කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්රකාශ කර තිබුණා.ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්රශ්නයක් නෑ.
එම කතාවට පාර්ලිමේන්තු මංත්රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි.








