Chitika Smowtion 468x60


Thursday, January 12, 2012

කැලණියේ ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරු දංගෙඩියට !


කැලණියේ ශී‍්‍ර ල.නි.ප. ආසන සංවිධායක අමාත්‍ය මර්වින් සිල්වා මහතා සහ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරුන් අතර හට ගෙන ඇති ගැටුමේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශී‍්‍ර ල.නි.ප. මහ ලේකම් අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහ එම පක්‍ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දී ඇත.
මර්වින් සිල්වා ඇමතිවරයාට එරෙහිව විනය පරීක්‍ෂණයක් නොකරන්නේ නම් කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් ඉල්ලා අස්වන බවට තමන්ට දැනුම් දී ඇතැයි මෛතී‍්‍රපාල සහ ඩලස් යන අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයා හමුවී කළ දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා එසේ සඳහන් කර තිබේ.


‘‘උන්ට ඉන්න බැරිනම් යන්න කියන්න.... එක එකා කියන පලියට ඇමතිවරු එළවන්න මට බැහැ. ඒ සේරම එවුන් කප්පම්කාරයො. උන් මර්වින්ගේ නම විකුණලා කප්පම් අරන්. මේ වගේ එවුන් අපට ඕන තරම් හොයා ගන්න පුළුවන්. ඒත් මර්වින් කෙනෙක් හොයා ගන්න එක ලෙහෙසි වෙන්නෙ නැහැ. ඒ නිසා අපි මර්වින්ව කොන්ට්‍රෝල් කරගෙන තියා ගන්න ඕන. ඒ නිසා මේ ප‍්‍රශ්නයට මාව ගාව ගන්නෙ නැතිව, ඔයාලම ප‍්‍රශ්නෙ විසඳ ගන්න. කියන විදියට වැඩ කරන්න උන්ට බැරිනම්, යන්න කියන්න’’ යැයි ජනාධිපතිවරයා මෙහිදී දැඩි ආවේගයෙන් යුතුව ප‍්‍රකාශ කර ඇත.
එහිදී ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසා ඇත්තේ, ජනාධිපතිවරයාට ප‍්‍රශ්නයක් නොවන ආකාරයට මෙම ප‍්‍රශ්නය විසඳා ගත යුතු බවයි.
බොහෝ මාධ්‍යවේදීන් මෙන්ම, පක්‍ෂයේද සමහර පිරිස් මර්වින් සිල්වා ඇමතිවරයාට විරුද්ධ බව පවසා ඇති අලහප්පෙරුම ඇමතිවරයා, ජනාධිපතිවරයා මර්වින් සිල්වාට පක්‍ෂපාතී බවට සමාජය තුළ පවතින මතවාදය දුරුකරලීම සඳහා ‘ප්ලාන්ට් නිවුස්’ කිහිපයක් පළ කිරීමේ අවශ්‍යතාවයද පැහැදිලි කර තිබේ.
අලහප්පෙරුම අමාත්‍යවරයාගේ යෝජනාව අනුමත කොට ඇති ජනාධිපතිවරයා, ජනාධිපති මාධ්‍ය අංශය හරහා ඒ සම්බන්ධ ප‍්‍රවෘත්ති කිහිපයක් පෞද්ගලික මාධ්‍යවල පළ කරන්නැයිද දැනුම් දී ඇත.



Source : lankanewsweb.com

Share this article with your friends