
දේශපාලනඥයින්ගේ බලපෑම් හේතුවෙන් තමාගේ රැුකයාව පවා අහිමිවී යෑමේ අවධානමක් පවතින බව ඔහු පවසා තිබේ.
ඩලස් ඇමතිවරයාගේ බලපෑම මත සුනෙත් ලෝචන මහතා විසින් නිකුත් කළ ලිපිය පාදක කරගනිමින් මාතර මහනගර සභාවේ පුරපති හදුන්ගේ මහතා එහි විපක්‍ෂ නායක උපුල් නිශාන්ත මහතාට අද සභා රැුස්වීම තුළ අසුන් ගැනීමට ඉඩ නොතබා කාලගෝට්ටියක් කළේය.
තමාට උපුල් නිශාන්ත මහතා සමග පෞද්ගලික කොන්තරයක් නැති බවත්, මෙවැනි තීරණයක් ගනුලැබුවේ ඩලස් ඇමතිවරයාගේ බලපෑම මත බවත්, පුරපතිවරයාද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුන් කිහිප දෙනෙකුට පවසා ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරපතිවරයා ලෙස සිටි උපුල් නිශාන්ත මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය පලකිරීම හේතුවෙන් ඔහුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නෙරපා හැරි අතර ඔහුට එරෙහිව අභූත චෝදනා නගමින් දකුණු පළාතේ මහඇමතිවරයා විසින් පරීක්‍ෂණ්‍යක්ද ආරම්භ කරනු ලැබීය.
තවද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් මොහුව පුරපති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කළ අතර උපුල් නිශාන්ත මහතා එයට එරෙහිව අධිකරනයට ගොස් තනතුර ආරක්‍ෂා කරගැනීමට කටයුතු කළේය.
කෙසේ වුවද මහඇමතිවරයා විසින් මාස කිහිපයක් තිස්සේ සිදුකළ පරීක්‍ෂණයකින් පසු මොහුව මන්ත‍්‍රී ධූරයෙන් නෙරපා හැරීමට යෝජනා කළද ඔහු ඒ වනවිටත් පුරපති ධූරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්‍ෂයට එක්වී තිබිණ.
ඒ අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මාතර මහනරග සභාව සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ පුරපති අපේක්‍ෂකයා ලෙස තරග කළ උපුල් නිශාන්ත මහතා එම පක්‍ෂයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් විපක්‍ෂ නායක ධූරයට පත්විය.
උපුල් නිශාන්ත මහතා ඔහුගේ හැකියාවන් සහ වෘත්තීය දැනුමතුලින් මාතර නගරයේ සිදුකෙරෙන විංචා දූෂණ පිළිබදව නිරන්තරයෙන් සොයාබැලීම හා ඒ පිළිබදව මාධ්‍ය හරහා හෙලිදරව් කිරීම සන්ධානයේ මාතර දිස්ත‍්‍රික් නායක ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගේ කෝපයට හේතුවී තිබේ.
Source : lankanewsweb.com