Chitika Smowtion 468x60


Thursday, November 29, 2012

නාවික හමුදාවට බලෙන් ඇඟේ ගසනා අත් පළඳනා

නාවික හමුදා මූලස්ථානයේ අද දිනයේද අත් පළඳනා බලෙන් ඇඟේ ගැසීමක් සිදුවන බව අප වෙත වාර්තාවේ.

නාවිකයින් රැඳී සිටින සෑම නිවාසයකම ජ්‍යේෂ්ඨ නාවිකයාට තර්ජනය කරමින් රුපියල් 50 බැගින් වන අත් පළඳනා යුවල් 400 ක් එක් නිවාසයකට ලබාදී තිබෙනවා.

මේවා අනිවාර්යයෙන්ම විකූණා මුදල් කඳවුර වෙත ලබාදිය යුතු වන අතර එතෙක් ඔවුන්ගේ නිවාඩු සහ කෙටි නිවාඩු තහනම් බවයි ඒවා ලබාදී ඇති නිළධාරීන් පවසා ඇත්තේ.


මෙහි ඇති අරුම පුදුම හාස්‍යය නම් නාවිකයින්ට මේවා පැළඳීම තහනම් කර තිබීමයි. 



මේ වන විට සෑම නාවිකයකුම මෙම යුවල් 02 බැගින් ලබාගෙන ඇති අතර පසුගිය සිකුරාදා දින කඳවුරේ ජ්‍යේෂ්ඨයකු නැවියන් අමතා පවසා තිබෙන්නේ මේවා පැළඳිම තහනම් බවයි

කෙසේ නමුදු ගතයුතුත් පැළදිය නොහැකි වූත් මෙම අත්පළඳනා නිකුත් කරනුයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ රණවිරු සේවා අධිකාරීයේ අපිවෙනුවෙන් අපි අරමුදල මගින් පැවසුවද හමුදා පුද්ගලයින්ගේ වැටුපෙන් මෙම මුදල අයකර ගන්නේ නම් මීට වඩා සුදුසු බවයි නාවිකයන් බොහෝ දෙනෙකු අප‍්‍රසාදයෙන් යුතුව ප‍්‍රකාශ කර තිබෙන්නේ.

අද දින මෙම අත් පළඳනා නොගත් නාවික පුද්ගලයින්ට රාජකාරී අවසන් කර තම නිවෙස් කරා යා නොහැක

බලෙන් විකිණීමට නියෝග කර ඇති අත් පලඳනාවල ජායාරූප ඉහතින්.

පාඨක ඔබට වූ අසාධාරණයක් තිබේද? ලියන්න අපවෙත.







Source: http://www.gossip9.com/2012/11/blog-post_8535.html#ixzz2DdNvcovB

Share this article with your friends