Chitika Smowtion 468x60


Thursday, January 12, 2012

උසස් පෙළ විභාග ප්‍රතිඵල ගැටලු පිළිබඳ විද්වත් වාර්තාව ජනපතිට


AL exam commit report he
2011 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ නිකුත් කළ ප්‍රතිඵලවල දිස්ත්‍රික් කුසලතාව සම්බන්ධයෙන් මතු වූ ගැටලු අධ්‍යයන කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ වාර්තාව ඊයේ (11) ජනාධිපතිතුමා වෙත භාර දී තිබේ.

එම කමිටුවේ සභාපතිනි, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම්, ධාරා විජේතිලක මහත්මිය විසින් අරලියගහ මන්දිරයේ දී ජනාධිපතිතුමා වෙත එම වාර්තාව භාරදෙන ලදී.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ද විද්වත් කමිටුවේ සාමාජිකයින් වන කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිනි මහාචාර්ය ශානිකා හිරිඹුරේගම, මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන, ඌව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා සහ රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක් ව සිටියහ.

HC/pix: Sudath Silva
AL exam commit report
AL exam commit report 1

Share this article with your friends