Chitika Smowtion 468x60


Monday, January 9, 2012

මර්වින් ඉවත්කොට කැළණිය බැසිල්ට !


අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැළණිය ආසන සංවිධායක ධූරයෙන් ඉවත්කොට ගම්පහ දිස්ත‍්‍රික් නායක අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා එම ආසනයේ සංවිධායක ලෙස පත්කරන ලෙස කැළණියේ වැඩවාසය කරන ප‍්‍රධාන හිමිවරුන් කිහිප දෙනෙකු ඊයේ (07) ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මර්වින් ඇමතිවරයා සහ කැළණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් අතර ගැටුම මාරාන්තික බව පවසා ඇති උන්වහන්සේලා, ගම්පහ දිස්ත‍්‍රික් නායක බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයාට එම දිස්ත‍්‍රික්කයේ නිශ්චිත ආසනයක් නොමැති බැවින් ඔහුව කැළණියට පත්කිරීම ජනාධිපතිවරයාටද වඩාත් වාසිසහගත බව වදාරා තිබේ.

බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා දොම්පේ ආසන සංවිධායක ධූරය අපේක්‍ෂාවෙන් සිටින බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කොට ඇති අතර, දොම්පේට වෙන  ඕනෑම කෙනෙකු පත්කොට කැළණිය බැසිල්ට ලබාදෙන ලෙස මෙහිදී උන්වහන්සේලා දැඩි ලෙස ඉල්ලා තිබේ.

මර්වින් ඇමතිවරයා, ‘දුටුගැමුණු රාජවංශය’ක් ගැන කතාකරන හෙයින් ඔහුට අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායක ධූරයක් ලබාදීම වඩාත් ඵලදායක විය හැකි බව එක් නාහිමි නමක් මෙහිදී පවාසා තිබේ. දිසානායකවරුන් රජරට පවත්වාගෙන යන දේශපාලන ආධිපත්‍ය මට්ටුකිරීමටද එය පිටිවහලක් විය හැකි බව තවත් හිමිනමක් පෙන්වා දී තිබේ.

මේ වනවිට නිහඩ පිලිවෙතක් අනුගමනය කරන අග‍්‍රාමාත්‍යවරයාගේ බෑනාවන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අනාගතයේදී නාමල් රාජපක්‍ෂ මහතාගේ දේශපාලනයට තර්ජනයක් විය හැකි බැවින් මර්වින් සිල්වා වැනි ජනාධිපතිවරයාට හිතවත් අයෙකු එස්එම් චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ සහායට අනුරාධපුරයේ රඳවා තැබීම කාලෝචිත බව උන්වහන්සේලා වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

එහෙත් එම හිමිවරුන්ගේ අනුශාසනාවලට නිශ්චිත ප‍්‍රතිචාරයක් දක්වා නොමැති ජනාධිපතිවරයා, මර්වින් සිල්වා අමාත්‍යරවයා දේශපාලනික වශයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා එම යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේදී සලකාබලන බවට පොරොන්දු වී තිබේ.

විමල් වීරවංශ සහ මර්වින් සිල්වා වැනි අමාත්‍යවරුන්ගේ කටේ හයිය ආණ්ඩුවේ ආරක්‍ෂාවට විශාල පිටුවහලක් වී ඇතැයි එහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා, එවැනි පුද්ගලයන් මෙල්ලකර තබාගැනීම සඳහා තමා කටයුතු කරන බවටද එම හිමිවරුන්ට සහතික වී ඇත.






Source : lankanewsweb.com

Share this article with your friends