Chitika Smowtion 468x60


Thursday, November 29, 2012

පගාවක් නොදී බේරීයාමට බැරි පොලිස් රකුසෝ

යම් රටක පොලීසිය මඟින් සිදු කරන්නේ එරට පවතින සිවිල් නීතිය උල්ලංඝනයක් නොවී රකිමින් රටේ පුරවැසියන් හට සාමයෙන් සමඟියෙන් සහනශීලී පරිසරයක් තුල එදිනෙදා කටයුතු සිදු කරගනිමින් වාසය කිරීමට අවශ්‍ය පරිසරය සකසා දීමයි.

නමුත් ලංකාවේ පොලිසිය යනු දේශපාලකයන්ගේ පදයට නටනා පිරිසකි. සුදර්මන් වැනි හොරුන් අල්ලාගැනීමට බැරුව පොලිතින් කෑ සුනඛයන් මෙන් තටමමින් සිටිනා ඔවුන් පොඩි මිනිහෙක් අල්ලාගන දෙකක් ඇන කූඩුවේ දමන්නේ වීරයන් මෙනි.

ශ්‍රී ලංකා පොලීසිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය දිනෙන් දිනම දියවී යන අතරතුරේ රථවාහන පොලිසිය පිළිබඳව මහජනතාව තුළ ඇති විශ්වාසය දියදියවී ගොස් තිබෙන්නේ දැල්වූ කපුරු වල අලු වත් නැතිවී යන්නාක් මෙනි.



රථවාහන පොලිස් නිලධාරීන් යනු කුමක් හෝ නැති වරදක් වුව පෙන්නා රුපියල් 500ක් වත් ගැනීමට බලන් ඉන්නා තිරිසනුන් කොට්ඨාශයක් බවට පත්වී හමාරයි.

මේ වන විට මෝටර් බයිසිකලයක් හෝ වාහනයක නැඟී කුරුණෑගල අනුරාධපුර මාර්ගයේ අඩි කිහිපයක් දුරක හෝ යාමට අපහසුතාවයක් උදා වී තිබෙන අතර විශේෂයෙන් රාත්‍රී කාලයේ දී නීතිය රැකීමට සිටින රථවාහන පොලිස් නිලධාරීන්ගෙන් බේරීමට නොහැකි තත්වයකුයි උදා වී තිබෙන්නේ.

මෙලෙස මහ මඟ සෑම හන්දියක් හන්දියක් පාසාම සිටින මෙම පොලිස් රකුසන් කොහේ හෝ සැඟවී සිට වාහනයක් නවතා එයට අදාල ලියකියවිලි පළමුව පරීක්ෂා කරන අතර එම ලියකියවිලි වල කිසිඳු අඩුපාඩුවක් නොමැති නම් ඊලඟට ඔවුන් කරන්නේ නොකළ වරදක් පවසා දඩ ගසන්නට සැරසීමයි.

මෙහිදී හාස්‍යජනක තත්වය වන්නේ ඔවුන් පෙන්වා දෙන වරද සඳහා දඩ නොගැසිය හැකි බවත් උසාවි දැමීමට සිදුවන බවත් පවසා උසාවි නොගොස් සිටීමට නම් වෙනත් නොකළ වරදක් සඳහා දඩ මුදලක් නියම කිරීමත් එම මුදල ඔවුන් ගෙවන බවට පවසා දඩ මුදල අදාල රියදුරාගෙන් ලබා ගැනීමයි.

මේ ආකරයේ රියදුරන් ගෙන් මුදල් ගසාකැමේ යෙදෙන රඨවාහන පොලිස් පොලිස් රකුසන් රැලකට හසුවූ ගොසිප්9 පාඨකයෙක් එම සිද්ධිය අප වෙත ලියා එවා තිබෙන්නේ මෙසේය

"මම වැඩකරන්නෙ කිලිනොච්චියේ. කුරුණෑගල ගෙදර ඉඳල යන ගමන් පාදෙණිය හන්දිය පහු කරල ටිකදුරක් එනකොට මගෙ වාහනේ නැවැත්තුවා. ඒක කම්පැණි එකෙන් දුන්න වාහනයක් නිසා කොහොමත් ලයිෂන් හෝ වාහනයට අදාල ලිපි ලේඛන වල කිසිම ප්‍රශ්ණයක් තිබුනෙ නෑ.

ඒත් අන්තිමට ඒ පොලිස් නිළධාරියා කීව වාහනේ හෙඩ් ලයිට් ඩිම් කරගෙන ආවෙ නැති නිසා උසාවියට දාන්න වෙනව කියලා. ඒත් පැහැදිලිවම අපේ වාහනේට ඉදිරියෙන් ඒ වෙලාවෙ වෙන වාහනයක් ආවෙ නෑ.

ඊටපස්සෙ ඒ පොලිස් නිළධාරියාම මට කීවා "කිලිනොච්චියේ වැඩ කරනවනම් මෙහෙ එන්න අපහසුයි නේද ආයෙත්. අපි ඒ දඩය ගෙවන්නම් අපිට සල්ලි දීල යන්න" කියලා. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන එක අපි කලක් ඉඳලම දන්න නිසා රුපියල් 1000 ක් දීල යන්න ගියා. ඔහුගේ පොලිස් අංකට PC 58227 බව මම සටහන් කරගත්තා.

