Chitika Smowtion 468x60


Saturday, November 24, 2012

සාදින්නාගල කන්දෙන් රාවණා රජුගේ බවට සැක කෙරෙන උමං මඟක් හමුවේ

උමා ඔය ව්‍යාපෘතිය සඳහා සාදින්නාගල කන්දේ ඇති කුඩා පර්වතයක බෝර දමා පුපුරවා හැරීමේදී මීට වසර 7,500කට පමණ පෙර රාවණා රජු සමයේ භාවිතා කරන්නට ඇති බවට සැක කෙරෙන උමඟක් මතුවී තිබෙනවා.

මෙම උමඟ ග අඩි 11ක් පමණ උසකින්ද අඩි 5ක් පමණ පලලින්ද යුක්තය. පහලට ගමන් කල හැකි පඩිවෙලක්ද තිබෙන මෙහි බිත්ති සියුම් ලෙස උප දමා ඇති බවට වාර්තාවේ.

උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය සඳහා මෙම කැනිම් කටයුතු කර තිබෙන්නේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 10 කනුව, ප්‍රදේශයේ සාදින්නාගල කන්ද හරහාය.

රාවණා ඇල්ල හරහා වැටී ඇතැයි සැළකෙනම මෙම උමං මාර්ගය ඔස්සේ රාවනා රජු ඇල්ල වැල්ලවායේ සිට බණ්ඩාරවෙල පන්සල දක්වා එකල ගමන් කරන්නට ඇතැයි සැක කරන අතර මේ වනවිට දැඩි ආරක්ෂාවක් එම ප්‍රදේශයට දමා ඇති බව වාර්තාවේ.

හමුවූ රාවණා උමඟේ ජායාරූපයක් පහතින්.



පසුගිය සැප්තැම්බර් මාසයේද දර කඩා ගැනීමට ගිය ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුට බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරදගොල්ල උඩකිරින්ද ග්‍රාමයේ ගල්පර්වතයක් යටද රාවණා රජුගේ බවට සැක කළ උමඟක් හමුවූ අතර ඉන්පසු එම උමඟට කුමක් සිදුවුනාදැයි දැනගන්නට ලැබුනේ නැත.






Source: http://www.gossip9.com/2012/11/blog-post_19.html#ixzz2D4yiCJt6

Share this article with your friends