Chitika Smowtion 468x60


Friday, November 9, 2012

2013 වසරේ අය වැය හිඟය පියවන්නේ කෙසේද?


සුපුරුදු පරිදි තවත් එක් අයවැයක් ඉදිරිපත් විය. සාමාන්‍ය ජනතාවට එයි ලැබුන දෙයක් නැත.

සාමාන්‍ය ජනයාට පාවිච්චියට මෝටර් රථයක් ගැනීමට බැරි වන පරිදි අහස උසට බදු පනවා තිබියදී ආනයනය කරන රේසින් කාර් බද්දෙන් නිදහස් විය.

ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් 2013 වසරේ අයවැය හිඟය රුපියල් මිලියන 507,400 ලෙස ඇස්‌තමේන්තු කර ඇත.

ලබන වසරේ මුළු ආදායම රුපියල් මිලියන 1,277,900 ක්‌ ලෙසද මුළු වියදම රුපියල් මිලියන 1,785,400 ක්‌ ලෙසද අයවැයෙන් ඇස්‌තමේන්තු කර ඇත. 

මේ අනුව අයවැය හිඟය 2012 ට සාපේක්‍ෂව 2013 දී රුපියල් මිලියන 42,200 කින් ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

මෙම රුපියල් මිලියන 507,400 අය වැය හිඟය පියවීමට නියමිතව ඇත්තේ මෙසේය

විදේශ ණය ගැනීම් - රුපියල් මිලියන 86,000 යි
දේශීය ණය ගැනීම් - රුපියල් මිලියන 421,400 යි

2013 වසරේ අපේක්ෂිත බදු ආදායම් මුදල රුපියල් මිලියන 1,132,000කි.

එනම් 2013 වසරේ අපේක්ෂිත මුළු ආදායම රුපියල් මිලියන 1,277,900 වලින් රුපියල් මිලියන 1,132,000ක් හෙවත් 88.5%ක් බදු මුදල්ය.








Source: http://www.gossip9.com/2012/11/2013.html#ixzz2Bj7tC6qS

Share this article with your friends