වෘත්තීය රාජ්‍යතාන්ත‍්‍රිකයන් නැවත අසරණ වෙයි

හම්සා මහතාගේ ඉවත් කිරීමෙන් ඇතිවන පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයාගේ දීර්ඝකාලීන පෞද්ගලික වෛද්‍යවරයාවන අජිත් රණවක මහතාගේ බිරිඳවන කෝකිලා රණවක මහත්මිය පත්කොට තිබේ. කෝකිලා රණවක මහත්මිය රාජ්‍යතාන්ත‍්‍රික සේවය සඳහා කිසිම පළපුරුද්දක් නොමැති තැනැත්තියකි. එකී පත්වීම හුදෙක් දේශපාලනමය කරුණු මත සිදුකරනු ලැබූවක් බව විදේශ අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය යටතේ වෘත්තීය රාජ්‍යතාන්ත‍්‍රිකයන් සඳහා පමණක් වෙන්ව තිබූ නියෝජ්‍ය මහකොමසාරිස් ධූරය පවා දේශපාලනික පත්වීම් සඳහා යොදාගැනීමෙන් වෘත්තීය රාජ්‍ය තාන්ත‍්‍රිකයන් ඉමහත් කළකිරීමකට පත්වී සිටින බව එකී අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජනවාරි 12, 04:15
Source : lankanewsweb.com