Chitika Smowtion 468x60


Thursday, January 12, 2012

ෆෙඞ්රිකාට මානසික ආබාධයක් තිබේදැයි සොයා බැලීමට යයි


සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නේදැයි වෛද්‍ය වාර්තාවක් මගින් සොයා බැලිය යුතු බව පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අදහස වී ඇතැයි මිරිහාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
තමා පසුපස මෝටර් සයිකල්කරුවකු හඹා ආවේ යැයි චෝදනා කරමින් ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය විසින් කළ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළකු මේ වනවිට රිමාන්ඞ් භාරයට පත් කර ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්‍ෂණ පිළිබඳව අප කළ විමසීමේදී එම පොලිස් නිලධාරියා එසේ කීය.


සිය පෙම්වතිය බැහැදැක එමින් සිටියදී ඇගපසඟ පෙනෙන ලෙස හැද වාහනයක යමින් සිටි තැනැත්තියක් දෙස තමා කිහිපවරක් බැලූ නමුත්, ඇය පසුපස හඹා නොගිය බව එම නාවික හමුදා නිලධාරියා මිරිහාන පොලිසියට කටඋත්තරයක් ලබාදී ඇත.
ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය පසුගිය කාලයේ මිරිහාන පොලිසිය වෙත මෙවැනි පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර, අදාළ නාවික හමුදා භටයා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ලැබුණු විශේෂ නියෝගයක් මතය.
සිය උඩහමුල්ලේ නිවසට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තර්ජනාත්මක ලිපියක් ලැබී ඇති බවත්, එය නීතීඥ ලද්දුවහෙට්ටි මහතාගේ මෙහෙයවීම මත සිදු කරන ලද බලපෑමක් බවට සැක කරන බවත් දන්වා 2011-10-26 වන දින ෆෙඞ්රිකා ජෑන්ස් මහත්මිය මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කළ බවත්, එහෙත් පසුදින පැමිණ එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගත් බවත් අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



Source : lankanewsweb.com

Share this article with your friends