ජාතියේ ප්‍රෞඩත්වය ලොවට කියාපාන පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිම මේ වනවිට විනාශ වෙමින් පවතී.
ගල් විහාරයේ මෙම ප්‍රතිමා ආරක්‌ෂා කිරීම සඳහා මෑතකදී තැනූ දුගී පියස්‌සේ වූ පාදම් කණු ඛාදනය වී අවපැහැ ගෙන තිබෙන අතර වහලයේද තැනින් තැන මලකඩ කා තිබෙනු දක්නට හැකිය.
දුර්වර්ණව මල කෑ සෙවිලි තහඩු අතරින් රූරා වැටෙන මලකඩ සහිත වැසි දිය පිළිම මතද වැටී එකතුවී ඇති අතර වසර දහස් ගනනක් අව්වට වේලෙමින් , වැස්සට තෙමෙමින් තිබූ පිළිම මෑත කාලයේ අව පැහැගැන්වී ඇත්තේ මලකඩ ඒ මතට වැටීම නිසාය
කැටයමින් යුතු විද්‍යාධර ගුහාවෙහි මුව දොර වසා ඉදිකළ යකඩ කූරු දැල මුළුමනින්ම මල කා දිරාපත්ව ගොස් ඇත. ගෙදරක බලු කූඩුවකට මීට වඩා සැලකිල්ලක් තිබේ. දිරාපත් යකඩ දැලෙහි කම්බි දරා සිටිනා ආධාරයක සවි වූ පුරාණ ගල් පුවරුවත් යකඩ මලින් දුර්වර්ණ වී ඇත
ගතයුතු තීන්දු නිසි මොහොතෙහිදී නොගන්නා කාලකණ්‌ණි කමේ අවසාන ප්‍රතිඵලය දැන් පෙනෙමින් තිබේ. එළඹ ඇති වැසි සමයේදී ගල් විහාරයේ පිළිම වහන්සේලා රක්‌ෂා කිරීමට මේ පියස්‌ස අපොහොසත්ය. දිරාපත්ව මලකෑ තහඩු මතින් බේරී රූරා වැටෙන දිය, පිළිම වහන්සේලා මත පතිත වෙමින් දැන් අලුත් අවදානමකට මුහුණ දී සිටිති.
තෙමෙමින් ඇති පියස්‌ස නවීකරණය කිරීමට යන වියදමට ඉංජිනේරු සංස්‌ථාවේ හා මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ හෙට්‌ටු කරමින් සිටිනවා විනා මේ සිදුවෙමින් ඇති මහා ව්‍යසනයෙන් ජාතියට වන හානිය පිළිබඳ තක්‌සේරුවකට පැමිණිය හැකි විඤ්ඤාණයක් නැත.
මුන් ලෝකය ඉදිරිපිට නිරුවත් කරන්නේ ජාතියේ අභිමානය ය.
මෙවැනි දේ දකිනා විට සිතෙහි මැවෙන්නේ අතීතයේ පෞරුෂවත් මනුෂ්‍යයින් විසින් ශේෂ කර ගිය අභිමානය වත් විලිලඡ්ජාවකින් තොරව විකුණාගත නොහැකි හිඟන ජාතියක පිළිකුල් සහගත යථාර්ථයේ දුක්‌මුසු හැඩතලය.
ගල් විහාරයේ පියස්‌ස
පොලොන්නරු යුගයේ ප්‍රභාව වියෑකී ගිය මහා පැරකුම්බාවන්ගෙන් අනතුරු වකවානුවේ ගල් විහාරයේ ප්‍රතිමා ගෘහය සියවස් ගණනාවක් තිස්‌සේ අව්වට නිරාවරණය වූහ. වැසි දියෙන් තෙමුණාහ. එහෙත් සොබා දහමේ විචලනයන් පීඩාවන් පිළිම වලට ඇතිවූයේ නැත.
ගල් විහාරයේ මහා ගල් පව්ව විද මීට දශකයකට තරම් මෑතකදී විසල් පියස්‌සක් තැනෙන්නේ අනතුරුවය. යකඩ සැකිල්ලක් මත විශේෂ සෙවිලි තහඩුවලින් එම පියස්‌ස නිමවා තිබිණි. මෙම පියස්‌ස නිර්මාණය කරන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවය. එය බෙහෙවින්ම වගකීම් සහිත, විශේෂ කාර්යයක් සේ සලකා එම ආයතනය වෙත පවරා තිබිණි.
