“රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා” මෙරට දුක්විඳි අවුරුදු තිහකට ආසන්න ත්රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කළත් එල්ටීටීඊයට මෙරට අස්ථාවර කිරීමට සහ දිනාගත නොහැකි වූ අරමුණු දිනාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහි ව මතයක් ගොඩනැගීම සඳහා දෙමළ ඩයස්පෝරාව ක්‍රියාකරන බවත් ඒ වෙනුවෙන් ඔවුන් සතු සුවිශාල මුදල් සම්භාරය වැයකරන කරන බවත් මේ ක්‍රියාමාර්ග අඩපණ කිරීමට සන්නද්ධ බුද්ධි අංශ ශක්තිමත් කළ යුතුයි බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
රාජපක්ෂ මහතා එසේ පැවසුයේ ‘ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවේ අනාගත අභියෝග’ මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පෙරේදා (10) පැවැත්වුණු ප්‍රසිද්ධ දේශනයට සහභාගි වෙමිනි.
මෙහිදී ඉතා සවිස්තරාත්මක ව කරුණු ඉදිරිපත් කළ ආරක්ෂක ලේකම්වරයා මානුෂීය මෙහෙයුම්වල දී අප හමුදාවන් ක්‍රියා කළ ආකාරය සහ එහි දී අහිංසක දෙමළ වැසියන් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාකළ ආකාරයත් පැහැදිලි කළේය. එයට අමතර ව මෙහෙයුම් සමයේ සහ එයට පෙර මෙරටින් පලා ගිය එල්ටීටීඊ සාමාජිකයින් මේ වනවිට ජාත්‍යන්තරයේ ක්‍රියා කරන ආකාරය සහ ඔවුන්ගේ ජාත්‍යන්තර ජාලය පිළිබඳවත් ඍජු ලෙස නොවූවත් ත්‍රස්තවාදී අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරන ඩයස්පෝරාවට අනුබද්ධ ආයතන ජාලය පිළිබඳ ව ද පැහැදිලි ලෙස කරුණු දැක් වූ ලේකම්වරයා දෙමළ ජාතියේ තුන්වැනි සහ හතරවැනි පරම්පරාවල දරුවන් සිට ම කුඩා කල සිට ම ශ්‍රී ලංකාව කෙරෙහිත් සිංහල ජාතිය කෙරෙහිත් වැරදි ආකල්ප ගොඩනංවන සහ බෙදුම්වාදී ජාතිවාදී අදහස් ක්රමික ව ගොඩනංවන අධ්‍යාපන ක්‍රමයක් සහිත යුරෝපයේ ක්‍රියාත්මක එල්ටීටීඊයට අනුබද්ධ පාසල් ජාලය පිළිබඳ ව ද කරුණු ඉදිරිපත් කරන ලදී.
එයට අමතරව අන්තර් ජාලය හරහා ක්‍රියාත්මක වන විද්‍යුත් තැපෑල, ෆේස් බුක්, ට්විටර්, ස්කයිප් වැනි බොහෝ දෙනා භාවිත කරන සමාජ ජාල හරහා ශ්‍රී ලංකාව අපකීර්තියට පත්කිරීම මෙන් ම ලංකාවට එරෙහි වැරදි මතවාද පතුරුවා හැරීමේ ව්‍යාපාර පිළිබඳ ව ද එහි ඇති බැරෑරුම්කම පිළිබඳ ව ද පැමිණ සිටි පිරිස් දැනුවත් කරන ලදී.
එයට අමතර මේ වනවිට ශ්‍රී ලංකාව පිළිබඳ ව එල්ටීටීඊය සහ දෙමළ ඩයස්පෝරාව ක්‍රියාකරන ආකාරයත් ඍජුව සහ වක්‍ර ආකාරයෙන් මෙරට කෙරෙහි කරුණු පිළිබඳ ව ද කරුණු ඉදිරිපත් කළ අතර පහත සඳහන් කරුණු පිළිබඳවත් ආරක්ෂක ලේකම් තුමන් පැමිණ සිටි පිරිස දැනුවත් කරන ලදී.
මුදාගත් ප්‍රදේශවල ක්‍රියාත්මක සංවර්ධන කටයුතු
පුනරුත්ථාපන කටයුතු සහ නැවත පදිංචි කිරීම්
උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ආරක්ෂක අංශ ක්‍රියාකාරිත්වය
එල්ටීටීඊය තවදුරටත් සිදුකරන අරමුදල් රැස්කිරීම් කටයුතු
රට තුළ අභ්‍යන්තර වශයෙන් සිදුකෙරෙන ආරක්ෂක කටයුතු
ඩයස්පෝරාව මානව හිමිකම් සම්බන්ධයෙන් මෙරටට නගා ඇති චෝදනා
උගත් පාඩම් සහ ප්රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව සහ එහි කරුණු ක්‍රියාවට නැංවීම
තවදුරටත් ආරක්ෂක කටයුතු වෙනුවෙන් අය-වැයෙන් මුදල් වෙන් කිරීම
ඇතැම් ප්‍රදේශවල හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගැනීමේ වැදගත්කම
රට අස්ථාවර කිරීමට විවිධ බලවේග රට අභ්‍යන්තරයෙන් ම ක්‍රියාත්මක වන ආකාරය
එසේ ම මෙහි දී ආරක්ෂක ලේකම් වරයා පැමිණ සිටි සියලුදෙනා වෙත අවධාරණය කොට සිටියේ අප රටක ත්රස්තවාදයට එරෙහි ව ලෙස ලැබූ ජයග්‍රහණය සුළුකොට නොතකන ලෙසත් එල්ටීටීඊය යනු 30000කට ආසන්න සන්නද්ධ සාමාජිකයින් සුළු සහ මධ්‍යම ප්‍රමාණ හා බර අවි, මිසයිල මෙන් ම ලොව වෙනත් ත්‍රස්ත සංවිධානයකට නො වූ නාවික සහ ගුවන් සටන් කළ හැකි අංශ සහිත වූ ලොව පුරා ක්‍රියාත්මක ප්රචාරක හා ක්‍රියාකාරී ජාලයක් සහිත සංවිධානයක් බවත් එය පරාජය කිරීම පහසු නො වූ බවත්, ඒ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයින් ඉතා විශාල කැප කිරීමක් කොට තිස්දහසකට ආසන්න රණ විරුවන් පිරිසක් ජීවිත පුජාකිරීමෙන් විසිපන්දහසකට ආසන්න පිරිසක් සිය ශරීරාංග කැපකොට ආබාධිත තත්ත්වයට පත්වීමෙන් මෙන් ම විශාල සිවිල් වැසියන් ප්රමාණයකගේ ජීවිත සහ දේපොළ පරිත්‍යාග කිරීමත් තුළින් ලබාගත් මෙම ජයග්‍රහණය තවදුරටත් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසටත් මෙරට සංවර්ධනය කරා යන ගමනේ ගමන්මග ශක්තිමත් කිරීමට එක්වන ලෙසත්ය.
මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ආචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා, එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්ධුල පද්ම කුමාර මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන්, නාවුක සහ පොලිස්පතිතුමන්, රජයේ අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි ලේකම්වරුන් ත්‍රිවිධ හමුදා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විවිධ වෘත්තිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.
HC/mod
- news.lk