Chitika Smowtion 468x60


Saturday, November 24, 2012

අනූෂා කොඩිතුවක්කු මවුබිමට රන් පදක්කමක් දිනාදෙයි


ටියුනීසියාවේ පැවැත්වුණු අන්තර් ජාතික කාන්තා බොක්සිං තරගාවලියේදී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට අනූෂා කොඩිතුවක්කු සමත් විය.

කි.ග‍්‍රෑ. 48 ෆ්ලයිවේට් බර පන්තියේ ඇය තරඟ වැදුනේ පින්ලන්ත කී‍්‍රඩිකා ලොයිකානි සමඟිනි.

ජාත්‍යන්තර බොක්සිං වළල්ලේ අවසන් තරගයක පළමු වටයෙන්ම ජයග‍්‍රාහකයා තීරණය කිරීමක් සිදුනොකිරීම සම්ප‍්‍රදාය වුවත් තරග ආරම්භයත් සමග දැඩි ප‍්‍රහාරයට ලක්වූ පින්ලන්ත කි‍්‍රඩිකා ලොයිකානි ලෝටා අනූෂාගේ පහර දරාගැනීමට නොහැකිව බොක්සිං වළල්ලේ ඇදවැටුණි.

බැවින් විනිසුරුවන්ගේ තීරණය වූයේ තවදුරටත් පහර දරාගැනීමට නොහැකි පින්ලන්ත කී‍්‍රඩිකාව අනූෂාට සටනක් නොවන බවයි.

රන් පදක්කම දිනාගත් අනුෂා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට ගත් තීරණය කෙටි කාලයකට වෙනස්කර තිබේ. ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ජාතික බොක්සිං තරගාවලියෙන් පසුව අනුෂා ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට අපේක්‍ෂාවෙන් පසුවන බවයි වාර්තා වෙන්නේ.

බොක්සිං වළල්ලෙන් සමුගැනීම සම්බන්ධයෙන් ඇය පවසන්නේ ක්‍රීඩාව හේතුවෙන් මගහැරුණු තම පුද්ගලික ජීවිතයේ වැඩකටයුතු වෙනුවෙන් තම අනාගත කාලය ගතකරන බවයි.

පන්නල ප්‍රදේශයේ ජිවත් වන ඇය ප්‍රධාන පෙලේ ආයතනයක මානව සම්පත් විධායකවරියක් ලෙසද කටයුතු කරයි. බොක්සිං ක්‍රීඩාවට පිවිසීමට ප්‍රථම රග්බි ක්‍රීඩාවෙන්ද ඇය ජයග්‍රහණ ලබා ඇත.

මේ අනුව අනූෂා කොඩිතුවක්කු අන්තර්ජාතික බොක්සිං තරඟයකින් රන්පදක්කමක් දිනාගත් ප්‍රථම ශී‍්‍ර ලංකීය කී‍්‍රඩිකාව ලෙස ශී‍්‍ර ලංකා ක්‍රීඩා ඉතිහාසයට එකතුවේ.















Source: http://www.gossip9.com/2012/11/blog-post_20.html#ixzz2D5AFLlnL

Share this article with your friends