එහෙත් සැතපෙන පිළිම වහන්සේ සහිත ප්‍රධාන පියස්‌සේ යකඩ සැකිල්ලෙහි ඉදිරිපස දැවැන්ත ධාරක කණු යුගලය අනුමත ප්‍රමිතිය ප්‍රකාරව නොපිහිට වූ බව දැනගන්නේ පියස්‌ස තනා වසර කීපයක් ගත වූ පසුය.
කම්බි කණු සිටුවන්නාක් සේ යකඩ ධාරකය වළ දමා කොන්ක්‍රීට් කළ ආකාරයත් දැන් එහි ඉදිරිපස දැවැන්ත යකඩ කණු දිරාපත් වන ආකාරයත් හඳුනාගෙන තිබේ.
ඉදිරියේදී මෙම පියස්‌ස දැවැන්ත ප්‍රතිසංස්‌කරණයකට ලක් කරන්නට නියමිත වන්නේ ඒ පසුබිමෙහිදීය. රටේ රාජ්‍ය ආයතනවල වගකීම් රහිත හැසිරීම පිළිබඳව ඉන් අනතුරුව රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව විසින් රටට ඇඟ කිළිපොලා යන උදාහරණ කීපයක් සැපයුවේය.
ඉංජිනේරු සංස්‌ථාවේ වැඩ
රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව සම්බන්ධ කරගෙන, ගතවන මොහොතේත් තෙමෙමින් පවතිනා විද්‍යාධර ගුහාවට නව පියස්‌සක් ඉදිකිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශ ප්‍රකාරව මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් මේ වසර මුලදී සැලසුම් කර තිබිණි. ඒ සඳහා ඉංජිනේරු සංස්‌ථාව ඉදිරිපත් කළ ඇස්‌තමේන්තුගත මුදල වූයේ රුපියල් 4,577,021කි.
එම මුදලින් 20%ක් වූ රුපියල් 914,404ක මුදලක් 2012.03.22 දින අංක 252683 දරන චෙක් පතින් මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ එවකට අධ්‍යක්‌ෂ ජනරාල්ව සිටි මහාචාර්ය නිමල් සිල්වා විසින් රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව වෙත ගෙවා දැමිණි .
එහෙත් අත්තිකාර මුදල් ලබා ගැනීමෙන් පසු ඉංජිනේරු සංස්‌ථාව මුල් ඇස්‌තමේන්තුව වෙනස් කර ඊට වඩා දෙගුණයක් වැඩි මුදලක් සඳහා ඇස්‌තමේන්තුවක් එව්වේය.
මේ කාලය තුළ මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයාව සිටි මහාචාර්ය නිමල් සිල්වා තනතුරින් ඉවත් වූයේය. අනතුරුව සියල්ලටම වඩා වැදගත් පලාත් සභා ඡන්ද පැමිණියේය. වැඩේ කෙරුණේ නැත. වැසි පටන් ගතතේය. දැන් අනෝරා වැස්‌සට විද්‍යාධර ගුහාව තෙමෙමින් තිබේ.
මේ අතර දිරාපත් වී යමින් ඇති පියසි දෙක පිළිසකර කිරීම සඳහා ඉංජිනේරු සංස්‌ථාවෙන් ඇස්‌තමේන්තුවක් ලබා ගැනුණි. ඒත් මීට මාස ගණනකට පෙරය. මේ ඇස්‌තමේන්තුව ලක්‌ෂ 60 කට ආසන්න බව පැවසිනි.
ප්‍රතිමා වහන්සේලා වැඩ සිටිනා විට පියස්‌ස පිළිසකර කිරීමේදී එම ප්‍රතිමා වහන්සේලාට හානි නොවන සේ ආරක්‌ෂා කිරීමට යොදා ගන්නා ආවරණ සඳහා පමණක් රුපියල් ලක්‌ෂ 7කට ආසන්න මුදලක් වැය වන බව ඇස්‌තමේන්තුගතව පැවති බව කියෑවිණි.
ඒ ජාතික වශයෙන් වැදගත් අභියෝගයකදී ඉංජිනේරු සංස්‌ථාව විසින් ප්‍රකට කළ හැසිරීමය.
එහෙත් ජාතියේ උරුමය රක්‌ෂා කිරීමේ කටයුත්ත බඩ රස්‌සාව කරගෙන සිටින්නේ ඉංජිනේරු සංස්‌ථාව නොව මධ්‍යම සංස්‌කෘතික අරමුදලය. ඉංජිනේරු සංස්‌ථාව විසින් ඉදිරිපත් කළ මේ මිල ගණන් අධික යෑයි සලකා මධ්‍යම සංස්‌කෘතික අරමුදල ඊට එකඟ නොවීය.
