Chitika Smowtion 468x60


Saturday, November 24, 2012

නාමල් සමඟ ගැටුණු බැංකු සභාපතිවරයා තනතුර හැරයයි

"නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා" ලෙස පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එයින් කියවුනේ එක්තරා රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්‌ හා නාමල් රාජපක්ෂ අතර වූ වචන හුවමාරුවකි.

මෙම සභාපතිවරයා වූයේ ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතාය.

පසුගියදා නාමල් රාජපක්ෂ විසින් පරන්තන් ප්‍රදේශයේ කල සංචාරයකදීද ගොවීන් විසින් ලංකා බැංකුවෙන් ලබාගත් වගා ණය පිළිබඳව කල නාමල්ට කළ පැමිණිල්ලකින් පසු ඔහු ගොවීන් සමඟ ගාමිණි වික්‍රමසිංහ මහතාට බැන වැදී තිබුනේ "ඔය බැංකුවේ සභාපතිවරයාත් පිස්සු. මෙහේ ඉන්න මැනේජර්ටත් බාගෙට පිස්සු" යැයි කියමිනි.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පිරිසක්‌ රැකියාවලට නොගෙන ඉවත් කරලා යනුවෙන් එම ගැටුම හටගත්තද එයට මූලික වී ඇත්තේ වෙනත් සිදුවීමකි.

නාමල් හා මෙම බැංකු සභාපතිවරයා අතර ගැටුමට මූලික හේතුවී ඇත්තේ ඇමති ජොන්ස්ටන්ගේ ගෝලයෙකුට මිලියන 50ක ණය මුදලක් අනුමත කර දෙන ලෙසට ජොන්ස්ටන් දුන් දුරකථන ඇමතුමක් මෙම සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

අනතුරුව ජොන්ස්ටන් විසින් එය පැමිණිළි කර තිබෙන්නේ නාමල්ටය

කෙසේ හෝ මෙම ගැටුමේ අවසාන ප්‍රථිපලයක් ලෙස ගාමිණී වික්‍රමසිංහ මහතා විසින් අද දින සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම අනුමත කර තිබේ.

ඉල්ලා අස්වීම බාර දුන්නද මෙම වසරේ අවසානය දක්වා ඔහු සිය තනතුරේ සේවය කරන අතර ජනාධිපතිවරයා කසක්ස්ථාන් සංචාරයෙන් පසු ඇමරිකාව බලාපිටත්ව ගොස් ඇති නිසා එම පැමිණීමෙන් පසු නව සභාපතිවරයෙක් පත් කරනු ඇති.








Source: http://www.gossip9.com/2012/11/blog-post_435.html#ixzz2D5KThf1I

Share this article with your friends