හම්බන්තොට ඉදිකෙරෙන පරිසර හිතකාමී මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීම් කටයුතු මේ වන විට 50%කින් අවසන් කර ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (11) සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙම ගුවන් තොටුපොළ මෙම වසර අවසානයේ දී ඉදිකිරීම් කටයුතු අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇති අතර මේ ඔස්සේ මගීන් ප්‍රවාහනය සඳහා 40%ක ධාරිතාවකුත් , ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා 60%ක ධාරිතාවකුත් වෙන් කිරීම සඳහා පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

එමෙන් ම ලෝකයේ ඕනෑ ම ගුවන් තොටුපොළක් ඔස්සේ හැසිරවිය හැකි ගුවන් යානා මෙම ගුවන් තොටුපොළ පර්යන්තය හරහා හැසිරවිය හැකි වීම මෙහි ඇති විශේෂත්වයක් වන බව අමාත්‍යවරයා තවදුරටත් මෙහි දී පෙන්වා දුන්නේය. මෙහි ඉදිකෙරෙන ගුවන් යාත්‍රාංගණය තුළ එක වරක දී ගුවන් යානා 10ක් නැවැත්වීමේ පහසුකම් තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ECB
Source : news.lk