මහ වැසි පටන්ගෙන ප්‍රතිමා වහන්සේලා තෙමෙන්නට පටන්ගත් පසුත් ඒ මුදල් ගෙවා වැඩේ කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුවක් මධ්‍යම සංස්‌කෘතික අරමුදලට නැත. මේ තීන්දුවට පැමිණෙන්නට අරමුදලේ මහත්වරුන් ටික එකතු වෙන්නේ ලබන 24 වැනිදාය. එදා අහවල් තීන්දුවක් ගැනුණද මේ වැසි සමය හමාර වනතුරු කළ හැකි පිළිසකර කිරීමක් නැත.
වටහා ගත නොහැක්‌කේ මෙවන් ව්‍යසනයක් ඇස් පනාපිට දකිද්දීත් මධ්‍යම සංස්‌කෘතික අරමුදල හැසිරෙනා වගකීම් රහිත මුග්ධ ස්‌වරූපයය. මේ මහත්වරුන්ට ගල්විහාරයේ ප්‍රතිමා වහන්සේලා රක්‌ෂා කිරීමට තැනුන පියස්‌ස ප්‍රතිසංස්‌කරණයට තවත් රාජ්‍ය ආයතනයකට ලබා දෙන රුපියල් මිලියන 6ක මුදල බර වැඩිය. ඒ සඳහා ඔවුන්ට වෙනත් සාධනීය විකල්පයක් ද නැත.
දැන් මේ උත්සාහ කරන්නේ ප්‍රතිමා ටිකට හෙණ වැදුනත් කීයක් හෝ ඉතිරි කරගන්නටය. මේ ආයතනය අපට කියන්නට හදන්නේ මුදල් ගනුදෙනුවලදී තමුන් එපමණම වගකීම් සහිත බවය. එපමණම පාරදෘශ්‍ය බවය. එපමණම ඵලදායී බවය. මේවා දකින අපට කියන්නට ඇත්තේ මරදාන පේව්මන්ට් එකේ දී හමුවන ලාභ ගණිකාවන් තමුන්ගේ පතිවත ගැන නිකුත් කරන ප්‍රකාශ මෙපමණම විහිලු සහගත නැති බවය.
පසුගිය වකවානුව තුළ ඡන්ද කටයුතු කිරීමට පැමිණි දේශපාලකයින්ගේ පංච කාමයන් සංතර්පණය කරන්නට මධ්‍යම සංස්‌කෘතික අරමුදල වියදම් කළ මුදල රුපියල් කෝටියකට ආසන්න බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ සුළු සේවකයෝත් දනිති.
ඒ වෙනුවෙන් ආදිත්‍ය සංචාරක බංගලාව ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා පමණක් ලක්‌ෂ 67ක් වියදම් කළේ මේ සංස්‌කෘතික අරමුදලය.
ගල් විහාරයේ ප්‍රතිමා වහන්සේලා රක්‌ෂා කර ගැනීමට මිලියන 6ක් වැය නොකර ගල් විහාරයට යන මහ පාර, හදන්නට රුපියල් මිලියන 12ක් වියදම් කරන්නේත් මේ අරමුදලය. සංස්‌කෘතික සංරක්‌ෂණ හා ඉදිකිරීමේ සමාගම ලෙස ඇමති පුද්ගලික ලේකම්වරුනුත් ක්‍රියාකාරී අධ්‍යක්‌ෂවරුනුත් සමාගම් පිහිටුවාගෙන මුදල් ගසා කන්නේත් මේ අරමුදලමය.
අප මේ කතා කරන්නේ භාණ්‌ඩාගාරයේ නිර්දේශ වලට පටහැනිව යාපහුවට අනියම් පදනම මත සේවකයන් දෙසීය පනහක් බඳවාගෙන එම සේවයන්ට රුපියල් 1,270ක පඩියක් අරමුදලින් නිර්දේශ කර ඔවුන්ට රු. 570 දෛනික වැටුපක් ගෙවා ඉතිරි රු. 700 ගසා කන විලි ලඡ්ජා නැති හිඟන්නන් අරක් ගත් ආයතනයක් ගැනය.
