
මදුවිත සාදය සඳහා මොහුට ආරාධනාවක් නොතිබුනද ඔහුව එම උත්සවයට රැුගෙන ගොස් ඇත්තේ ‘දිනමිණ’ පුවත්පතේ දීපාල් සමරසේකර හා ලේක්හවුස් ආයතනයේ ‘මඩකෝලම්’ ලියන චන්ද බණ්ඩාර යන මහත්වරුන්ය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල මහතා විසින් සංවිධානය කර තිබූ මෙම මදුවිත සාදය සඳහා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සහභාගී නොවීමද විශේෂයකි.
ඇමතිවරයා සහ ලේකම්වරයා ඇතුලූ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට විස්කි ලබාදී තිබියදී මාධ්‍යවේදීන්ට ලබාදී ඇත්තේ ඉතා ලාබ වර්ගයේ දේශීය අරක්කු වර්ගයකි. මදුවිත සාදයට පැමිණ සිටි මදුවිත ලෝලීන්ට ‘බයිට්’ නොතිබීම නිසා ඔවුන් එකිනෙකා ‘බයිට්’ කරගෙන ඇත. ඉහත ප‍්‍රහාරය හා ගැටුමද එසේ ‘බයිට්’ ප‍්‍රශ්නයකි.
මෙම මදුවිත සාදයට සහභාගී වූ මාධ්‍යවේදියෙකු අප වෙත කියා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉතිහාසය තුල පැවැත්වූ අසාර්ථකම සාදය මෙය බවයි. මාධ්‍යවේදීන්ට නිසි පරිදි කෑම බීම පවා නොතිබූ බවත්, බොහෝ දෙනෙකු නිරාහාරව ගියබවත්, ඔහු සඳහන් කළේය.
විශ‍්‍රාම යෑමට සිටින ලේකම්වරයා, ඇමතිවරයා සමග එකතුවී මෙම සාදයෙන්ද ලක්‍ෂ ගණනක් ගසාකන්නට ඇතැයි එම මදුවිත සාදයට සහභාගී වූ බහුතරයකගේ අදහස වූ බවද ඔහු පැවසීය.
Source : lankanewsweb.com