Chitika Smowtion 468x60


Thursday, January 12, 2012

පැහැරගෙන යනු ලැබූ ඩොනල්ව මුදාහරී


පසුගිය දා සුදුවෑන් ඒකකය විසින් පැහැරගෙන යනු ලැබූ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරන ලේකම් ඩොනල්ඞ් රංජිත් පෙරේරා නොහොත් පානදුරේ රංජිත් නොහොත් මාලිගාවත්තේ රංජිත් නැමැත්තා ජනාධිපතිවරයාගේ නියෝගයක් මත ඊයේ (09) පස්වරුවේ නිදහස් කර තිබේ. නිදහස්වී පැමිනි ඩොනල්ඞ්, අද පස්වරුව වනවිටත් අඩුමතරමින් තමාට දුරකථන ඇමතුමක් හෝ ලබානොදීම පිළිබදව අමාත්‍ය මර්වින් සිල්වා මහතා බලවත් කනස්සලකින් සිටින බව වාර්තා වේ.

මහා පරිමානයෙන් කප්පම්ගැනීමේ චෝදනා මත මොහුව පැහැරගෙන යනු ලැබූ බව මර්වින් අමාත්‍යවරයාගේ කාර්්‍ය මණ්ඩලයේ නිලධාරියෙකු අප කළ විමසීමකදී පැවසීය.

එසේ පැහැරගෙන යනු ලැබූ ඩොනල්ඞ් නිදහස් කරගැනීම සඳහා පසුගිය දින දෙකෙහි මර්වින් සිල්වා අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ දෙපාමුල වැදවැටී ඉල්ලා සිටි බවත් ඒ අනුව ඔහුව නිදහස් කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයාට ජනාධිපතිවරයා විසින් නියෝග කර ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද මර්වින් සිල්වා ඇමතිවරයා වටා සිටි ජාවාරම්කරුවන් සියලූදෙනාම පාහේ මේ වනවිට ඇමතිවරයා අතහැර ගොස් ඇති බවත්, මර්වින් ඇමතිවරයා යන යන තැනට පෙනීසිටි ‘කොට රංජා’ ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතාගේ රැකවරන පතා පැනගොස් ඇති බවත් වාර්තා වේ.

මේ අතර කැළණිය ආසන සංවිධායකවරයා වන මර්වින් සිල්වා අමාත්‍යවරයා සහ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් අතර හටගෙන ඇති අභ්‍යන්තර ගැටුම සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ. ඒ සඳහා මර්වින් සිල්වා ඇමතිවරයාද එකඟත්වය පළකර ඇත.






Source : lankanewsweb.com

Share this article with your friends