Monday, June 25, 2012
සරසවි සිසුන් අතරට හමුදා ඔත්තුකරුවන් යැවීමේ සැලසුමක් ?

මෙහි පළමු පියවර ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි යුද හමුදා මූලස්ථානය විසින් දිවයිනේ පිහිටි සෑම හමුදා කඳවුරකටම ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ එම හමුදා කඳවුරු වල සේවය කරන යුද සෙබළුන්ගෙන් අ.පො.ස. (උසස්) පෙළ දක්වා හෝ සරසවි අධ්‍යාපනය ලැබූ අය වෙත්නම් වහාම ඔවුන් පිළිබඳව දන්වා එවන ලෙසයි. එම ලිපිය යවා ඇත්තේ එවැනි හමුදා නිලධාරීන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විවිධ සරසවිවලට අනුයුක්ත කිරීමට විශේෂ පාඨමාලාවක් ඇරඹීමට නියමිත බව සඳහන් කරමිනි.
එ.ජා. සරනාගත කොමිසම රහස් තොරතුරු ආරක්ෂ අමාත්‍යාංශයට දෙයි?

මෙයට හේතු වී ඇත්තේ එහි ලියා පදංචි වී සිටින 150කට වැඩි ඉරාන, ඇපගනිස්ථාන දසහ පකිස්ථාන ජාතික සරණාගත පුද්ගලයින්ට දින හතරක් ඇතුළත ශ‍්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ආරක්ෂ අමාත්‍යාංශය යටතේ ඇති ආගමන සහ විගමන දේපාර්ථවේන්තුව විසින් නියෝග කිරීමය.
ඊටත් වඩා ප‍්‍රශ්ණයට හේතු වී ඇත්තේ එම පුදගලයින්ට යවන ලද ලිපි වල ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි දේශීය කාර්යාලය විසින් ලබා දී ඇති අංකයන් ද සඳහන් කර තිබීමය. මෙම අංක ආරක්ෂ අමාත්‍යාංශයට ලබා දී ඇත්තේ කොළඹ යූ.එන්.එච්.සී.ආර් කාර්යාලයෙනි.
නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ කෑ පතේ පහරයි!

නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා මෙසේ මෙම අනර්ථකාරී ක්‍රියාව සිදු කොට ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය භාරව කටයුතු කරන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතය. හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතාට අයිති මෙකී භූමි පරිශ්‍රය අනවසර ගොඩකිරීමක් බවත් එහි ඉදිකර ඇති ඉදිකිරීම් සියල්ලම අනවසර ඉදිකිරීම් බවත් පවසමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසියේ සහ යුද හමුදාවේ නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක් යොදවමින් මෙම අනර්ථකාරී ක්‍රියාව සිදු කර තිබේ.
වෘත්තීය සමිති නායකයින්ට හා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එරෙහි ආණ්ඩුවේ මර්ධනය වහා නවතනු

ආණ්ඩුව, ආණ්ඩුවට එරෙහිව මතුවන සමාජ මතයන්, ක්‍රියාකාරීත්වයන් සුදු වෑන් යොදා ගනිමින් කරනු ලබන පැහැර ගැනීම් හරහාත් එහි අවසානය රාජ්‍ය නිල ත්‍රස්තවාදය යොදා ගනිමින් සිදු කරන පුද්ගල ඝාතනයන් හරහාත් සිදුකරමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී වියරු හැසිරීම හෙළා දකින අතර රජයේ ආරකෂක අංශ මගින් හෝ රජයේ වෙනත් කණ්ඩායම් මගින් හෝ අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාටත්, පවුලේ සාමාජිකයින් වෙතත් එල්ල වෙමින් පවතින මර්ධනීය ක්‍රියාමාර්ග දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට එල්ල වන තර්ජන හෙළා දකිමු!

'එජාපය යනු ජනතා හඬට කන් දෙන පක්‍ෂයක්’ - දයා ගමගේ

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව කිසිදු දේශපාලන උසිගැන්වීමකින් තොරව හලාවත පැවති සාමකාමී ධීවර උද්ඝෝෂණයක් ඉලක්ක කොට එල්ල වූ පොලිස් වෙඩි ප‍්‍රහාරයට ලක්වූ ධීවරයින් තිදෙනෙකුගේ පවුල් වෙත රු. ලක්‍ෂ 25ක් වටිනා බෝට්ටු තුනක්, දරුවන් වෙත විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපන ශිෂ්‍යත්ව හා පොත් ප‍්‍රදානය කිරීම හලාවත ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවති අවස්ථාව අමතමින් ගමගේ මහතා ඒ බව කීය.
ඉන් එක් ධීවරයෙකු ඇන්තනී වෙඩි ප‍්‍රහාරයෙන් මරුමුවට පත්වූ අතර, කිංස්ලි නමැති ධීවරයා පසුගියදා ගෙල වැලලාගෙන සියදිවි නසාගත්තේ, වෙඩි ප‍්‍රහාරයේදී තම කකුලක් අහිමි වීම නිසා පවුලේ ජීවනෝපාය ඉපයීමට තමා අසමත් වීම පිළිබඳව කලකිරීමට පත්වීමෙනි.
තානාපති කාර්යාල වලදී විකිණෙන අපේ ළඳුන්

රටේ ජීවනාලිය බඳු කාන්තාව මැදපෙරදිග කදුළු මතින් ගෙනෙන විනිමයට කණකොකා හැඞීමට පටන් ගෙනඇති බව අපට දැන් නිතර නිතර මාධ්‍යමගින් දැනගන්නට ලැබෙන සුලභ පුවතකි. ගෘහ සේවිකාවන්ගෙන් බහුතරය මැදපෙරදිග රටවලට යන අතර ඔවුන් එහිදී අනේක දුක් ගැහැටයන්ට මුහුණදෙති.
Subscribe to:
Posts (Atom)