ආලාහණ පිරිවෙන් ව්‍යාපෘතියට ඇතුළු වන ප්‍රධාන ප්‍රවේශයට රුපියල් මිලියන ගණනක් වියදම් කර ඇතිරූ ගඩොල්, තත්වයෙන් බාල බව ඇස්‌පනා පිට තහවුරු වන විට එම කොන්ත්‍රාත්තුව අරමුදලේ කොම්පැණියට පවරාගෙන මුල් කොන්ත්‍රාත් කරුවන් හරහා ඒ බාල ගඩොලින්ම සංරක්‌ෂණ කටයුතු කරවමින් අපව මවිත කරවන අලඡ්ජීන් සහිත ආයතනයක් ගැනය.
පසුගිය මස නිමා වන විට පමණක් ආලාහන පිරිවෙන් ව්‍යාපෘතියේ විදේශ සංචාරක ටිකට්‌පත් අලෙවි කර අත්කරගත් ආදායම රුපියල් කෝටි 28කට ආසන්නය. සංස්‌කෘතික සංචාරක ව්‍යාපාරය මුල්කොට පොළොන්නරුවේදී මේ මහා ආදායම් ඉපදීමේ මූලික නිමිත්තක් වන්නේ ගල් විහාරයේ ප්‍රතිමා වහන්සේලාය.
ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍ර වෙමින් ජාතියට මෙපමණ සම්පත් ප්‍රමාණයක් උපදවා දෙනු ලබන මේ උත්තම කලා කෘතිය ඊට හිමි වටිනාකමින් පවත්වා ගැනීමට තරම් හැඟීමක් හෝ දැක්‌මක් මේ රටේ සංස්‌කෘතිය උලා කන හිඟන්නන්ට නැත. අඩුම තරමින් විද්‍යාධර ගුහාවට බලු කූඩුවකට වැඩි පෙනුමක් ලබා දියහැකි සේ මේ මල කෑ යකඩ කූරු ටික ඉවත් කර නව ආවරණයක් තැනීමට තරම් සංවේදනයක් නැත.
තෙමෙමින් ඇති පියස්‌ස නවීකරණය කිරීමට යන වියදමට හෙට්‌ටු කරමින් සිටිනවා විනා මේ සිදුවෙමින් ඇති මහා ව්‍යසනයෙන් ජාතියට වන හානිය පිළිබඳ තක්‌සේරුවකට පැමිණිය හැකි විඤ්ඤාණයක් නැත.

මේ සියල්ල හරහා ප්‍රකට වන යථාර්ථයක් තිබේ. එනම් මේ රටේ මිනිස්‌සුන්ට පේනතෙක් මානයක සමාජ ජීවිතය පිළිබඳ පැහැසර බලාපොරොත්තුවක් නොමැති බවය. ඉතිහාසය විසින් නියම කර ඇති ව්‍යසනයේ තවමත් අප කර වටක් ගිලී ඇති ආකාරය පෙනෙන්නේ මෙවැනි මොහොතකය. මේ මහා පැරකුම්බාවන්ගෙන් අනතුරුව ප්‍රභාවත් මධ්‍යකාලීන රාජධානිය පිරිහී ගොස් නිරිත දිග දුර්ගයෙන් දුර්ගයට විතැන් වූ සිංහල රාජධානි පාලනය කළ අල්පේශාඛ්‍ය රජවරුන්ගේ දුර්භ්‍යාග්‍යමත් රාජ්‍ය කාලයන්හි දිගුවක එක්‌තරා මුහුණුවරක් පමණය.
ඉතිහාසයේ පැනෙනා එවන් කාල වකවානුවල රටෙහි විනය පිරිහුණේය. සංස්‌කෘතිය රක්‌ෂා කරන්නාහු පුදසුන්හි රති කෙළි කළහ. රටේ නීතිය වල් වැදුනේය. උරුමයේ උත්තර සංකල්ප මතින් පහළ වූ සංස්‌කෘතික දායාදයන් අලඡ්ජ ලෙස කොල්ලකෑහ. දුර්දාන්ත බලයේ වරප්‍රසාද ලද්දාහ සදාචාරයේ සීමාවන් නොතකා කළ හැකි සකල දුර්දාන්තයන්හි යෙදුනාහ. අවසානයේ ජාතියේ විලි බිය සිඳී ගියේය.
මේ ඒ ඉතිහාසය යළි කියවීමක් පමණය.
මෙම සිද්දියට අදාලව ගොසිප්9 වෙත ලැබිණු වීඩියෝවක් හා ජායාරූප එකතුවක් පහතින්

Source: http://www.gossip9.com/2012/10/blog-post_8278.html#ixzz2B0preUL9