඟාවලියේ හොඳම නිර්මාණාත්මක හා විද්‍යාත්මක නිබන්ධනය සඳහා වන අංශයේ පදක්කම හිමිවුණ.
ඒ නව නිර්මාණකරණය පිළිබඳව රටවල් 65ක සිසුන් 1,600ක් අතුරින්.
එම තරඟය පැවැත්වුන දිනයේදී එම නගරයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් එම නගරයේ කාලගුණ අනාවැකිය අනුව ගිගුරුම් සහිත වැසි දිනයක් බවට ප්‍රකාශ කර තිබුණා.
නමුත් මෙම සිසුවාගේ අනාවැකියට අනුව එය සුළු වර්ෂාපතනයක් ලැබෙන දිනයකි. සැබෑවටම එදින සුළු වර්ෂාපතනයක් පමණක් ලැබී තිබූ නිසා තරඟ සංවිධායකයින්ගේ පැසසුමට පවා එය ලක්වී තිබුණා.
ඔහුගේ මෙම නව ක්‍රමවෙදය අනුව ඉදිරි වසර 9999 සඳහා ලෝකයේ ඕනෑම රටක ඕනෑම නගරයක කාලගුණය පිළිබඳව අනාවැකි කිව හැකිය.
වයඹ පලාතේදී ඔහුගේ ක්‍රමවේදයේ නිරවද්‍යතාවය 90%කට ආසන්න වන අතර ඇමරිකාවේ පීටර්ස්බර්ග් හිදී එය 97%කටත් වඩා නිරවද්‍ය වී තිබෙනවා.
මේ පිළිබඳව සිසුවා පවසන්නේ මෙවැන්නක්.
මම මාගේ ව්‍යාපෘතියේදී යොදාගන්නවා කරුණු හතරක්. මේ කරුණු හතර තමයි
1) පිහිටීම
2) තරු වල පිහිටීම
3) ඇසිමුත් රේඛා පද්ධතිය
4) යොදා ගන්න කාලය
ඇසිමුත් රේඛා පද්ධතිය කියන්නේ අක්ෂාංශ දේශාංශ වල රේඛා පද්ධතියක්. මේ තරුව වල පිහිටීමේ වෙනසක් ඇතිවෙනවානම් ඒ වෙනස සොයාගන්න පුළුවන් මෙම රේඛා පද්ධතිය මගින්.
ඔහුගේ මෙම කාලගුණ අනාවැකි කිවහැකි ක්‍රමවේදය ඇසුරින් ඉදිරි පැය 24 තුළ (අද දිනයේ) ලංකාවේ ප්‍රධාන නගර කිහිපයක කාලගුණ අනාවැකිය මෙසේය.
යාපනයට මිලිමීටර් 25-50ත් අතර. ත්‍රීකුණාමලයට මිලිමීටර් 50-150ත් අතර, මඩකලපුවට මිලිමීටර් 25-50ත් අතර, කොළඹට මිලිමීටර් 25-50ත් අතර වර්ෂාපතනයක් ඇතිවේ.
එමෙන්ම ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරඟාවලිය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට අද පස්වරු හතෙන් පසුව මිලිමීටර් 10 කට අඩු වර්ෂාපතනයක් ඇතිවන බවට ඔහු අනාවැකි පළකර සිටි.
මේ පිළිබඳව වීඩියෝව පහතින්.
මීට පෙර ඔහු පිළිබඳව පලවූ වීඩියෝවක්.
මීට පර මෙම ආකාරයටම ග්‍රහ පිහිටීම අනුව ඕනෑම රටක ඇතිවන භූ කම්පන කල්තියා කිව හැකි ක්‍රමයක් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාමක් විසින් සොයාගන තිබුනා.
ගතවූ වසර සියයක කාලයේ ලොව පුරා සිදුවූ රිච්ටර් මාපක අගය හය ඉක්මවූ ප්‍රධාන භූකම්පන සියල්ල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සොයාගන තිඔබූ එම ක්‍රමවේදය අනුව භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
නමුත් තවත් මහාචාර්යවරු පිරිසක් විසින් එසේ කිව නොහැකි බවට පුවත්පත් සාකච්ජා තබමින් ගිය අතර කෙසේ හෝ එම ක්‍රමවේදය පිළිබඳව තිබූ හඬ යටපත්වී ගියා.
Source: http://www.gossip9.com/2012/10/blog-post_5590.html#ixzz2AnQg8Jhu