Chitika Smowtion 468x60


Monday, January 9, 2012

විභාගයක් ගැන විශ්වාසයක් නැති රටක්


මෙවර උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වූයේ විභාග දෙපාර්තමේන්තුවේ නිරුවත ලොවටම පෙන්වමිනි. විභාග ඉතිහාසය තුළ විභාග දෙපාර්තමේන්තුව ලක්වූ දරුණුතම නින්දාවට ඇද දමමින් මෙතෙක් අතිශය විශ්වසනීය වූ නිකැළැල් විභාග ක‍්‍රියාපරිපාටියම බින්දුවට ඇද දැමීමට සමත් වූ සිදුවීම විභාග කොමසාරිස්වරයාගේ නොකටයුතුකම් ලැයිස්තුව ද තවදුරටත් තරකළේය. විභාග කොමසාරිස්වරයා සේවයෙන් ඉවත් වීමට ඔන්න මෙන්න කියා තිබියදී උසස් පෙළ ප‍්‍රතිඵල අවුල් සහගත ලෙස පිට කිරීමට වගකිවයුත්තාද කොමසාරිස්වරයාම බව දසතින් චෝදනා එල්ල විය. විභාග කොමසාරිස්වරයා කොරහත් බිඳගෙනම යන්නට යන බව ඇතැම්හු කීහ.

සිසුන් දෙලක්ෂ අනූ හතර දහස් අටසිය හැට එකක් පෙනී සිටි 2011 උසස් පෙළ විභාගය අගෝස්තු 8 වනදා සිට සැප්තැම්බර් 3වනදා දක්වා පැවැත්වුණු අතර සිසුහු විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගයට පෙනීසිටියහ. ඉන් එක්ලක්ෂ හතලිස් හත් දහස් හත්සිය හැට එකක් නව නිර්දේශය යටතේද එක්ලක්ෂ හතලිස් හත්දහස් හත්සියයක් පැරණි නිර්දේශය යටතේද විභාගයට මුහුණ දුන්හ. විභාගය හාහුවක් නොමැතිව පැවැත්වුණද විභාගය අවසන් වූ දා සිටම විභාගයේ අවුල් විවිධ පාර්ශවයන් විසින් පෙන්වා දෙන්නට විය. සිංහල ප‍්‍රශ්න පත‍්‍රය සකස්කළ ආචාර්ය මණ්ඩලයේ ආධුනික ස්වරූපය ගැනත් ආර්ථික විද්‍යාව ඇතුළු තවත් ප‍්‍රශ්න පත‍්‍ර රැසකට විෂය නිර්දේශයේ නොවූ මහින්ද චින්තන ප‍්‍රතිපත්තියත් අන්තර්ගත වූ බවට චෝදනා නැගෙන්නට විය. පුංචි පුංචි කළු පැල්ලම් මෙවර උසස් පෙළ විභාගයට මුල සිටම එක් වූවද ටික කලෙකින් සියල්ල අමතක වී ගියේය.

පෙරේදා දින තුළ පමණක් බාල වයස්කාර දැරියන් තිදෙනෙක් දූෂණය කරලා


ixpdrl hqj;shka mjd ,xldfõ foaYmd,k n,j;=ka úiska ¥Ikh lroa§ Bfha oskfha muKla Y%S ,xldfõ nd, jhialdr oeßhka ;sfofkl= ¥IKh lr we;s nj fmd,sishg jd¾;d ù ;sfí' tla jhi wjqreÿ 13 l ±ßhla ¥IKh lr we;af;a jhi wjqreÿ 62 l cvfhls'

yqx.u fmd,sia jifï f.dagïnr.u m%foaYfha§" fuu jhi wjqreÿ 13 la jQ nd, jhialdr ±ßhg nrm;, ,sx.sl wmrdOh isÿl< jhi wjqreÿ 62 la jQ iellre w;a wvx.=jg f.k we;'

fojekak ;Ku,aúf,ka jd¾;d jk w;r ;Ku,aú, fmd,sia jifï ;sjq,awdr m%foaYfha jhi wjqreÿ 14 l nd,jhialdr ±ßhla oQIKh lr we;s njg Bfha ;Ku,aú, fmd,Sishg meñKs,a,la ,eî we;'

ගෝලයින් පැහැරගෙන යද්දී මර්වින් සැඟවේ


ඩොනල්ඞ් රංජිත් පෙරේරා නොහොත් පානදුරේ ඩොනල්ඞ් හා මාලිගාවත්තේ ඩොනල්ඞ් යන නම් වලින් පෙනී සිටින මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරන ලේකම්වරයා ඊයේ (07) පෙරවරුවේ නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතත්, ඔහු සම්බන්ධයෙන් සොයාබැලීමට ඇමතිවරයා මේ දක්වා කටයුතු කර නැතැයි ඔහුගේ ගෝලබාලයින් චෝදනා කරති. මෙම පැහැරගෙන යෑම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාධ්‍යවලට ලබානොදෙන ලෙස නාදුනන කිහිප දෙනෙකු ඊයේ ඩොන්ල්ඞ්ගේ බිරිඳවන කුමාරි මහත්මියට තර්ජනය කර තිබේ.

