Chitika Smowtion 468x60


Tuesday, October 30, 2012

අලුත්වන කොළඹ ඉදිවන අහස සිඹින ගොඩනැගිලි

Ndocean Tower


ඉන්දියාවේ කොල්කටාවේ ඉන්දු ඕෂන් ඩිවලොපරස් සමාගම කොළඹ කොම්පඤඤවීදියේ බේරේ වැව ඉදිරිපිට මහල් 68 සුඛෝපභෝගී තට්ටු නිවාසයක් ඉදිකිරීමට යයි. 2016 දී වැඩ අවසන් වන මේ කුලුන ශ්‍රී ලාංකිකයන් නොවන විදේශිකයන් අය ඉලක්ක කෙරෙයි. 
නාන තටාක, නැරඹුම් මැදිරි . ක්‍රීඩාගාර , ටෙනිස් පිටි ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙයි. එහි 57 වැනි මහලේ හෙලිකොප්ටර් අංගනයකි.







Krrish Square




ඉන්දියාවේ ක්රිෂ් ගෘප් සමාගම 2016 වනවිට මහල් නිවාස සංකීර්ණ හතරක් ඉදිකිරීමට යයි. උසම කුලුනේ තට්ටු 90 කි. එය ඉදි කරනුයේ කොළඹ කොටුවේ අක්කර හතරක භුමියකයි. සෑම කුලුනක පළමු මහල් 10 මෝටර්රථ නැවැත්වීමට වෙන් කර ඇත. . 

Hyatt Regency Colombo


ගාලු මුවදොර හයිට් රිජන්ට් සමාගම තරුපහේ හෝටලයක් ඉදි කිරීමට දැනටමත් අරඹා ඇත. තට්ටු 45 කින් සමන්විත එම හෝටලය සිනෝ ලංකා හෝටලය හා ස්පා සමාගම ඉදිකරයි. 

Dawson Grand Towers



දකුණු කොරියාවේ කියන්හැට් සමාගම මහල් 38 කින් හ 42 කින් සමන්විත තට්ටු නිවාස 174 ක් කොළඹ බෞද්ධාලෝක මාවතේ ඉදිකිරීමට යයි. 


Shangri-La Colombo 



2015 දී විවෘත කිරීමේ අරමුණින් ෂන්ග්ග්‍රිල හොටල සමාගම ගාලු මුවදොර තට්ටු 30 ක තරු පහේ හෝටලයක් ඉදිකරයි. හොංකොංහි ශාන්ග්‍රිල්ල හෝටල් රිසෝට් සමාගම එහි අයිතිකරුය. ඉන්දියාවේ ඇකොර් සමාගම කොළඹ කොල්ලුපිටියේ සුඛෝපභෝගී මහල් නිවාස 350 ක් ඉදි කිරීමට යයි. එහි මහල් ගණන 47 කි. 

කොටුවේ රජයේ වැඩ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ (ට්‍රාන්ස් වර්ක්ස් මන්දිරයේ) තරු පහේ බුටික් හෝටලයක් හෙවත් මහේශාක්‍යය අවන්හලක් විවෘත කිරීමට යයි. 







Source: http://www.gossip9.com/2012/10/blog-post_26.html#ixzz2AiK6u2RQ

Share this article with your friends