Chitika Smowtion 468x60


Saturday, November 24, 2012

කොස්ගොඩ නදුන් අත්අඩංගුවට

ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සිදුකොට රටින් පලා ගොස් සිටි "කොස්ගොඩ නදුන්" නැමැති පාතාල සාමාජිකයා සිංගප්පූරුවේ දී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කර තිබේ.

මොහු මෙරටට පැමිණීමේදී, ගුවන් තොටුපොලපොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරමින් සිටියි.

දකුණේ ක‍්‍රියාත්මක වූ ප්‍රබල පාතාල කල්ලියක නායකයෙකු වූ මොහු, අම්බලන්ගොඩ, ඌරගස්මන්හංදිය, කොස්ගොඩ සහ ඇල්පිටිය ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සිදුවූ මිනිස් ඝාතන පහළොවක පමණ සෘජු සම්බන්දතාවයක් ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.



මොහු පාතාලය හා සම්බන්ධ වීමට ප්‍රථම පොලිස් විශේෂ කාර්ය බළකායෙ සෙබළෙක් ලෙස සේවය කර ඇති අතර රටින් පලායන විට තිහකට අධික සේවයෙන් පැනගිය විශේෂ බළකායෙ සෙබලුන්, කමාන්ඩෝ සෙබලුන් පොලිස් හා හමුදා සෙබළුන්ගෙන් සමන්විත ප්‍රබල පාතාල කල්ලියකට හිමිකම් කියන ලදී.

තවද ලංකාවේ ප්‍රථම වතාවට ඔහු විසින් තම පාතාල කල්ලියේ පුහුණුවීම් සඳහා වෙඩි පිටියක් බලපිටිය මදු ගඟේ දුපතක පවත්වා ගෙනයන ලදී. අම්බලන්ගොඩ ,කොස්ගොඩ ප්‍රදේශවල පොලිස් ස්ථානවල සහ දේශපලකයන්ගේ නොමද අනුග්‍රහය යටතේ වැජබුණු මොවුන් ආමි කලිසම් ඇඳ T 56 අවි රැගෙන නිල හමුදාවක ස්රුපයෙන් ගමේ සැරිසැරූ බවද වාර්තාවේ.

අම්බලන්ගොඩ රත්රන් භාණ්ඩ කඩයක් මංකොල්ලකෑමට ගොස් වැරදි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඉන්දියාවට පලා ගොස් ඇති මොහු වසරකට ආසන්න කාලයක් ඉන්දියාවේ සැඟව සිට පසුව ඉතාලියට ඔහු ගොස් ඇත්තේ මීට වසර 4කට පමණ පෙරය.

ඉතාලි ගිය ඔහු, හික්කඩුව,ගාල්ල,රත්ගම,වෙන්නප්පුව බලපිටිය ආදී ප්‍රදේශ වලින් යුරෝපයට ගොස් වෙන් වෙන්ව සිටි පාතාල සාමාජිකයන් එකතුකර මිලනෝ නගරය ප්‍රධාන කොටගෙන වෙනම පාතාල කණ්ඩායමක් නිර්මාණය කරනලදී. මෙය එතෙක් යුරෝපය තුල කප්පන් ගනිමින් මිනිසුන්ට තර්ජනය කරමින් කුප්‍රකට ලෙස පාලනයකළ කල ඉතාලියේ සිටි "කොළඹ පාතාලය" කියා ගත් පිරිසට මාරු පහරක් විය .

අවි බලයෙන් නදුන් සමග සටන් වැදීමට බියවූ කොළඹ පාතාලය මාධ්‍යයට මුදල් වියදම් කරමින් මාධ්‍යය හරහා නදුන් කොටු කරගැනීමට උත්සාහ දැරිය. මේ හේතුකොටගෙන යුරෝපයෙන් සිංගප්පුරුවට පලාගිය නදුන්, වීසා නොමැතිව රැඳී සිට එරට නිලධාරීන්ට හසුවී ඇත.

මීට සති කිහිපයකට පෙර සුදු වැන් රියකින් පැහැරගෙන යනලද කොස්ගොඩ ආයු ටිරාන් ද සොයිසා, නඳුන්ගේ කණ්ඩායමේ සුජිත්, ඇන්ටන් හා රන්දොඹේ හින්නා යන අය සම්බන්දයෙන් ද මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා නොවෙන අතර මෙම සිද්දියත් සමග කොස්ගොඩ නදුන්ද ලංකාවේ පාතාලයේ තවත් එක් කුප්‍රකට කළු චරිතයක් ලෙස අතීතයට එකතුවනු ඇත. සමාජයට පිළිලයක් වන පාතාලය සමාජයෙන් ඉවත් කිරීම එක්තරා විදියකට සතුටු වියහැකි කරුණකි. නමුත් අවධානය යොමුකළයුතු කරුණ නම් මෙය තුලින් පාතාලය නතර වන්නේද යන්නයි.

පාතාලය කිසිවිට ස්වාදීනව වර්ධනය වන්නේ නැත. දශක ගණනාවක් මුළුල්ලේ පාතාලය බිහිවුවේද පෝෂණය කරන ලද්දේද රැකබලා ගනුලැබුවේද දේශපාලකයන් විසිනි. තම දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා මෙන්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන කණ්ඩායම් මර්ධනය සඳහා ද නිරතුරුව පාතාල කල්ලි වල සහය ලබාගන්නා දේශපාලකයන් එම කල්ලි තමාට පාලනය කිරීමට අපහසු වනවිට පොලිසිය යොදා මර්ධනය කරයි.

මේ හේතුකොටගෙන කිසිවිට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් අධිකරණයට ඉදිරිපත් නොකරනු ලබයි .ඒ ඔවුන් පසුපස සිටින දේශපාලකයන් හෙළිවන බැවිනි. එහෙත් සිදුවිය යුතේ නිසි පරිදි යුක්තිය විමසා සැබැ වැරදිකරුවන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් දීමයි.

ශ්‍රී ලංකාව සද්ධර්ම රාජ්ජයක් බවත් එනිසා මරණ දඬුවම ක්‍රියාත්මක කල නොහැකි බවත් මාධ්‍යය හමුවේ සැදැහැවත් දේශපාලකයන් පවසා සිටියි. එසේ මාධ්‍යය තුලින් ප්‍රකාශ නිකුත් කරන අතරම පාතාලයට සම්බන්ද පිරිස් කිසිඳු විභාග කිරීමකින් තොරව පාරවල් ගානේ මාර දමනු ලබයි. බොහෝවිට කිසිදු සොයාබැලීමකින් තොරව සිදුවන මෙම ඝාතන වලට අවසානයේ ගොදුරුවන්නේ කිසිඳු සම්බන්ධයක් නොමැති අහිංසකයන්ය.

මීට සති කිහිපවකට පෙරද පොද්දලදී මෙලෙසම ඝාතනය කෙරුණු තරුණයන් හතර දෙනා පාතාල ක්‍රියාවලට කිසිඳු සම්බන්දයක් නොමැති අහිංසකයන් බව දැන් අනාවරණය වී ඇත.








Source: http://www.gossip9.com/2012/11/blog-post_21.html#ixzz2D5Bbc6RP

Share this article with your friends