මර්වින් ඉවත්කොට කැළණිය බැසිල්ට !


අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැළණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත්කොට ගම්පහ දිස්ත‍්‍රික් නායක අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා එම ආසනයේ සංවිධායක ලෙස පත්කරන ලෙස කැළණියේ වැඩවාසය කරන ප‍්‍රධාන හිමිවරුන් කිහිප දෙනෙකු ඊයේ (07) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මර්වින් ඇමතිවරයා සහ කැළණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් අතර ගැටුම මාරාන්තික බව පවසා ඇති උන්වහන්සේලා, ගම්පහ දිස්ත‍්‍රික් නායක බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට එම දිස්ත‍්‍රික්කයේ නිශ්චිත ආසනයක් නොමැති බැවින් ඔහුව කැළණියට පත්කිරීම ජනාධිපතිවරයාටද වඩාත් වාසිසහගත බව වදාරා තිබේ.

ජනාධිපතිගෙන් ජී.එල් ට කුණු බැනුම්


ප‍්‍රංශයේ ‘ලා පෝස්ට්’ තැපැල් සේවය එල්.ටී.ටී.ඊ හිතවාදී මුද්දර නිකුත් කර තිබීම සම්බන්ධයෙන් කෝපයට පත් ජනාධිපතිවරයා, ඒ පිළිබදව අවශ්‍ය පියවර නොගත් බවට චෝදනා කරමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාට සුද්ද සිංහලෙන් බැනවැදී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය. ප‍්‍රංශයේ ශ‍්‍රි ලංකා තානාපති කාර්යාලට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනුයුක්ත කර තිබියදී මෙවැන්නක් සිදුවන බවට මුලදීම වාර්තා නොවිම බරපතල කාරණයක් බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

උගත්පාඩම් නිර්දේශ ජනාධිපතිවරණයකින් පසුවට


උගත්පාඩම් කොමිසමේ නිර්දේශ තමාට ක‍්‍රියාත්මක කළ හැක්කේ ඉදිරි ජනාධිපතිවරණයකින් පසුව බව ජනාධිපතිවරයා ඔහුගේ සමීපතම හිතවතුන් කිහිප දෙනෙකු සමග පසුගිය දා ප‍්‍රකාශ කර තිබේ. තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පවසා ඇති ජනාධිපතිවරයා, ජාත්‍යන්තර බලපැම් මත කටයුතු කර සිංහල බෞද්ධ ඡුන්ද පදනම නැතිකර ගැනීමට නොහැකි බවත්, ඉන්දියාව කොතෙක් බලපෑම් කළද 13වන සංශෝධනය එම ජනාධිපතිවරණය අවසන්වනතෙක් ක‍්‍රියාත්මක නොකරන බවටත් අවධාරණය කර තිබේ.

ජෙනරාල් නිදහස් කිරීමට ඇමෙරිකාව සමග ‘ඞීල්’ එකක්


තමාට එරෙහිව ඇමෙරිකානු අධිකරනයේ විභාග වීමට නියමිත නඩුව ඉවත් කොට තමාට නිදහසේ එරට සංචාරය කිරීමට අවකාශ සලසා දෙන්නේනම්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබදව සලකා බැලිය හැකි බවට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකානු නියෝජිතයෙකුට දැනුම්දී තිබේ.
ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස එම ඇමරිකානු නියෝජිතයා ජනාධිපතිවරයා හමුවී කළ ඉල්ලීම හමුවේ ජනාධිපතිවරයා එම කාරණය සඳහන් කර ඇත.

AL නැවත සමීක්ෂණ ආදායම රුපියල් කෝටිය ඉක්මවයි


උසස්‌ පෙළ විභාගයේ ලකුණු සඳහා සකස්‌ කරන ලද Z සූත්‍රය වැරදි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආර්. ඕ. තටිල් මහතා පවසනවා. 2001 වසරේ සිට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේ Z ලකුණු ක්‍රමවේදය හඳුන්වාදුන්නේ මෙම මහාචාර්යවරයායි. 

මෙවර Z ස්කෝර් ලකුණු ලබාගැනීම සඳහා විචල්‍යතාවය සහ මධ්‍යන්‍ය අගය ගණනය කර ඇති බවත්, නව නිර්දේශ හා පැරණි නිර්දේශය වෙන වෙනම ගණනය කර කිසියම් විදියකට මෙම අගයන් දෙක එකට එකතු කර එකක් සාදා එමගින් අපේක්‍ෂකයන් දෙකොට්ඨාශයටම එක Z ස්කෝර් අගයක් සෑදීම වැරදි බවත් ඔහු පවසනවා.

තවද අන්තිම සමීකරණ දෙකෙන් අලූත් මධ්‍යන්‍යක් සාදා පළමුවැනි සමීකරණය සමග එකට එකතු කර ඇති ආකාරයද වැරදි බවත් මහාචාර්ය තටිල් මහතා පෙන්වා දෙනවා. ඔහු මෙම අදහස් පල කර තිබුනේ දිවයින හා රාවය පුවත්පත් වලටයි.




Share this article with your friends