Chitika Smowtion 468x60


Tuesday, October 30, 2012

අකමැතිම දේශපාලන චරිතය ෆොන්සේකා - රත්තරං ගේ දුව කියයි


මහාමාර්ග හා වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන කළුතර ප්‍රදේශයේ වඩාත් ප්‍රචලිත වන්නේ "රත්තරං" ලෙසය.

රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් ප්‍රකාශකොට ඇත්තේ සිය පියාට "රත්තරං" යන නාමය ලැබුනේ තාත්තාගේ ආච්චි කෙනෙකු පොඩි කාලයේ සුරතලයට කියූ නමක් ඇසුරින් බවය.

නමුත් රත්තරං යන නාමය රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාට පටබැඳුණු ආකාරය ප්‍රචලිත වී ඇත්තේ වෙනස්ම කතාවකිනි. ඒ කෙසේ වෙතත් රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා රුපියල් කෝටි 45ක වත්කම් සොයාගත් ආකාරය හෙළිකරන ලෙසමේ වනවිට අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ගොනුවී තිබෙනවා.

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ දියණිය ලබා දුන් පුවත්පත් සාකච්චාවේ කොටස් කිහිපයක් පහතින් බලන්න 

සම්පූර්ණ නම...
රොෂෙල් මෙලනි අබේගුණවර්ධන

වයස... 
අවුරුදු 22යි. 

විවාහකද...?
ඔව්. 

සැමියාගේ නම...
ධනුෂ්ක වීරක්කොඩි. 

රොෂෙල් POLITICS කරනවද...?
නෑ... 

සැමියා දේශපාලනයට වලට සම්බන්ධද...?
ඔව්. එයා කළුතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක්. 

තාත්තට ‘රත්තරං’ කියන්නෙ ඇයි...?
තාත්තගෙ ආච්චි කෙනෙක් පොඩි කාලෙ ආදරේට කියන්න ගත්තු නමක් ඒක. 

නමුත් ඒ ගැන විවිධ කතා තියෙනවා...
ඒ හැම කතාවක්ම තාත්තා ඉදිරියට යයි කියන ඉරිසියාවට කියන ඒවා. 

දේශපාලනඥයන් හැටියට හොඳ තාත්තද? සැමියා ද?
තාත්තා. 

රොෂෙල් මොනවද කරන්නේ..?
පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධිය හදාරනවා. 

කුමන විෂයන්ද ඉගෙන ගන්නේ....?
මානව සම්පත් කළමනාකරණය. 

වැඩිදුර අධ්‍යාපනය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් හදාරන්නෙ තාත්තට සල්ලි තියෙන නිසාද...?
කොහෙත්ම නෑ. තාත්තගෙ සල්ලිවලින් ඕන නම් මට පිටරට ගිහින් වුණත් ඉගෙන ගන්න පුළුවන්. 

වැඩිපුරම හොඳට හදපු කෑම...
තාත්තා දවසක් කිව්වා නූඩ්ල්ස් රසට හදනවා කියලා. 

ප්‍රේම සම්බන්ධතා කීයක් තිබුණද...?
සැමියා සමඟ පමණයි ප්‍රේම සම්බන්ධයක් තිබුණෙ. 

තාත්තා ගැන මොකද හිතන්නෙ...?
නිහතමානි කෙනෙක්, මෙතරම් දුරක් එන්න මට වාරුව වුණේ මගෙ තාත්තා. 

තාත්තා වේදිකාවල කියන දේ ගැන මොකද හිතන්නේ...?
සන්තෝෂයි. කියන්න තියෙන දේ කෙළින් කියනවා. 

මාර්ටින් වික්‍රමසිංහද? වඩා හොඳ උපුල් ශාන්ත සන්නස්ගලද...?
මම ඒ ලෙවල්වලට ARTS කළේ නැති නිසා සන්නස්ගල ගැන දන්නෙ නෑ. මම හිතනවා මාර්ටින් වික්‍රමසිංහ වඩා වැදගත් කියලා. 

අම්මා කෙනෙක් වෙන්නෙ කවදාද...?
තාම හිතලා නෑ. 

අකැමැතිම දේශපාලන චරිතය...
සරත් ෆොන්සේකා. 

ඇයි...?
එයා ජීවිතේ ගත්තු දුර්වල දේශපාලන තීරණය නිසා. 

විදේශගත වෙලා තියෙනවද...?
එක පාරක් ඉන්දියාවට ගියා. 

බස් එකේ ගිහින් තියෙනවද...?
ඕනෙතරම් ගිහින් තියෙනවා. 

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ මර්වින් සිල්වා අමාත්‍යවරයා ගැන ඔබේ අදහස...
අනාගතයේත් රටට නායකත්වය දිය යුතු අපේ රටේ විශිෂ්ටම නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා. මර්වින් සිල්වා කියන්නෙ හිතට එකඟව කතා කරන කෙනෙක්. 

CLUB යනවද...?
කවදාවත් ගිහින් නෑ.  

- ශිවන්ති ප්‍රනාන්දු


මහාමාර්ග හා වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධනට රත්තරන් නම පට බැඳුන හැටි ගැන දයාසිරි ජයසේකර හෙළිකර සිටියේ මෙලෙසින්.








Source: http://www.gossip9.com/2012/10/blog-post_30.html#ixzz2AnN0NVjE

Share this article with your friends