Chitika Smowtion 468x60


Thursday, November 29, 2012

ළමුන් 252ක් ලිංගික අපයෝජනය කළ එකෙක් ලංකාවට පනී !


ශ්‍රී ලංකාව යනු කුඩා දරුවන් ලිංගික අපයෝජනය කිරීමේ පාරාදීසයක් බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනවා.

මෙයට ආසන්නම හේතුව වන්නේ ළමා අපචාර 252 ක් සඳහා චෝදනා ලබා ඇති ඔස්ට්‍රේලියානු දේවගැති වරයෙක් වන 65 හැවිදිරි Bernard Kevin McGrath එරට නීතියෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාවට පැනවිත් සැඟවී සිටීමයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයක තේ වත්තක් ආශ්‍රිතව ඇති නිවසක මෙම අපරාධකරු සැඟවී සිටින බවට ඔවුන්ට තොරතුරු ලැබී තිබෙන බවත් දැනට ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසීය මොහු පිළිබඳව විමසිල්ලෙන් පසු වන බවටත් වාර්තා වනවා.

එමෙන්ම තම තවත් ලමා අපචාර සංඛ්‍යාවකට චෝදනා ලැබ සිටින සොහොයුරාට ද ලංකාවට පැමිණෙන ලෙසට ද මොහු පවසා ඇත්තේ ශ්‍රී ලංකාවෙහි කිසිම ගැටළුවක් නොමැතිව ආරක්ෂාකාරී ලෙස සිටිය හැකි බව පවසමින්.

මොහු ළමා අපයෝජන චෝදනා වලට අවස්ථා දෙකකදී වරදකරු වී වසර 3ක සහ වසර 2ක ලෙසින් වසර 5ක සිරදඬුවමක් ද නවසීලන්තයේ සිර කඳවුරක දී විඳ ඇති අතර තවත් ළමා අපයෝජන චෝදනා 252 ක් පසුගිය ජූනි මස 27 වන දින නිව්කාසල් උසාවියේ දී ගොනු කර තිබෙනවා.

70 දශකයේ සිටම පල්ලිය මඟින් පවත්වාගෙන යන ආයතන වලට පැමිණෙන කුඩා පිරිමි ළමුන් දුසිම් ගණනකට අමානුෂික ලෙස වධ හිංසා කරමින් නැවත නැවත දූෂණය කිරීමේ සිද්දි සඳහා චෝදනා කරමිනුයි මොහුට එරෙහිව නඩු පවරා තිබෙන්නේ.

මෙලෙස මානසික ව්‍යාධියෙන් පෙළෙන සහෝදරයන් දෙදෙනෙකුත් මොහුට සිටින බවයි වාර්තා වන්නේ. සීමන් මොන්ටීරියෝ නම් මොහුගේ එක් සහෝදරයෙකු මේ වන විට ද සිඩ්නි නුවර සිරමැදිරියක අවුරුදු 7යි මාස 9ක් දඬුවම් විඳින අතර ඔහුට ද නැගී ඇති චෝදනා වන්නේ කුඩා පිරිමිදරුවන් අපයෝජනයට ලක් කිරීමයි.

නවසීලන්තයේ දී දඬුවම් නිම වූ පසුව මෙම 65 වියැති දේවගැති අපරාධකරුව නැවත ඔස්ට්‍රේලියාවට පිටුවහල් කර තිබෙන්නේ එරටදී මොහුට එරෙහිව ඇති දූෂණ චෝදනා වලට අදාල වන්දි මුදල් ගෙවීම සඳහා යි.

කෙසේ නමුත් මෙම දූෂිතයන් ගේ පියා වන 78 හැවිරිදි රෝලන්ඩ් ලෝවේ හඬමින් ඔහුගේ සිරකරු පුතුන් වන 46 හැවිරිදි සීමන් සහ 65 හැවිරිදි බර්නාඩ් පිළිබඳව පවසන්නේ මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටු කලයුතු බවයි. එසේම මේවා පිළිබඳව ඔහුට නියම පිළිතුරු අවශ්‍ය බවත් තම පවුලේ අය විසින් මෙවැනි අපරාධ සිදු කළ බව සමාජය දැන සිටිය යුතු බවත් ඔහු පවසා සිටියා.

වසර දෙකකට පෙර තම පුතුන්ට එරෙහිව පොලිසිය වෙත ගොස් පැමිණිළි කළ රෝලන්ඩ් මහතා පවසන්නේ ශ්‍රීලංකාවට පැනගොස් සිටින තම පුතාට කිසිම සමාවක් ඔහුගෙන් නොලැබෙන නමුත් ඔවුන් කළ අපරාධ පිළිබඳව මහත් සේ කළකිරීමට පත්ව සිටින බවයි.

මෙලෙස අති බිහිසුණුවූත් ගුප්ත වූත් භයානක අපරාධ කරුවකු තම රටේ නේවාසිකව වෙසෙන බව ශ්‍රීලංකීය ආණ්ඩුව හෝ ඒ පිළිබඳව වගකිවයුත්තන් දැණුවත්ව සිටීද යන වග ඔවුන් නොදන්නා බව නවසීලන්ත පුවත්පත් වාර්තා කරනවා. එමෙන්ම මේ වන තුරුත් ඔස්ට්‍රේලියාව ද ලංකා රජය සමඟ මේ පිළිබඳව සෘජුව සාකච්ඡා කොට නොමැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර ලොව පුරා සිදුවන සූරාකෑම් පිළිබඳව තොරතුරු අඩංගු අන්තර්ජාල දත්ත සටහනට (online Factbook on Global Exploitation) අනුව සෑම වසරක් පාසාම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල දරුවන් 10,000 ත් 12,000 ත් අතර සංඛ්‍යාවක් සංවිධානාත්මක ජාවාරම් කරුවන් විසින් විවිධ හොර ජාවාරම් සඳහා මෙන්ම ගණිකා වෘත්තිය සඳහා යොදවනු ලබනවා.

දරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වෙහෙස වන පියා - රෝලන්ඩ් ලෝවේ









Source: http://www.gossip9.com/2012/11/252.html#ixzz2DdN4YL6Y

Share this article with your friends