Chitika Smowtion 468x60


Thursday, November 29, 2012

ඇමරිකාවේ ජනප්‍රිය රියලිටි රුපවාහිනී වැඩසටහනක පෙරමුන ගත් ලාංකීය යුවතියන් දෙදෙනා

ඇමරිකාවේ ජනප්‍රියම රියලිටි රුපවාහිනී වැඩසටහනක් වන ද ඇමේසීන් රේස් (The Amazing Race) ශ්‍රී ලාංකික අපටද සුවිශේෂී වැඩසටහනක් බවට පත්වී තිබෙනවා.

එයට හේතු වන්නේ විසි හය හැවිරිදි ශ්‍රී ලංකික යුවතියන් දෙදෙනෙකු වන නටාලි සහ නාඩියා ඇන්ඩසන්ය අනෙක් තරඟකරුවන් අභිබවා යමින් පෙරමුණේ රැදී සිටීමයි.

ත්‍රාසජනක ක්‍රියාදාමයන් හා බාධක මැඩගෙන ඉදිරියට යන මෙම තරඟාවලියේ මෙම නිවුන් සොයුරියන් දෙදෙනා වැඩි ජවයකින් යුතුව ක්‍රියාකරනු දැකගත හැකිය.



ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ක්වීන්ස් හි උපත ලද මෙම නිවුන් සොයුරියන් දෙදෙනා තුන්හැවිරිදි වියේදී ශ්‍රී ලංකාවේ පදිංචියට පැමිණ ඇත. ඔවුන්ගේ මව්පියන් වන්නේ ස්කැන්වෙල් ලොජිස්ටික් ශ්‍රී ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ඇන්ටන් ඇන්ඩර්සන් හා සමාජ සේවිකාවක වන බර්නඩීන් නැමැත්තියයි.

දාහතර විය වනතුරු ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටි මෙම දෙසොහොයුරියන් පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ ඒෂියන් ඉන්ටර්නැෂනල් පාසලෙනි. පසුව ඔවුන්ගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා නැවත ඇමරිකාව වෙත ගිය අතර, එහි ෆෝර්ඩ්හැම් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කලමනාකරණ උපාධිලාභීන් බවට පත්වී ඇත.

ක්‍රීඩා කුසලතාවයන්ගෙන් පිරිපුන් මෙම තරුණියන් දෙදෙනා CR&FC කාන්තා රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩාවේ නිරත විය.

මෙම තරඟාවලියේ ජය මොවුන් සතුවනු ඇති බවට පවසන මෙම දෙසොහොයුරියන් එයට හේතු වශයෙන් පවසා සිටින්නේ ඔවුන් ශ්‍රී ලංකාව තුල හැදීවැඩීම, ඔවුන් දෙදෙනා සාමුහිකව වැඩ කරනවිට වඩාත් ශක්තිමත් වීම, පීඩනය වැඩි අවස්ථාවන් දරා ගැනීමට ඇති හැකියාව යන ඒවාය.

කෙසේ වෙතත් මෙම තරඟාවලිය අතරතුරදී සහෝදර තරඟකාරියන් දෙදෙනෙකුගේ මුදල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් චෝදනාවකට ලක්වී සිටින නතාලි හා නාඩියා ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන එන ලද බවට විවිධ මත පල වී ඇත. එසේ වුවද ඇතැමුන් පවසා සිටින්නේ එම සිදු වීම අදාළ තරඟය අවධානයට පාත්‍ර කිරීමටත්, නරඹන්නන්ගේ කුතුහලය වර්ධනය කර ගැනීමටත් තරඟ සංවිධායකයන් විසින් හිතාමතා සිදුකරන ලද්දක් බවයි.

කෙසේ වෙතත් මෙම දෙසොහොයුරියන් ශ්‍රී ලාංකිකයන් ලෙස තරඟාවලියට සහභාගී වෙමින් ශ්‍රී ලාංකික කාන්තාවන් සතු හැකියාවන් ලොවටම පෙන්වීමට ගන්නා උත්සාහය අගය කලයුතුම වේ.

ඔවුන් දෙදෙනාගේ වීඩියෝවක් හා ජායාරූප එකතුවක් පහතින්. 






























Source: http://www.gossip9.com/2012/11/blog-post_3908.html#ixzz2DdbFWI8H

Share this article with your friends