ඊළඟට පාදෙනිය පහුකරල යනකොට ඇල්ල කිට්ටුවෙන් ආයෙත් අපිව නැවැත්තුවා. එතන හිටි පොලිස් නිළධාරියාත් ඉස්සෙල්ල විදියටම ප්‍රශ්ණකරගෙන යනකොට මම කීව පාදෙනිය හන්දියේදි වුන සිද්ධිය. ඊටපස්සෙ අතේ තියන වෝකි ටෝකි එකෙන් කතා කලා පාදෙණියේදී මාව අල්ලපු අනුර ට.

අපේ වාහනයේ අංකය කියලා ඒ ගැන ඇහුවම එයා කීවා "හරි හරි ඒ වාහනෙන් 1,000 ක් කපාගත්තා යන්න අරින්න" කියලා. ඒ සංවාදය පැහැදිලිවම මට ඇහුණා. ඇත්තටම පුදුම කලකිරීමක් මේ අපේ රටේ රථවාහන පොලිසියෙ වැඩකරන අය ගැන මට ඇතිවුනේ.

අපෙන් කලින් පාදෙනිය හන්දියේදී රුපියල් 1,000ක් ලබාගත් පොලිස් නිළධාරියා අංක PC 58227 යටතේ වාරියපොළ පොලීසියට අනුයුක්තව සේවය කරන "පොලිස් කොස්තාපල් අනුර" බව මම දැනගත්තා.

කිලිනොච්චිය, යාපනය පැත්තෙ අපි සේවය කරනකොට දිවි හිමියෙන් සටන්බිමේ සටන් කරල තවමත් හරිම දුෂ්කර ජීවිත ගෙවන අපේ ත්‍රිවිධ හමුදාවෙ සහෝදරයින් පුදුම විදියට මිනිස්සුන්ට උදව් කරන්නෙ. ඒ අයත් එක්ක ගත්තම මේ පොලිසියේ අය ගැන හරිම කලකිරෙනවා.

ඒත් අපිට කරන්න දෙයක් නෑ. නීතිය ඒ අයගේ. ක්‍රියාත්මක කරන්නෙත් ඒ අයමයි. කීයක් හරි ජරාවක් දුන්නම ඕනෙම ප්‍රශ්ණයකින් ගැලවිලා යන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ."

මේ පිළිබඳව කුරුණෑගල ප්‍රදේශයේ මෙම මාර්ගයේ නිතරම ගමන් කරනා රියදුරෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කලේ මෙවැන්නක්.

"අපෝ ට්‍රැෆික් කාරයෝ ගැනනම් කතා කරල වැඩක් නෑ. ජරාවක් ගන්නෙ කොහොමද කියල බලාගෙන ඉන්නෙ. වාහනයක් එලියට ගන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ දැන්. කුරුණෑගල ඉඳල නිකවැරටියට යන්න ගියොත් හත් අට පොලකින් නවත්තනවා.

එක තැනකට හරි ජරාවක් දෙන්නම වෙනවා. කාටද මේව කියන්නෙ. එයාලම ලියනවා එයාලම දඩ ගහනවා. එයාලම පගාවත් ගන්නවා. නීතිය වල් වැදිල තියෙන්නේ. හැබැයි ඔය සෙල්ලම කරන්නෙ සමන්‍ය දුප්පත් මිනිහගෙ වාහන වලට විතරයි. හොඳ ඉන්ටර්කූලර්, පෙජරෝ වගේ හොඳ හොඳ වාහන නවත්තන්නෙවත් නෑ
"

නීතිය ක්‍රියාත්මක කිරීමට සහ ආරක්ෂා කිරීමට සිටින වගකිවයුතු නිළධාරීන්ගෙන් ම බේරී සිටීමට රටේ ජනතාවට නොහැකි වීම කෙතරම් ඛේදනීය තත්වයක් ද!

මේ අතර නීතිය රකිනා අලව්ව පොලීසියේ රථවාහන පොලිස් නිළධාරියෙක් දින කිහිපයකට පෙර NW WR 3841 දරන යතුරු පැදියෙන් වංගුවක් ඉදිරියෙන් පෙනි පෙනී තනි ඉර කපා වාහනයකට ඉස්සර කරන ආකාරය පහතින්. මෙය අලව්ව ප්‍රදේශයේදී ගත් ජායාරූපයකි. ජායාරූපය එවූ කසුන් බණ්ඩාරට ස්තූතියි.

පාඨක ඔබට වූ අසාධාරණයක් තිබේද? ලියන්න අපවෙත.












































WP KO 0264 දරන පොලිස් ජීප් රථය කහ ඉර පෙනි පෙනී තනි ඉර කපා වාහනයකට ඉස්සර කිරීමට යන අයුරු පහතින්. (ජායාරූපය එව්වේ යසින්ත විජයසේකර)


















කහ ඉර උඩින් තනි ඉර කපා ඉස්සර කරනා තවත් පොලිස් ජීප් රථයක් පහතින් (ජායාරූපය එව්වේ: කපිල)










Source: http://www.gossip9.com/2012/11/blog-post_7133.html#ixzz2DcwHD9Y7

Share this article with your friends